FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?

Update: 2021-01-07 07:10 GMT

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත. පාඨලී චම්පික රණවක මහතා එහි ප්‍රබල සාමාජිකයෙක්. සමාජ මාධ්‍ය ජාලයේ ඔහු අළලා විවිධාකාරයේ සටහන් කලින් කලට ඉදිරිපත් වන අතර පසුගිය කාලයේදී එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

මේ අයුරුන්ම සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ පහැදිළි කිරීමකට රංජිත් මද්දුම බංඩාර, හර්ෂ සිල්වා වැනි ප්‍රබල නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් එල්ලවු බවත්, එනිසා ඔහු අසුනෙන් පැන ගිය බවටත් ඉදිරිපත්ව ඇත්තේ අසත්‍ය පුවත් පෙළක්.

සමාජ මාධ්‍ය සටහන් :

“පාඨලී අසුනින් පැන දුවයි - SJB මන්ත්‍රී කණ්ඩායම් වට කර ගෙන නෙලලා” සිරස්තලයෙන් NoizeTV නමැති ෆේස්බුක් පිටුවක පහත කථාංගය සහිත සටහනක් ඉදිරිපත්වී තිබුණි.

“පාඨලී චම්පික විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා ආදී මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඒල්ල කර තිබේ. ඒහිදී ඔවුන් විමසා ඇත්තේ පාඨලීගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමඟි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ ඇයිද ? යන්නයි.

මේ අවස්ථාවේ ඔහු හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පාඨලී චම්පික එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි ද වාර්තා වෙයි. මෙහිදී සරත් ෆොන්සේකා විමසා ඇත්තේ මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි යන්නයි.

වෙනම සංවිධාන හදන්න කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ. මෙකී දැඩි ප්‍රහාර හමුවේ පාඨලී එම මන්ත‍්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.”

FacebookArchived LinkArticle Archived

“අරුණ” පුවත්පතේ ද මේ පිළිබඳව දෙසැම්බර් මස 05 වැනිදා මුල් පිටුවේ මෙසේ වාර්තා කර තිබුණි

චම්පිකගේ 43 සේනාංකයට සජබ ප්‍රහාරයක්” යන තේමා වලින් පළවූ තවත් පුවත් කිහිපයක් පහතින්.

Mawurata | Archived Newswallet | Archived

මෙම සටහන ෆේස්බුක් පිටු සහ සමුහ රැසක ද ඉදිරිපත් වී ඇති බව නිරීක්ෂණය විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම රැස්වීම පක්ෂයේ අභ්‍යන්තර රැස්වීමක් නිසාත් වෙනත් පාර්ශව වල සම්බන්ධයක් නොමැති බැවින් ඉහත සටහනේ සඳහන් කර තිබු හර්ෂ ද සිල්වා සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අයගෙන් මේ පිළිබඳව විමසා සිටියා.

සමගි ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී මෙම කාරණය පිළිබඳව ඔහුගෙන් ද විමසීමක් කළෙමු. සමාජ මාධ්‍යයේ මෙන්ම ප්‍රධාන මාධ්‍යයේ, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක දී පාඨලී චම්පික රණවක මන්ත්‍රීතුමාට දැඩි විරෝධයක් එල්ල වූ බවට පළවන වාර්තා සාවද්‍ය බව ඔහු සඳහන් කළේය.පාඨලී චම්පික රණවක මන්ත්‍රීතුමා සැලසුම් කරන සංවිධානය පිළිබඳව ධනාත්මක සංවාදයක් ඇති වූ අතර, රැස්වීම ඉතාමත් සාමකාමී අයුරින් පැවත්වුණු බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වා මහතා ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් පළකර තිබුණා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාඨලී චම්පික රණවක මහතාට මා ඇතුළු පිරිසක් විරෝධය පළකලැයි පුවතක් මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබෙනවා. එවැනි විරෝධතාවයක් එල්ල නොවුණු බවත් වෘත්තීයවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග සමගි ජන බලවේගයේ ඉදිරිගමන් මග පිළිබඳව ඉතාමත් ධනාත්මක සාකච්ඡාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිදුකළ බවත් මා එම වාර්තාකරුවන්ට පැවසීමට කැමතියි.”

FacebookArchived Link

අප මෙම සටහන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද විමසීමක් කළෙමු. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාඨලී චම්පික රණවක මහතාට දැඩි විරෝධයක් එල්ල වූ බවට සහ ඔහු රැස්වීමෙන් ඉවත්වු බවට, සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය තුලද පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඔහු ද අවධාරණය කළේය. ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහනක් ද යොදා ඇති බව පැවසීය. හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල ෆේස්බුක් පිටුව පහත කථාංගය සහිත සටහන නිරීක්ෂණය විය.

පසුගියදා පැවති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, SJB මන්ත්‍රීවරුන් විසින් පාඨලී චම්පික රණවක මහතාව විවේචනය කල බවට වන අසත්‍ය සහ ද්වේශසහගත පුවතක් ආණ්ඩුවට හිතවත් කැලෑ පත්තර කිහිපයක් සහ මඩ වෙබ් අඩවි කිහිපයක් විසින් පළකර ඇත. එදින පැවති රැස්වීමේදී ඒ ආකාරයේ කිසිදු සිදුවීමක් සිදු නොවූ අතර සියලු කණ්ඩායම් ඒකරාශී කරගනිමින් පුලුල් සමාජ බලවේගයක් නිර්මාණය කිරීම සදහා ඵලදායී සංවාදයක් පැවැත්විණි. බවට දිනෙන් දෙන "ෆේල්" වෙමින් පවතින ආණ්ඩුව, සිය අසාර්ථකභාවය ජනතාවගෙන් වසන් කිරීම සදහා සමඟි ජන බලවේගයේ නායකයින්ට එරෙහිව ජඩ මාධ්‍ය සහ ගවුම් අදින මඩ මාධ්‍ය උපදේශකයින් ලවා බොරු පුවත් මවමින් සිටියි. එම පුවත් වලට නොරැවටෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩු විරෝධී දේශපාලන සටනේ අප සමඟ පෙරමුණ ගන්නා සටන් සගයෙකු බව මතක් කරනු කැමැත්තෙමි.”

FacebookArchived Link

ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබූ මෙම සටහන් පිළිබඳව කරුණු විමසා බැලීමට අප පාඨලී චම්පික රණවක මන්ත්‍රීතුමාගේ මාධ්‍ය අංශය සමග ද සම්බන්ධ වූයෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සැලසුම් කර තිබෙන 43 සේනාංකය නැමැති සංවිධානය පිළිබඳව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළ බව පැවසීය. රංජිත් මද්දුම බංඩාර, හර්ෂ සිල්වා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැනි පක්ෂ ප්‍රබලයන් එයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වු අතර එදින න්‍යාය පත්‍රය අනුව කාලවේලා මදි බැවින්, පසුදිනක මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට සුදුසු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවට සියලුම මන්ත්‍රීවරුන් එකඟ වූ බව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අප හා පැවසීය. පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් බැහැර නොවූ අතර එම රැස්වීම ඉතාමත් සාමකාමී පැවැත්වුණු බව ද ඔහු අවධාරණය කළේය.

'ඉලක්කමක් නොවේ පරම්පරාවක්' යන තේමාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු කණ්ඩායම '43 සේනාංකය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදානම් වන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ඇතුළු දේශපාලන ක්‍රියාධරයින් රාශියක් මෙම අලුත් වැඩසටහන සමග ඒකරාශී වී ඇතැයි ද යනුවෙන් පළවූ වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික  රණවක මහතා විසින් සැලසුම් කර තිබෙන 43 සේනාංකය නැමැති සංවිධානය පිලිබඳ සාකච්ඡාවලට පක්ෂයෙන්  දැඩි විරෝධයක් එල්ල වී නැති බවත් ඒ සඳහා ධනාත්මක සංවාදයක් ඇතිවූ අතර රැස්වීම සාමකාමිව පැවැත්වු බවයි.

මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රැස්වීමෙන් ඉවත් නොවු බවත් එම රැස්වීමට සාමකාමීව පැවති බවත් ඒ සඳහා සහභාගී වූ, පුවත්වල ඔහුට විරුද්ධත්වය දැක්වූ වා යයි පැවසෙන, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා ආදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අපට තහවුරු කර සිටියා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේදී පාඨලී චම්පික රණවක මහතා පිහිටුවීමට අදහස් කරන සංවිධානයක් පිළිබඳව දැඩි විරෝධයක්?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News