ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

Update: 2020-09-28 07:30 GMT

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝවිට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් වෙනු නිරීක්ෂණය වී ඇත. පහත දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සංස්කරණ සහ අසත්‍ය සටහන් පෙළකි.

Dulip Di නමින් JVP සමග නව ගමනක් 2025 ෆේස්බුක් පිටුවක ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරියක් වන ආචාර්ය හරිනි අමරසූරිය අළලා “වාහන බලපත්‍රය ගන්නෑ කියල මම කිසිම තැනක කියල නෑ. ත්‍රීවීල් එකෙ පාර්ලිමේන්තු එන මම අනෙක් සියලු දෙනා ගන්න බලපත්රුය ගත්තම මොකද?” යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත මහතා අලලා “පහුගිය වසර පාරේ අපරේ පක්ෂයේ වැරදි දේශපාලන තීන්දු නිසයි අපේ ආසන සංඛ්‍යාව තුනට බැස්සෙ. අපි දැන් වත් නිවැරදි දේශපාලන තීන්දු ගන්න ඔනා. ජනතාව අපේක්ෂා කරන්නේ හොරු ඇල්ලීම විතරක් නෙවෙයි.”යන තේමාවෙන්ද පහත පරිදි සටහන් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived Link

එසේම Ranjith Mirihagalla නමින් ෆේස්බුක් ගිණුමක් විසින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ‍ෆේස්බුක් පිටුවේ “විකල්ප ආර්ථික දේශපාලන පර්යායක් පිළිබඳ සම්ප්‍රදායික වාමාංශික පරිකල්පනයට පැවැති ඓතිහාසික වලංගුතාවය 1980 දශකයේ අගදී අවසන් විය. ඉන්පසු බිහිවූ උගත් හා සාමාජයීය හැඟීම් සහිත තරුණ පිරිස්වලට එම වාමාංශික පරිකල්පනය විහිළුවක් පමණක් වූ නිසා එකී තරුණ පිරිස් ආමන්ත්‍රණය කරන්න නිරූපා සේරසින්හ, ඕෂානි උමංගා රූමත් සරාගි කාන්තාවන් sex symbols විදියට භාවිතා කර ජවිපෙ ඡන්ද ගොන්න වැඩි කර ගන්න යෙදු ප්‍රයත්නය අසාර්ථක වීම නැවත සොයා බැලිය යුතු කාරණයක්” කථාංගයක් දක්වන සටහනක් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි.

LinkArchived Link

තවද Yasith Dilshan නමින්වු ෆේස්බුක් පිටුවක් “අහිංසක මිනිස්සුන්ට පුපුරන ද්‍රව්‍ය දාලා බොරු බිල්ලො මවනවා රටේ සැබෑ ප්‍රශ්න අමතක කරන්න. නලින්ද සහෝදරයා පැහදිලි කරයි” තේමාවෙන් “අටළුගමින් ඇසිඩ් කිලෝ 70ක් සොයා ගැනීම පිටුපස ඉන්න හමුදා බුද්ධි අංශයන්. අදාල බුද්ධි අංශ විසින් එම ඇසිඩ් එම ස්ථානයට ගෙනවිත් දමා අහිංසක මුස්ලිම් මිනිසුන් අත්අඩංගුවට ගැනීමෙන් කෘතිම ත්‍රස්තවාදී බිල්ලෙක් මවල පෙන්නවා. එහෙම සන්දර්ශන කරන්, ආණ්ඩුවට ජනතාවගෙන් තියෙන විරෝධය යටපත් කරන්න ගන්න නින්දිත උත්සාහයක් මේක” යන පැහැදිළි කිරීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් රාවය පුවත්පතට ප්‍රකාශ කළ අන්දමක් දැක්වෙන සටහනක් ඉදිරිපත් කර තිබුණි.

මෙම සටහන් වල ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය පුවත් බවත් ඒ පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් අපගෙන් ඉල්ලීමක් කර තිබූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ආචාර්ය හරිනි අමරසූරිය සහ කේ.ඩී. ලාල්කාන්ත සම්බන්ධයෙන් පලවී ඇති සටහන් පිලිබඳ විමසීමට ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවලට පිවිසුනෙමු. මහාචාර්ය හරිනි අමරසූරිය සිය නිල ෆේස්බුක් පිටුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරු බද්දෙන් නිදහස් වාහන බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් පලවී තිබු සටහන් වලට ප්‍රතිචාර වශයෙන් පළකර තිබුනේ “මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ගනු ලබන සියළු තීරණ මගේ සහ ජාතික ජනබල වේගයේ නිල ෆේස්බුක් පිටුව හරහා පමණක් සන්නිවේදනය කරනු ලැබේ. සීග්‍රයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ සංස්කෘතිය වෙනස් කිරීමට නිල වශයෙන් තහවුරු කල තොරතුරු පමණක් යොදා ගැනීමට ඔබගේ සහය බලාපොරොත්තු වෙමි.” යනුවෙනි. එම සටහන භාෂා තුනෙන්ම යොදා තිබෙනුද නිරීක්ෂණය විය.

LinkArchived Link

එසේම "පක්ෂෙට මගේ වාහන පර්මිට් එක දෙන්න බෑ කියපු නිසා ජවිපෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කරලා මාව අපහසුතාවට පත් කළා" යනුවෙන් ආචාර්ය හරිනි අමරසුරිය පැවසු බවට පුවත්පතක ලිපියක ආකාරයෙන් මෙවැනි සටහන් ද පලවී තිබු අතර ඒ පිලිබඳ විමර්ෂණය කිරීමේදී එය ඇත්ත වශයෙන්ම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සැප්තැම්බර් මස 30 වැනි දින දිනමිණ පුවත්පතේ ලිපියකින් ලබාගත්තක් බව පැහැදිලි විය. එම ලිපිය මෙතනින්. සංසන්දනය පහතින්

කේ.ඩී. ලාල්කාන්තගේ නිල ෆේස්බුක් පිටුවේද ඔහු අලලා පලවී තිබු වැරදි දේශපාලන තීරණ සම්බන්ධයෙන් පලවී තිබු සටහනක් නොවූ අතර එසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වලට යොදාගෙන තිබු ස්වරුපයේ සටහනක් දැකගන්නට ලැබුණි. ජයග්‍රහණය තෙක් ම එක්ව සාමුහිකව එකම අරමුණක් කරා කටයුතු කළ යුතුමය. යන තේමාවෙන් ඉදිරිපත්ව තිබු එම සටහන මෙතනින්. කේ.ඩී. ලාල්කාන්ත මහතාගෙන් මේ පිලිබඳ විමසීමේදී ද ඔහු කිසිවිටෙකත් එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් නොකළ බවත් පවසා සිටියා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සංස්කරණය කරන ලද සටහන සහ ලාල් කාන්ත මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළවූ සටහන පහතින්

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් පළවූ සටහනටද ප්‍රතිචාරයක් ලබාදෙමින් ඔහු ඉදිරිපත් කර තිබු සටහනක මෙය මගේ මිතුරෙක් මා වෙත එවා තිබුණි. මා මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. මෙය මා කළ ප්‍රකාශයක කොටසක් යොදාගෙන සකස් කර ඇති ව්‍යාජ ප්‍රකාශයකි. මෙවැනි දේ සම්බන්ධයෙන් අපට එහෙමටම කළ හැකි දෙයක් නැත. එකම විකල්පය වන්නේ මේවා කියවන පිරිස් කාලාම සූත්‍රයේ එන උපදෙස් සිහියට ගැනීම පමණි.” යන කථාංගය අන්තර්ගත කරමින් ඉහත දැක්වු අදහස සහිත සටහන ව්‍යාජ සටහනක් බව තහවුරු කර තිබුණි.

LinkArchived Link

ජනතා පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාවය පුවත්පතට ප්‍රකාශය ලෙස හැඟවෙන අන්දමට තිබූ ඡායාරූපය පරීක්ෂා කිරීමේදී, රබර් පරයේෂණ ආයතනයට යන පාඨය පෙනෙන්නට තිබූ නිසා අප එම පාඨය අන්තර්ගත රාවය පුවත්පතේ පිටුව සෙවීමට පරීක්ෂාවක් කළෙමු. සැප්තැම්බර් මස 13 නිකුත්වු රාවය පුවත්පතේ දෙවනි පිටුවේ පලවී තිබු ලිපියක් සංස්කරණ කරමින් එක ව්‍යාජ සංස්කරණය සිදුකර තිබෙන බව ද අපට පෙනී ගියා. එම සංසන්දනය පහතින්

අටළුගමින් සොයාගත් ඇසිඩ් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයක් රාවය පුවතපතේ පළකලේද යන්න රාවය පුවත්පතෙන් විමසු විට ඔවුන් දන්වා සිටියේද එවැනි ප්‍රවෘත්තියක් ඔවුන් පල නොකළ බවය.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය නිර්මාල් දේවසිරි, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ කේ.ඩී. ලල්කාන්ත අළලා ඉදිරිපත් කර තිබු ඉහත අප විමර්ශනය කළ සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News