රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2020-07-30 07:15 GMT

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.

සමාජ මාධ්‍ය සටහන්

ෆේස්බුක් පිටුවක රුවන්වැලි මහා සෑයට ඇතුලු වන දොරටුව අසල තිබු මහා වෘක්ෂය අද සිට ඔබට සෙවනක් නොවනු ඇත. ඇයි මේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ යන වදන රෝපණය කර ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට ඉදිරිපත් කර තිබු ආකාරයට එයට හිමිවූ ප්‍රතිචාර රැසක් ගස කැපීමට විරුද්ධව කරුණු දක්වා තිබුණි.

LinkArchived LinkLinkArchived

එම තේමාව යටතේම “රුවන්වැලි මහා සෑය අබියස ඔබට සෙවනක් වූ ඒ මහා වෘක්ෂය විනාශ කර ඇත” යනුවෙන් පළවූ තවත් ෆේස්බුක් සටහනක් පහතින්.

LinkArchived

තවත් එවැනි සටහන් කිහිපයක් මෙසේය. Link 1 | Link 2 | Link 3

මෙම සිද්ධියට අලලා දේශපාලනික කෝණවලින්ද සටහන් ඉදිරිපත් වී තිබුණි.

LinkArchived

එමෙන්ම “දැක්කම නම් ලොකු දුකක් ඇතිවුනා තමයි..එත් මේ ගස කපන්න හේතුවක් තිබිලා. පසුගිය දවසක සිදුවූ අකුණු පහරක් වැදී ගසට දරුණු හානි සිදුවී ඇති අතර, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා මෙහි අතු කපා දමා ඇති බව සඳහන් වෙයි” යනුවෙන් පළවූ සටහන්ද ෆේස්බුක් පිටු කිහිපයක්ම විසින් හුවමාරු කරගෙන තිබුණි.

LinkArchived

රුවන්වැලි මහා සෑරදුන් අබියස තිබූ මාර ගස කපා දැමීම පිළිබඳව පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කර තිබූ මෙම සටහන් නිසා ඒ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

කරුණු විමර්ශනය කිරීම:

රුවන්වැලි මහා සෑරදුන් අබියස තිබූ මාර ගස කපා දැමීම පිළිබඳව කරුණු විමසීම සඳහා අප මුලින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. අප හා සම්බන්ධ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය, මාස කිහිපයකට ඉහත මෙම මාර ගසට අකුනක් වැදුණු බව සනාථ කළ අතර, මෙම ගස දිරාපත්ව තිබු බවද පැවසුවාය. රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමින්වහන්සේ මෙන්ම පොලිස් මුරපළේ සේවයකරන නීලධාරින්ද ගස කපා ඉවත් කළ යුතු බවට ප්‍රාදේශීය ලේකම් ගෙන් ඉල්ලා ඇති බව පැවසුවාය.

රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමින්වහන්සේ

අනතුරුව අප රුවන්වැලි මහා සෑයේ නායක ස්වාමින්වහන්සේ සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. මෙම පාරේ මාර ගස දිරාපත්ව, අනතුරුදායක තත්වයක ඇතිබව පොලිස් මුරපලේ නිලධාරින් දැන්වුයේ තෙවසරකට පෙර බවත්, මෑතකදි ගසට අකුණක් වැදුණු පසු තත්වය තවත් බරපතල වු බවත්, සෑරදුන්ගේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායක නිසා බොහෝදුරට අවට උස ගස්වලට, සමහර අවස්ථාවලදී අකුණු සැර වැදීමේ ඉඩකඩක්ද ඇති විය හැකි බවද උන්වහන්සේ පවසා සිටියා. අතු දිරාපත්ව තිබීම නිසා, වඳුරන් පනින අවස්ථාවන්හිදි, බිමට වැටෙන අතු කැබලි වැදි සැදැහැවතුන් හට සුළු තුවාල ඇතිවු බවට මෑතකදි නිතර වාර්තා වු බවද පැවසු උන්වහන්සේ, මේ හේතු සියල්ල සලකා බලමින් වසර 200කට වඩා පැරණි මෙම ගස කපා දැමීමට අකමැත්තෙන් වුවද තීරණයකර කල බව අපට දැනුවත් කළා .

මෙවැනි අනතුරුදායක තත්වයේ පවතින ගස් හතරක් හඳුනාගෙන ඇති බවත් පැවසු උන්වන්සේ විශාල ලෙස සැදැහැවතුන් නිතර ගැවසෙන ස්ථානයක් බැවින්, මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුමා දැණුවත් කළ පසු, රාජ්‍ය දැව සංස්ථාවටද දන්වා, ඔවුන්ගේ මාර්ගයෙන් එම ගස කපා ඉවත් කිරීමට කටයුතු කළ බව අපට දන්වා සිටියා. දැනට සෑරදුන් සීමාවේ ඇති ගස් වසර 200කට වඩා පැරණි බැවින්, නැවත ගස් සිටවීමේ ව්‍යාපෘති කිහිපයක්ද ක්‍රියාත්මක වන බව රුවන්වැලි මහා සෑ නායක හිමි දන්වා සිටියා.

ප්‍රවීන පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් ද මෙවැනි මාර ගස් වල ආයු කාලය පිලිබඳ විමසා සිටියදී අපට දැනගන්නට ලැබුනේ සාමාන්‍යයෙන් මෙම ගස්වල උපරිම ආයු කාලය අවුරුදු 200-300 අතර කාලයක් වන බවයි.

අනුරාධපුර දැව සංස්ථා කාර්යාලයේ කළමනාකාරතුමා

එසේම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා අප අනුරාධපුර දැව සංස්ථා කාර්යාලයේ කළමනාකාරතුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූවා. එහිදී දීර්ඝ විස්තරයක් ලබා දෙමින් එතුමා අපට තහවුරු කර සිටියේ මෙම ගස මෙන්ම පුජා නගරයේ ගස් රැසක අතු කැපීම මීට පෙර අවස්ථා ගණනාවකදී ද සිදුවී ඇති බවත්, විශේෂයෙන්ම පොසොන් පොහොය කාල සීමාව ආශ්‍රිතව බැතිමතුන් විශාල ලෙස නගරයට ඇදී එන සමයේ අවදානම් ලෙස හඳුනාගත් ගස් කැපීම හෝ අතු කපා දැමීම ප්‍රාදේශීය ලේකම්තුමා තම ආයතනය වෙත ලබාදෙන නිර්දේශ මත සිදුවන බවත්ය.

නායක ස්වාමීන් වහන්සේ මෙන්ම තමන්ද පෞද්ගලිකව මෙවැනි මහා වෘක්ෂ කපා දැමීමට අකමැති වුවත් මෙවැනි ගස් කිහිපයක් ම මෙම භූමියේ තිබෙන අතර එම බොහෝ ගස් දිරාපත් වී ඇති බවත් පවසා සිටියා. වෘක්ෂ දේවතාවන් වැඩ වසන්නේ යැයි ඇතැමුන් විශ්වාස කරන මෙවැනි ගස් කපා දැමීම බොහෝ පිරිස් හෙළා දකිමින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණද ඇත්ත වශයෙන්ම මෙසේ දිරාපත් වී ඇති ගස් මගින් සිදුවිය හැකි හානි පිළිබඳව අවබෝධයෙන් තොරව එවැනි ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත් එතුමා පවසා සිටියා.

මීට මාස කිහිපයකට පෙර සිදුවූ අකුණු සැර වැදීමක් හේතුවෙන් මෙම මාර ගසට සැලකිය යුතු හානියක් සිදු වූ බව ද දැක ගන්නට හැකිව තිබූ බව එතුමා ද තහවරු කර සිටියා. ප්‍රාදේශීය ලේකම් තුමාගේ නිර්දේශය මත රුවන්වැලි සෑ නායක ස්වාමීන් වහන්සේගේ අනුදැනුමින් පසුගිය දින කිහිපයක් ඔස්සේ අවට තිබෙන පුරාවස්තු සහ ආවාස ගෙයට හානි නොවන ආකාරයෙන් මහත් පරිශ්‍රමයකින් අතු කැබලි වශෙයන් කපා දැමීම, ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගත් කොන්ත්‍රාත්කරුවකු හරහා ක්‍රියාත්මක කළ බව එතුමා තවදුරටත් පවසා සිටියා.

ගසේ ඉතිරිව ඇති කොටස පිළිබඳව විමසා සිටියදී එතුමා පවසා සිටියේ ගස විශාල වශයෙන් දිරාපත් වීම හේතුවෙන් එහි මුල ප්‍රදේශයේ විශාල බෙනයක් ඇති බව දැකගන්නට ලැබුණු බවයි. මුල කොටස ඉවත් කිරීම එම පරිශ්‍රයේ ඇති ජල නල සහ අනෙකුත් ඉදිකිරීම් කිසිවකටත් හානියක් නොවන අයුරින් ඉතා පරිශ්‍රමයකින් සිදු කල යුතු බවත් පවසා සිටියා. යම් හෙයකින් මෙය කපා දැමුවේ නැත්නම් නුදුරු දිනයකදී ආවාස ගෙය ඇතුලු ප්‍රදේශ වලට විශාල හානියක් සිදුවිය හැකිව තිබූ බව ද කොන්ත්‍රාත්කරු පැවසූ බව අපට ඒ මහතා දන්වා සිටියා.

මෙසේ කපාදමන ගස් වලට සමගාමීව ගස් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වන බව පැහැදිලි කරමින් අනුරපුර දැව සංස්ථාවේ කළමණාකාර තුමා අපට කියා සිටියේ රිලවුන් ගස්වල දලු කැඩීම වැනි හේතූන් මත ගස් කුඩා කල නිසි ලෙස වැඩීම අපහසු බැවින් තෝරාගත් කීපයකට හෝ ගැල්වනයිස් කන්බි ආධාරයෙන් ආවරණ සකසා යම්තාක් දුරට එම ගස් වර්ධනය වන තුරු රැකවරණය ලබා දීමේ සහ නිසි ලෙස ජලය ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. එසේ රෝපණය වන ගස් සඳහා මාර ගස් යොදාගන්නේ නැති බවත් අපට දැනගන්නට ලැබුණා.

බටහිරින් හඳුන්වාදුන් වෘක්ෂයක් ලෙස සැලකෙන මෙම ගස් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාර දෙපස සිටවූ බැවින් “පාරේ මාර” යනුවෙන්ද ව්‍යවහාරයට ගැනුණු අතර මෙවැනි පැරණි මාර ගස් කඩා වැටි සිදුවූ හානි පිලිබඳ වාර්තාද අපට විටින් විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දැකගන්නට ලැබුනා. එවැනි සිද්ධි කිහිපයක් පිලිබඳ වාර්තා මෙලෙසින්. Link 1 | Link 2 | Link 3

Update : පහත පෙන්වා තිබෙන්නේ මෙසේ දිරාපත් වූ ගසේ මුල ප්‍රදේශයෙන් ලබාගත් ඡායාරූප කිහිපයකි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අනුරාධපුර පුජනීය නගරයේ රුවන්වැලි මහා සෑරදුන් අබියස ඇති මාර ගස කපා ඉවත්කිරීමට තීරණය කර ඇත්තේ, එය දිරාපත්ව තිබීම හේතුවෙන්, වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ප්‍රාදේශීය ලේකම් තුමාගේ නිර්දේශය මත රාජ්‍ය දැව සංස්ථාවට හරහා නිසි පටිපාටියක් යටතේ බව අදාළ නිලධාරින් විසින් තහවුරු කර සිටින බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Factcrescendo Team

Tags:    

Similar News