පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

Update: 2020-08-06 12:33 GMT

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් බලයේ පවතින රජයට ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරන අයුරු මෙම ඡායාරූප වලින් පෙන්වීමට තැත් කර තිබුණි.

LinkArchived Link

මෙම ජායාරූප අන්තර්ගත කර “2/3 ගන්න කලින් මෙහෙම නම් ඡන්දෙන් පස්සේ මොනවා වෙයි ද ?? පොහොට්ටුවට ඡන්දය දෙන්න බලාගෙන ඉන්න උන්ගේ මොළය පෑදේවා” තේමාවෙන් නිර්නාමික අරගලකරු නමැති ෆේස්බුක් පිටුවක සටහනක්ද දක්නට ලැබුණි. එහි දක්වා තිබුනේ එම ස්ථානය මාවනාන කණිටු විදුහල අසල බවයි.

LinkArchived Link

මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර රැසක් මෙය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාර්ගයක ඇඳ තිබූ ඡන්ද සලකුණක් ඉවත් කිරීමට ගන්නා උත්සාහයක් ලෙස පවසා තිබීම නිසා මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත මෙම ඡායාරූප යොමු කළ අප, මෙවර මැතිවරණ සමයේ ඡන්ද වැඩ කටයුතු සඳහා පොලිසිය මෙලෙසින් යොදා ගැනීම සම්බන්ධයෙන් වාර්තා වී ඇත්දැයි විමසා සිටියෙමු. මෙම සටහන් පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද පරීක්ෂණයක් පැවැත්වූ බවත්, දිවයිනේ කිසිදු ස්ථානයකින් පොලිසිය ඡන්ද වැඩ කටයුතුවලට මේ අයුරින් මෙවර මැතිවරණයේදී යොදා ගත් බවට පැමිණිලි ලැබී නොමැති බවත් එම ආයතනය තහවුරු කළේය.

මෙම ඡායාරූප ඇතුළත් සටහන් පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමේදී ඉස්කුරුප්පු ඇණේ නැමැති වෙබ් අඩවියක්, සිය වෙබ් අඩවියේගෝඨාගේ පරිසරය සුරකින හරිත මැතිවරණ ප්‍රචාරයේ බොරුවසිරස්තලයෙන්, 2019 නොවැම්බර් මස 18වැනි දින ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවක් වෙත අපගේ අවධානය යොමු විය. Asha Indika සහ නිර්නාමික අරගලකරු නමැති ෆේස්බුක් පිටුවල අන්තර්ගත කර තිබූ ඡායාරූප වලට අමතරව වෙනත් ඡායාරූපද යොදා ගනිමින් ඔවුන් වාර්තාවක් සපයා තිබුණි. එම ලිපියේ දක්වා තිබුණේ ඉහත ඡායාරූප සහිත සිද්ධිය පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගාල්ල නෙලුව ප්‍රදේශයේ මාවනාන කණිටු විදුහල අසල සිදුවූ සිද්ධියක් බවයි.

FB LinkArchived LinkArticle LinkArchived Link

Asha Indika සහ නිර්නාමික අරගලකරු නමැති ෆේස්බුක් පිටුවල අන්තර්ගත කර තිබූ ඡායාරූප, ඉස්කුරුප්පු ඇණේ වෙබ් අඩවිය ඉදිරිපත් කලවිට එය එකම ජායාරූප බවට සනාථ විය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැනගැනීමට අප නෙළුව ස්ථානාධිපතිතුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඔහුට එම ඡායාරූප පෙල ඉදිරිපත් කළා. එහිදී නෙළුව ස්ථානාධිපතිතුමා අපට තහවුරු කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෙවැනි සිද්ධියක් සිදුවුවද එය ගාල්ල, ලංකාගම ප්‍රදේශයේ මාර්ගයක වාර්තා වී තිබූ අතර එය ඉවත් කිරීමට තමා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කල අතර මෙහි දැක්වෙන්නේ එම ඡායාරුපද නොවන බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පොලිස් නිලධාරින් පිරිසක් යොදාගෙන මෙවර මැතිවරණයේදී මහා මාර්ගයක පොහොට්ටුව සලකුණු කල බව පෙන්වීමට පලකළ සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි. මෙවර මැතිවරණයේදී මෙබඳු සිද්ධියක් සිදු නොවූ බව තහවුරු වූ අතර පොලිසිය විසින් පොහොට්ටුව ලකුණ මකා දමන පැරණි ඡායාරුප පෙළක් යොදා ගනිමින් සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය සටහනකි.

එබැවින් “තාප්පෙ කැත වෙන නිසා ,හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” සහ කර “2/3 ගන්න කලින් මෙහෙම නම් ඡන්දෙන් පස්සේ මොනවා වෙයි ද ?? පොහොට්ටුවට ඡන්දය දෙන්න බලාගෙන ඉන්න උන්ගේ මොළය පෑදේවා” තේමාවලින් ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත්ව ඇති සියළුම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය, නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News