රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන අසත්‍ය සටහනක් !

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජන හේතුවෙන් රජයේ වෛද්‍ය නිල්ධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් මෑත කාලීනව සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. මේ අතර අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරුද බහුලව සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් හුවමාරු වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ෂණයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අපිට වාහන පර්මිට් දෙන්න සල්ලි නෑ කියන ආණ්ඩුවට කෝටි ගණන් දීලා මෙට්‍රෝ බස් ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook Facebook Facebook

ඉහත සටහන බැලූ බැල්මට වීඩියෝවක් ලෙස දිස් වුවද, එය වීඩියෝවක් නොව සමාජ මාධ්‍ය සටහනක් වන අතර වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් සැබෑ ලෙසම මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් 2026 මාර්තු 31 දින තීරණය කර තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම නිසා අප්‍රේල් 4 වනදා පෙරවරු 8.00 සිට නැවතත් දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණා. ඒ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. 

Youtube

අප්‍රේල් 09 වන දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිවීම හේතුවෙන්, අප්‍රේල් 6 වනදා පෙරවරු 8.00 සිට මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණා. 

Youtube

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන්නේ මෙවන් පසුබිකදී වීම විශේෂත්වයක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධයෙන් සමාජය තුළ බහුලව කතාබහට ලක් වන මෙවැනි පසුබිමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් ට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වැඩි ඉඩක් ලැබෙනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් සිදු කරන ලද මෙවන් ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇත්ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින්  මෑතකාලීනව ක්‍රියාත්මක කළ වැඩ වර්ජන සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය විසින් ගනු ලබන අනෙකුත් විවිධ තීන්දු තීරණ සම්බන්ධයෙන් බහුලව අදහස් දැක්වීම් සිදු කරනු ලබන අතර, ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් ඔහු මෑතකාලීනව සිදු කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනෙහි අන්තර්ගත ඡායාරූපයේ පසුබිම සහිත වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වන වීඩියෝව අප විසින් පරීක්ෂාවට ලක් කළ අතර, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු ලේඛනයේත්, දුෂ්කර සේවා ලේඛනයේත් තිබෙන ගැටලු සම්බන්ධයෙන් සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් “ආයතන සංග්‍රහය” උල්ලංඝනය කර ඇති බව ඔහු විසින් එහිදී ප්‍රකාශ කරන අතර, ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන බවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එම වීඩියෝව පහතින්.

Archived Link

එසේම වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වන තවත් වීඩියෝ  මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඉහත කිසිඳු අවස්ථාවකදී ද ඔහු විසින් ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන බවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

2026.03.28 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය තුළ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියාවලිය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන අක්‍රමිකතා හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුළ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස දක්වා ඇති අතර ඉහත දැක්වෙන ආකාරයේ රථවාහන බලපත්‍ර සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් ඒ තුළ හෝ අන්තර්ගත වන්නේ නැහැ.

Facebook

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස – ලේකම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අප විසින් මේ  සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් සඳහන් කර සිටියේ තමා විසින් එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ අන්තර්ගතයට සමීප අදහසක් හෝ තමා විසින් ප්‍රකාශ කර නොමැති බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් “අපිට වාහන පර්මිට් දෙන්න සල්ලි නෑ කියන ආණ්ඩුවට කෝටි ගණන් දීලා මෙට්‍රෝ බස් ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ඉහත ආකාරයේ ප්‍රකාශයක් තමා විසින් සිදු නොකළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් තහවුරු කළා.

Result Stamp

Title: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන අසත්‍ය සටහනක් !

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *