FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

Update: 2021-02-05 16:45 GMT

ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම සුනිල් හඳුන්හෙත්ති මහතා ඉදිරිපත් කර තිබු අදහස් ද ආකරයෙන් පළවූ සටහන් මෙන්ම පෙබෙරවාරි මුල් සතියේ කළු කොඩි ඔසවා තබන ලෙසට සහ එන්නත්කරණ වැඩපිළිවෙලට විරෝධය දක්වන සම්මන්ත්‍රණයක් පෙබරවාරි මස 5 වැනිදා සංවිධානය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ අළලා සටහන් කිහිපයක් හුවමාරු වී තිබුණි. අපගේ විමර්ෂණයේදී ඒවා සියල්ල ම අසත්‍ය සටහන් බවට තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන්:

“මිනිස්සුන්ට කන්නත් නැහැ. හැබැයි ආණ්ඩුව ක්‍රිකට් සැණකෙළි තියනවා... ව්‍යසනයක් මැද ප්‍රේක්ෂකයන් නැති ක්‍රීඩා සැණකෙළි හම්බන්තොටම තියන්නේ කාගේ උවමනාවටද? ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා පුවත්පතකට පැවසූ අන්දමට සැකසුණු සටහනක් “රාජපක්ෂලාට සැණකෙළි” තේමාවෙන් Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමක පසුගිය දෙසැම්බර් මස 16 වැනිදා ඉදිරිපත් වී තිබුණි.

FacebookArchived Link

එසේම පසුගිය දිනක ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩකයන්ට තර්ජනාත්මකව කියනවා එයාලා තරඟ දිනුවේ නැත්නම් වැටුප් ගෙවන්නේ නෑ කියලා. කල්පනා කරලා බලන්න ක්‍රීඩාව අවිනිශ්චිතයි. මෙහෙම තර්ජනය කලා ක්‍රීඩාව දියුණු කරන්න පුලුවන්ද” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිම්න්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවැසු බව හැඟවෙන පරිදි සැකසුණු සටහනක් “JVP සමග රටේ ජනතාව” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබුණි.

FacebookArchived Link

“ශ්‍රී ලංකා රජය විසින් සුළු ජාතීන්ට කරන අසාධාරණකම්වලට ඔබත් විරුද්ධයි නම් පෙබරවාරි 1 දින සිට පෙබරවාරි 7 දක්වා නිවසේ කළු කොඩියක් ඔසවා තබන්න.” වදන් රෝපණය කරමින් ඉදිරිපත් කළ සටහනක් සහ “ඉන්දියානු බාල එන්නත ගෙන්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” තේමාවෙන් පෙබරවාරි මස 05 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට පළකරන ලද සටහනක් ද පෙර සඳහන් Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමේ ම ඉදිරිපත් වී තිබුණි.

FacebookArchived LinkFacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා මිනිස්සුන්ට කන්නත් නැහැ. හැබැයි ආණ්ඩුව ක්‍රිකට් සැණකෙළි තියනවා. ව්‍යසනයක් මැද ප්‍රේක්ෂකයන් නැති ක්‍රීඩා සැණකෙළි හම්බන්තොටම තියන්නේ කාගේ උවමනාවටද? යනුවෙන් පවසා ඇති වාර්තා ඇත්දැයි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධයය තුල පරීක්ෂා කළ නමුත් එවැනි වාර්තාවක් දක්නට ලැබුනේ නැත.

එහෙත් මෙම සටහනේ පසුබිම සකසා තිබු අන්දමේ පසුබිමක “ජත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ණය ගෙවිය නොහැකි රටක් බවට පත්වී අවසන්” යන තේමාවෙන් 2020 දෙසැම්බර් මස 16 වැනි දින අරුණ පුවත්පතට සුනිල් හඳුනෙත්ති මහතා කළ ප්‍රකාශයක් දක්නට ලැබුණි. අරුණ පුවත්පතේ නව වැනි පිටුවේ පළවූ එම ලිපිය මෙතනින්

පහත ඇත්තේ එම පිටුවේ පසුබිම සහ Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනේ සංසන්දනයකි.

පසුගිය දිනක ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩකයන්ට තර්ජනාත්මකව කියනවා එයාලා තරඟ දිනුවේ නැත්නම් වැටුප් ගෙවන්නේ නෑ කියලා. කල්පනා කරලා බලන්න ක්‍රීඩාව අවිනිශ්චිතයි. මෙහෙම තර්ජනය කලා ක්‍රීඩාව දියුණු කරන්න පුලුවන්ද” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිම්න්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසු බවට ඇත්දැයි ප්‍රධාන විද්යුත් සහ මුද්‍රිත මාධයය තුල පරීක්ෂා කළ නමුත් එවැනි මුලාශ්‍රයක් සොයා ගත නොහැකිවිය.

එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් සුළු ජාතීන්ට කරන අසාධාරණකම් වලට ඔබත් විරුද්ධයි නම් පෙබරවාරි 1 දින සිට පෙබරවාරි 7 දක්වා නිවසේ කළු කොඩියක් ඔසවා තබන්න.” සහ “ඉන්දියානු බාල එන්නත ගෙන්වීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” සම්මන්ත්‍රණය පිලිබඳ වාර්තා ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධයය තුල නොවු අතර ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගයේ සමාජ මාධ්‍යයන් තුලද එවැන්නක් පිළිබඳ සටහන් නොවීය.

එසේම සම්මන්ත්‍රණය පිලිබඳ විස්තර පරීක්ෂා කිරීමේදී අපට දැකගනන්ට ලැබුනේ “ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ?යන තේමාවෙන් පෙබරවාරි මස 02 වැනිදා පැවැත්වෙන සම්මන්ත්‍රණයක සටහනේ පසුබිම සංස්කරණය කරමින් ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබු බවක්. එම සංසන්දනය පහතින්.

ෆේස්බුක් ජාලයේ ඇති මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමු කර ඔවුන්ගෙන් එ් පිළිබඳව විමසුවෙමු. ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති අන්දමේ ප්‍රකාශයන් සුනිල් හඳුනෙත්ති මහතා සහ අනුර කුමාර දිසානායක මහතා පවසා නොමැති බව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අප හා පැවසීය.

එමෙන්ම Yasith Dilshan ෆේස්බුක් පිටුවේ ඇති අන්දමට කළු කොඩි එසවීමේ ව්‍යාපාරයක් හෝ ඉන්දියානු එන්නතට විරෝධය පාමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර නොමැති බව ද සඳහන් කළ ඔහු “JVP සමග රටේ ජනතාව” සහ Yasith Dilshan යන නම්වලින් ඇති ෆේස්බුක් පිටු ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම මඩ ගැසීමට භාවිතා කරන ව්‍යාජ ගිණුම් බව වැඩි දුරටත් අවධාරනය කළේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්හෙත්ති මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් වල පලවී තිබෙන පරිදි ප්‍රකාශ කිසිවක් මෑතක දී පවසා නොමැති බවයි.

එසේම ශ්‍රී ලංකා රජය විසින් සුළු ජාතීන්ට කරන අසාධාරණකම් වලට විරුද්ධව පෙබරවාරි මස 7වන දිනය දක්වා කළු කොඩියක් නිවසේ ඔසවා තබන ලෙස ජාතික ජන බලවේගය ඉල්ලීමක් සිදුකර තිබුනේ නැත.

තවද ඉන්දියාවේ නිපදවන කෝවිඩ්-19 එන්නත භාවිතා කිරීමට විරුද්ධව පෙබරවාරි මස 05 වැනි දින ජාතික ජන බලවේගය විසින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුනේ ද නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Nelson Mani

Result: False

Tags:    

Similar News