FACT CHECK: මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?

Update: 2021-02-03 05:43 GMT

සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන සංචාරකයින් පිරිසක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වීමට වර්තමාන රජය පසුගිය කාලයේ දී කටයුතු කරන ලදී. ජෛව බුබුළක ආකාරයට අන් අයගෙන් වෙන්ව යුක්‍රේන සංචාරකයන් මෙරට සංචාරය කිරීමට කටයුතු සපයා තිබූ බව වාර්තා වූව ද එම ක්‍රියාදාමය විවේචනය කරමින් ද බොහෝ අදහස් දැක්වීම් පලවී තිබුණි. මේ අතර යුක්‍රේන සංචාරකයින්ට විශේෂ හමුදා ආරක්ෂාවක් ලබාදෙන බවට විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වෙනු දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක 2019 වසරේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, පකිස්ථාන හමුදාව ආරක්ෂාව සපයා දුන් අවස්ථාවේ ලබාගෙන තිබු ඡායාරුපයක්, යුක්‍රේන සංචාරකයින් වෙත ලංකාවේ හමුදාව ආරක්ෂාව ලබාදුන් අයුරු යන තේමාවෙන් හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණි.

සමාජ මාධ්‍ය සටහන්:

“නන්දසේනගේ මිලිටරි ජුන්ටාව යුක්රේන සංචාරකයන්ට ආරක්ෂාව දෙන තරම්...” යන තේමාවෙන් හමුදා රථ කිහිපයක් විසින් බස් රථයක් මැදි කරමින් එයට ආරක්ෂාව සපයමින් ගමන් ගන්නා ඡායාරුපයක් Yasith Dilshan නම් අයෙකු විසින් ෆේස්බුක් වෙත එකතු කර තිබුණා. බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබු එම පුවත පහතින්.

FacebookArchived

මෙරටට පැමිනි සංචාරක යුක්‍රේන ජාතිකයන් වෙත මේ ආකාරයේ ආරක්ෂාවක් ලංකාවේ හමුදා විසින් ලබා දී ඇතිද යන්න පිලිබඳව බොහො දෙනෙකු විවේචනාත්මකව අදහස් දක්වා ඇති බවක් ද අපට නිරීක්ෂණය විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වූ මෙම ඡායාරුපය Reverse Image සෙවුමක් මඟින් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඇත්ත වශයෙන්ම එය 2019 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සිදුකල සංචාරයේදී පකිස්ථානු හමුදාව විසින් මෙරට ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂාව ලබා දෙන අවස්ථාවක සේයාරුවක් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම සංචාරයේදී කරච්චි ක්‍රීඩාපිටිය වෙත ගමන් ගන්නා අයුරු මේ ආකාරයෙන් ඡායාරුප ගත කර තිබු අතර එම ඡායාරුපය එම දිනවල බෙහෙවින් හුවමාරු වී තිබු එකක්.

https://twitter.com/AzzamAmeen/status/1178652521692303360?ref_src=twsrc^tfw|twcamp^tweetembed|twterm^1178652521692303360|twgr^|twcon^s1_&ref_url=https://www.news.com.au/sport/cricket/pakistan-security-out-in-force-as-sri-lanka-arrives-for-oneday-international/news-story/cfafa54222dad9436b67157b3d342814

TwitterArchived

2019 සංචාරයේදී පකිස්ථාන හමුදාවන් විසින් ලබා දුන් ආරක්ෂාව පිලිබඳව එවකට තේරීම කමිටු සභාපති අසන්ත ද මෙල් මහතාද සිය ප්‍රසාදය දක්වා තිබුණු අතර පහතින් දැක්වෙන ඔහුගේ කරුණු දැක්වීමේ වීඩියෝ පටයේ ද ඉහත ඡායරුපයේ දැක්වෙන අවස්තාව ඇතුළත්.

https://youtu.be/W2HKQWeoBxg?t=16

2019 තරඟ සංචාරයේ දී විශේෂ ආරක්ෂාවක් මෙරට ක්‍රිකට් කණ්ඩායමට ලබා දී තිබු ආකාරය එවකට වෙබ් අඩවි ද වාර්තා කර තිබුණා. පහතින් දැක්වෙන්නේ එවැනි සටහන් කිහිපයක්.

outlookindia.com apnews.com

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සිදු කල සංචාරයකදී ශ්‍රී ලංකා කණ්ඩායම් බස් රථයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10 කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පක්ස්ථානය වෙත සති දෙකක සංචාරයක් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව එය බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

FACT CHECK: මෑතකදී පැමිණි යුක්‍රේන සංචාරකයින් සමඟ නිශ්ශංක සේනාධිපති විනෝදවන අවස්ථාවක් ද?

Conclusion (අවසාන නිගමනය)

ඉහත විමර්ෂණයෙන් අපට පෙනී යන්නේ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් වෙත හමුදා ආරක්ෂාව සපයන අයුරු යනුවෙන් හුවමාරු වන ඡායාරුපය 2019 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සිදුකළ සංචාරයේ දී කරච්චි ක්‍රීඩාංගණය වෙත පිවිසෙන අවස්ථාවේ ලබාගත් එකක් බවයි.

2009 වසරේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන් වසර දහයට පසුව නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම එරට සංචාරයට සහභාගී වූ අවස්ථාවේ මෙවැනි විශේෂිත ආරක්ෂාවක් පකිස්තාන හමුදාව විසින් සපයා තිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News