Fact Check: හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?

Update: 2021-04-05 08:50 GMT

හදිසි මරණ පරීක්ෂකවරු පත් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමට අධිකරණ අමාත්‍යංශය විසින් පළකර තිබු නිවේදනයක කරුණක් මුල්කරගනිමින් සමඟම පසුගිය දින කිහිපයේදී ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල කතාබහක් කතිකාවතක් ඇතිවී තිබුණා. ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන්.

මෙය නව තනතුරක් බවත් මේ සඳහා මුල් වී තිබෙන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා බවටත් සමාජ මාධ්‍ය සටහන් රැසක කරුණු දක්වා තිබුණා. මීට පෙර ද අලි සබ්‍රි මහතා සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වී තිබු අතර ඒ සම්බන්ධයෙන් අප සිදුකර තිබු කරුණු විමර්ෂණ මෙතනින්.

ඉහත පුවත සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයේදී පැහැදිලි වුනේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනු නව තනතුරක් නොවන බවත් මෙය පුරප්පාඩු පියවීම සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් ලබාගෙන තිබු තීරණයක් බවත්ය. ඒ පිලිබඳ විස්තර පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“රට වෙනුවෙන්” යන ෆේස්බුක් පිටුවක දක්වා තිබුනේ “ එකම රටක්,, එකම ජාතියක්... ඒත් රස්සාව දෙනකොට ජාතිය හොයනවා.. අවුලක් නෑ තනි සිංහල ආණ්ඩුවනෙ..” යන තේමාවෙන් අප්‍රේල් මස 02 වැනිදා දිවයින පුවත්පතේ පළවූ ලිපියක් උපුටා දක්වා තිබුණි.

Facebook | Archived

“මුස්ලිම් ජනගහනය 5000 දෙනෙකුට හෝ ඊට වඩා වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ඇති කර තිබේ.” යනුවෙන් ඉහත පුවත වාර්තා කර තිබුණා.

මීට දින කිහිපයකට පෙර වෙබ් අඩවි කිහිපයක ද එම පුවතම දක්වා තිබු අතර එවැනි අවස්ථාවක් පහතින්. මෙහි දක්වා තිබුනේ ඇමති අලි සබ්‍රිගේ මැදිහත් වීමෙන් මෙම කටයුත්ත සිදුවන බවක්.

Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

තවද හදිසි මරණ පරීක්ෂක සුදුසුකම් සහ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය අධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ මෙසේ පළකර තිබුණි. මීට පෙර වසර වලදී පලකරන ලද හදිසි මරණ පරීක්ෂකවරුන් පත්කිරීම සඳහා වූ ගැසට් නිවේදන වල හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුර ඇතුළත් දැයි අප පරීක්ෂා කළෙමු.

මේ අනුව 2016 වසරේ මෙම ගැසට් නිවේදනයේ (ගැසට් පත්‍රයේ පිටුව 399, මෙහි 07 වන පිටුව) එම කරුණම සඳහන් බව අපට දැක ගන්නට ලැබුනා. මුලින් සඳහන් කළ මේ වසරේ සිදුකල මත භේදයට තුඩුදුන් නිවේදනයේ ද එම වැකිය සඳහන් බව ද අපට මෙහිදී පෙනී ගියා. එම සංසන්දනය පහතින්.

මේ අනුව එය වත්මන් රජය හෝ අධිකරණ අමත්‍යවරයා විසින් සිදුකල නව පත්වීමක් හෝ එයට අදාළ තත්වයක් නොවන බව පැහැදිලිය.

වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය පසුගිය දා නිල නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා තිබුනේ අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කොට නොමැති අතර සිදු වී ඇත්තේ දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇති වන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අයදුම්පත් කැදවා පුරප්පාඩු පිරවීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බවත් එම නිවේදනයේ සඳහන්.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වරයා පළකර තිබු එම සම්පුර්ණ නිවේදනය පහතින්.

“Sick and tired of this never ending racist rants !” (කිසිදා නිම නොවන මෙම ජාතිවාදී ප්‍රකාශවලින් වෙහෙසට පත්ව සිටී!) යනුවෙන් මෙම පුවත් සම්බන්ධයෙන් සටහනක් අධිකරණ අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙසේ දැක ගන්නට ලැබුණා.

හදිසි මරණ පරීක්ෂවරුන්ගේ කාර්යභාරය වඩා කාර්යක්ෂම කිරීම සදහා පසුගිය රජයේ අධිකරණ අමාත්‍යවරිය විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශය පිලිබඳ ව ද ඉහත අධිකරණ අමාත්‍යංශයේ නිවේදනයේ සඳහන් වී තිබු බවින් අප ඒ සම්බන්ධෙයන් පුවත් ද පරීක්ෂා කළෙමු.

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විසින් එවකට අධිකරණ අමාත්‍යවරිය භාර දීම 2019 වසරේ පෙබරවාරි මස මෙසේ සිදුවී තිබුණි. වර්තමානයට ගැළපෙන ආකාරයට හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති කාර්ය පටිපාටිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව එහිදී ද හඳුනා ගෙන තිබුණි.

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය:

මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමය සභාපති තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා

එහිදී එතුමා දීර්ඝ විස්තරයක් ලබා දෙමින් අපට පැහැදිලි කර සිටියේ මුස්ලිම් ජනගහණය වැඩි ප්‍රදේශ වලට, හදිසි මරණ පරීක්ෂකවරුන් (මුස්ලිම්) බඳවා ගැනීම, නව ක්‍රියා පටිපාටියක් නොවන අතර මීට වසර 12 හෝ 13 කට පමණ පෙර ගැසට් කරන ලද්දක් බවයි.

2009 වසරේ නොවැම්බර් මස පළමු ගැසට් පත්‍රයේ ද හදිසි මරණ පරීක්ෂක (සිංහල/ මුස්ලිම්) යනුවෙන් තාවකාලික පදනම මත හදිසි මරණ පරීක්ෂක වරු බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇබෑර්තු පිළිබඳව මෙසේ නිවේදනය කර තිබුණා.

හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමය සභාපති අනුර හේරත් මහතා තවදුරටත් පවසා සිටියේ තාවකාලික පදනම මත මෙසේ මරණ පරීක්ෂකවරුන් බඳවා ගැනීම තුළින්, නොයෙකුත් ප්‍රායෝගික ගැටලු මතු වී තිබෙන බවත් ස්ථිර වශයෙන් පත්වීම් ලබා දෙන ලෙස සංගමය විසින් අධිකරණ අමාත්‍යංශයට ඉල්ලීම් කර තිබෙන බවත් ය.

කෙසේවෙතත් මීට පෙර, තාවකාලික පදනම මත බඳවා ගත්ත ද සේවයේ කාර්යක්ෂමතාවය ඇතුළු කරුණු මත විටින් විට සේවය ස්ථිර කර තිබු බවත්, ඒ අතර හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුර සඳහා බඳවා ගත් අය ද සිටින බවත් එතුමා පැහැදිලි කර සිටියා. කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුර සඳහා 2009 වසරේ බඳවා ගත් මහතා සංගමයේ වත්මන් ලේකම් තනතුර දරයි.

ලංකාවම ආවරණය කිරීම සඳහා 600ක් පමණ අවශ්‍ය වන බවත් එම පුරප්පාඩු ද යම්තාක් දුරකට පියවා ගැනීම සඳහා මෙම නව පත්වීම් හරහා හැකිවනු ඇතැයි ද පැහැදිලි කර සිටියා.

හදිසි මරණ පරීක්ෂක තනතුරු සඳහා සුදුසුකම් හා අවශ්‍ය නිර්ණායක සපුරන පුද්ගලයින් ජාති, ආගම් භේදයකින් තොරව එම තනතුරු සඳහා පත් කර ගන්නා බව පවසමින් එතුමා පැහැදිලි කර සිටියේ ඒ අනුව සිංහල ජනතාව වැඩිපුර වෙසෙන ප්‍රදේශවල ද මුස්ලිම් ජාතික හදිසි මරණ පරීක්ෂක වරු සිටින බවයි.

එනම් ඉහත දෙසිය හැත්තෑවක් පමණ වන සියලුම මරණ පරීක්ෂක වරුන් ගෙන් මුස්ලිම් ජාතිකයින් 50-60 ක් පමණ සිටින අතර මොවුන් සියල්ලක්ම හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) කාණ්ඩයට අයත් නොවේ. එසේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් බඳවාගැනීම් මේ වන විට සීමිත සංඛ්‍යාවක් 15-20ක් පමණ සිදුකර තිබෙන බවත් පවසා සිටියා

එම හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) බඳවා ගැනීම සම්බන්ධයෙන් ද අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියා පටිපාටියේ සඳහන් වන අතර දැනට බොහෝ දුරට නාගරික ප්‍රදේශවල මෙසේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) පත්වීම ලබා දී ඇති බවත් එතුමා සඳහන් කර සිටියා

තව දුරටත් කරුණු පැහැදිලි කරමින් සභාපතිතුමා පවසා සිටියේ කිසිදු ජාති ආගම් භේදයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරු සිය කාර්යභාරය සඳහා යොමුවන බවත් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් තනතුරක් තිබීම හේතුවෙන් විවිධ අවස්ථාවල ප්‍රශ්න ද පැන නැගී තිබෙන අතර මේ සම්බන්ධයෙන් සිය නිර්දේශය ද අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබෙන බවයි. කෙසේවෙතත් මෙය ඇතුළුව අනෙකුත් නිර්දේශ ද ක්‍රියාත්මක කොට බඳවා ගැනීමට කල්වේලා නොමැති බැවින් පුරප්පාඩු පියවීම සඳහා පෙර ක්‍රියා පටිපාටියට අනුව ම අමාත්‍යංශය ක්‍රියා කොට ඇති බවත් පැවසුවා.

කෙසේවෙතත් එතුමා නැවත වරක් අවධාරණය කළේ මෙම හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) පත්වීම් කාලාන්තරයක් තිස්සේ සිදුවන බවත් වත්මන් අධිකරණ අමාත්‍යවරයාගේ කිසිඳු සම්බන්ධයක් මේ සඳහා නොමැති බවත්ය.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනයේදී ද පැහැදිලි වුනේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුර වසර කිහිපයක් ක්‍රියාත්මක වන තනතුරක් බවයි. කලින් කලට ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා හදිසි මරණ පරීක්ෂක වරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියා පටිපාටියට මේ වසරේ ද සිදුකර ඇති අතර ඒ සඳහා පළවූ නිවේදනයේ කරුණකට වැරදි අර්ථකථනයක් ලබා දීම හේතුවෙන් මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබුණා.

එසේම මෑතක දී දැනුම් දුන් හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ බලපෑමක් නොමැති බවත් ඇතිවී තිබෙන පුරප්පාඩු පියවීම සඳහා එම කටයුතු අධිකරණ අමාත්‍යංශය යටතේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව සිදුව ඇති බවත් අධිකරණය අමාතංශය නිවේදනය කර සිටියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News