Fact Check: හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?

හදිසි මරණ පරීක්ෂකවරු පත් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමට අධිකරණ අමාත්‍යංශය විසින් පළකර තිබු නිවේදනයක කරුණක් මුල්කරගනිමින් සමඟම පසුගිය දින කිහිපයේදී ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල කතාබහක් කතිකාවතක් ඇතිවී තිබුණා. ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන්. මෙය නව තනතුරක් බවත් මේ සඳහා මුල් වී තිබෙන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා බවටත් […]

Continue Reading

FACT CHECK: අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය, කාති උසාවි පිහිටෙන් ඉතාමත් පහසුවෙන් කටුගාදමා දැමුවා ද?

ලාංකික මුස්ලිම් ප්‍රජානායකයකු වන අලි සබ්‍රි මහතා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය හොබවයි. කාති උසාවි පිහිටුවීම පිළිබඳව ඔහු අළලා පසුගිය වකවානුවේ ෆේස්බුක් ජාලයේ විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය.  අලිසබ්‍රි මහතා කති උසාවියේ පිහිටෙන් පළමු බිරිඳ දික්කසාද කර, සුප්‍රසිද්ධ ආභරණ ව්‍යාපාරයක් වන Stone & String හිමිකරුගේ දියණිය විවාහ කරගත බවට ඉදිරිපත්ව ඇති සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: බහුතර මුස්ලිම් ඡන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසුවා ද?

වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න. මේ අතර “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් […]

Continue Reading

FACT CHECK: අලුතින් මුස්ලම් කාති උසාවි සීයයක් පිහිටුවන බවට ජනාධිපති පොරොන්දු වු බවට අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවා ද?

“එක රටක් එක නීතියක්” සංකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ ප්‍රධාන කරුණක් විය. නමුත් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරන්නේ නැති බවට චෝදනා විපක්ෂය වෙතින් දිගින් දිගටම එල්ල වන බවක් ද අපට දැක ගන්නට ලැබුණා කාති උසාවි මඟින් සිදුවන අසාධාරණ පිලිබඳ මුස්ලිම් ජනතාව ද ප්‍රශ්න කරන […]

Continue Reading

FACT CHECK: භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි යනුවෙන් අධිකරණ ඇමති තුමා පවසා සිටියා ද?

කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලම් භක්තිකයන්ගේ අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවී ඇත. දැනට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මියයන රොගීන් ආදහනය කරණු ලැබේ. එහෙත් මෙම ක්‍රමවේදයට විරෝධය පල කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය කිරීමට අවසර පතයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට රජය විද්වත් කමිටුවක් පත් කළ බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී? බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්නට බැහැ – අලි සබ්රි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරය හොබවයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලංකාවේ අවසර පතමින් ඔහු ප්‍රබල හඬක් නගයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලැබෙන අයහපත් ප්‍රතිචාර නිසා කළකිරී සිටින අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා […]

Continue Reading