තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

Update: 2020-07-31 16:44 GMT

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරාපත් ගැනීම සඳහාවු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ දිනයන්හි රාජකාරියේ නිරත වන රාජ්‍ය සේවකයින්ගේ, සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ පෙලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය දිනවල සිදු විය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලක්ෂ 7කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටියා.

මෙවන් පසුබිමක ස්තූතියි තේමාවෙන් අපගේ මැතිවරණ නිරීක්ෂක වාර්තා වලට අනුව තැපැල් ඡන්දවලින් 71%, විශිෂ්ඨ ජයග්‍රහණයක් වදන රෝපනය කර සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රුව සහිත සටහනක්, සජිත් මැතිඳු වෙනුවෙන් දිවි පිදීමේ බලකාය නමැති ෆේස්බුක් පිටුවක, ජුලි මස 17 වැනි දින ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන ඉදිරපත් කර තිබු ජුලි මස 17 වැනි දින වන විට බොහොමයක් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්ය මණ්ඩල නිලධාරින්, අනෙකුත් රජයේ ආයතනවල නිලධාරින් මෙන්ම දිස්ත්‍රික්
ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදා, ශ්‍රී ලංකා පොලිසි යනාදියේ කාර්ය මණ්ඩල නිලධාරින් ඔවුන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර එසේ ඡන්ද ලබාදීමට නොහැකි වූ නිලධාරීන් හට තවත් අවස්ථා කිහිපයක්ද මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබුණි.

සෑම මැතිවරණයකම තැපැල් ඡන්ද ගණන් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ජන්ද විමසීම අවසන්වී සියළු ජන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි පසුවය. මෙවර මැතිවරණය පවත්වන්නේ සෞඛ්‍යය නීති යටතේ බැවින් ඡන්ද ගණන් කිරීම පැවැත්වෙන ආකාරය පිළිබඳව විමසා බැලුවෙමු. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ මෙවර ඡන්ද ගණන් කිරීමද සුපුරුදු පරිදි මැතිවරණයෙන් පසු දින ආරම්භ කෙරෙන බවයි.

පසුගියදා පැවති මාධ්‍ය සාච්ඡාවකදී එම කරුණු පැහැදිලි කරමින් මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 06 වන දින උදැසන 07 ට ආරම්භ කරන අතර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය එදින සවස තේ පානයට පෙර ලබා දීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබුනා. Link

එම ප්‍රකාශ ඇතුලත් වීඩියෝවක් පහතින්

https://youtu.be/VsG-JTI62yY?t=53

මේ අනුව තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ අගෝස්තු මස 06 වැනිදා බැවින් එහි ප්‍රතිඵලය පිලිබඳ පුරෝකතනයක් සිදුකිරීම පදනම් විරහිත බව මැතිවරණ කාර්යාලයෙන්ද සිදුකල විමසීමකදීද අපට දැනගනන්ට ලැබුණු අතර පසුගිය ජනාධිපතිවරණ මැතිවරණය ආසන්නේයේද මෙවැනිම පදනම් විරහිත පුරෝකථන ඉදිරිපත් වූ අතර ඒ පිලිබඳ විමර්ෂණයක් ද අප මෙලෙසින් සිදු කළා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අගෝස්තු මස පස් වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ, තැපැල් ඡන්ද ඇතුළුව සියලුම ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ අගෝස්තු මස 6 වෙනි දින උදැසන සිට බවයි.

එබැවින් “අපගේ මැතිවරණ නිරීක්ෂක වාර්තා වලට අනුව තැපැල් ඡන්දවලින් 71%, විශිෂ්ඨ ජයග්‍රහණයක්” වදන රෝපනය කර ඉදිරිපත් කර තිබූ සටහන පදනම් විරහිත සටහනක් බව නිගමනයක

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ පදනම් විරහිත ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News