FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2021-04-05 12:32 GMT

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.

මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ.

සමාජ මාධ්‍ය සටහන්:

  1. Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සඳහන් කර සිටියා.

ෆිල්ටර් එක 50000 යි

බෝඩ් එකට 25000 යි

#ජවිපෙ_පාර්ලිමේන්තු_මන්ත්‍රී #විජිත_හේරත්

මෙම සටහන සඳහා එක් කර තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රෝහලකට ජල පෙරණයක් ලබා දෙන අයුරුයි. එම ඡායාරූපය සහිත සටහන පහතින් දක්වා තිබේ.

Facebook | Archived Link

මෙම ඡායාරූපය රැගත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අයුරු පහතින්

  1. “සහණ මල්ල ගන්න කැමති අය දැන්ම අමතන්න” යනුවෙන් සඳහන් කරමින් Dulip Dee නමැත්තෙකු “සීයට තුන ශුන්‍ය කරමු. 3% to Zero” යන ෆේස්බුක් සටහනක් සහිත ඡායාරූපයක් පිටුවට එකතු කර තිබුණා.

එහි සඳහන් කර තිබුණේ, ජවිපෙ 50 වන විරු සමරුව වෙනුවෙන් අප්‍රේල් 05 සිට 15 දින දක්වා රතු තරුවෙන් රුපියල් 883 කට සහන මල්ලක් ලබා දෙන බවයි.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අයුරු

  1. “අසමත් රාජපක්ෂල ගෙන්නපු වස පොල්තෙල් කනවද එහෙම නැත්තං අපේ පක්ෂයට මුල්‍ය ප්‍රතිපාදන එකතු කිරීමට පක්ෂයෙ සහොදර සහෝදරියන් නිවසේම නිශ්පාදනය කරන ලද සුපිරිසිදු පොල් තෙල් අඩු මිළට නිවසට ගෙන්වා ගන්නවාද?

පිරිසිදු පොල් තෙල් නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න” යනුවෙන් සඳහන් කරමින් Dulip Dee යන අය විසින් “නෙළුම් පොහොට්ටුව” නමැති ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා.

එම සේයාරුවේ දැක්වෙන්නේ, පිළිකාරක නැති අපේම දෙයක් යනුවෙන් සඳහන් කළ පසුබිමෙහි රතු තරුව නමැති පොල්තෙල් බෝතල් දෙකකි. පාස්කු ඉරිදා දවසට සුබපතිමින් “Happy Easter” යනුවෙන්ද සේයාරුවේ පසුබිමේ දක්වා තිබුණේ පාස්කු ඉරිදා වෙනුවෙන් නිකුත් කරන බවටයි.

Facebook | Archived Link

එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසිනි.

  1. Nandana Marapana නමැති අයෙක් විසින් “අනේ මන්දා ජෙප්පො නම් ” ලෙසින් පළ කළ සටහනක දැක්වුණේ, පුවත් පතක පළ වූ සටහනක් ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු ඡායාරූපයකි. එම පුවත්පතේ සඳහන් වන්නේ “සතොස සහන මල්ල නිසා සිල්ලර වෙළෙන්දන්ටත් බඩු අඩු මිළට දෙන්න වෙලා. ආණ්ඩුව අද වෙළෙන්දො අසරණ කරලා. ” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන බවයි.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වූ සටහන්

  1. Dulip Dee නමැත්තා විසින් සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබුණේ, “ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ අනුර සහොදරය ආදරෙයි අයියේ බයියන්ට පේන්න ශෙයා කරන්න යාලුවනේ” සටහන් කරමින් ලංකා සති අන්ත ලංකා පුවත් පතේ ලෙස හැඟවෙන පරිදි දක්වා ඇති ඡායාරූපයේ දැක්වුණේ, රුසියානු ලුමුම්බා සරසවියෙන් අනුරට ආචාර්ය උපාධියක්! මිත්‍රත්වයේ සරසවියට අනුරට දෑත් දිගුකරයි යනුවෙනි.

Facebook | Archived Link

  1. “දැන් ජෙප්පන්ට වඩා ආතල් එකක් දෙන්නෙ ෆැක්ට් චෙකස් ලා නෙ ෆ්‍රෙන්ස්” යන තේමාවෙන් අනුර අයියගෙ උපන්දිනේ
    අප්‍රේල් 1 නෙවෙයි කියල අනුර අයියට කතා කරල අහල දැන ගෙන ෆැට් චෙක් කරන් තියෙන්නෙ” යනුවෙන් සඳහන් කරමින් Dulip Dee නමැත්තා සිය ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනයි මේ.

මෙහි සඳහන් වන්නේ Factcrescendo – Sri Lanka නම් අප නිල ෆේස්බුක් පිටුවේ පළ වූ වායැයි කියන සටහනක් සම්බන්ධයෙනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම සටහන් පෙළේ දක්වා ඇති 1 වෙනි කරුණ වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රෝහලකට ජල පෙරණයක් ලබාදීම සම්බන්ධයෙන් අප කළ මූලික විමර්ශන වලදී හෙළි වුණේ, මෙම සිදු වීම මීට වසරකට පෙර, එනම් 2020 පෙබරවාරි මාසයේදී කළ කර්තව්‍යක් බවයි. මේ සම්බන්ධයෙන් විජිත හේරත් මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් කළ විමසීමෙන් ඔහු පැවසුවේ 2020 වතුපිටිවල මූලික රෝහලේ ළමා වාට්ටුව සඳහා ජල ‍‍පෙරණයක් පරිත්‍යාග කිරීම සිදු කළ බවත්, ඒ රෝහල් කාර්ය මණ්ඩලය සිය හිතවතෙකු මාර්ගයෙන් කළ ඉල්ලීමකට බවයි. එම ජල පෙරණයට රුපියල් 90,000 ක පමණක් වැය වී ඇති අතර එහි නඩත්තු සඳහා එම ජල පෙරණය ලබාගත් ආයතනයට මුදල් දීමද තමන්ගේ ප්‍රතිපාදවලින් කෙරෙන බවත් සඳහන් කළා. මෙහි සඳහන් ඔහුගේ නම සඳහන් කර ඇති පුවරුවට ඉතාමත් සුළු මුදලක් වැය වුණු බවත් ඔහු සඳහන් කළා.

අප තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වතුපිටිවල මූලික රෝහලේ ළමා වාට්ටුවෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේද, ඔවුන් කළ ඉල්ලීමකට අනුව විජිත හේරත් මහතා මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහන පැරණි සටහනක් වන අතර නාම පුවරුව ප්‍රදර්ශනය කිරීමට සුළු මුදලක් වැය වී ඇති බවයි.

ඉහත සඳහන් 2 හා 3 යන කරුණු වන රතු තරුව සංවිධානයේ සහන මල්ලක් සහ පිරිසිඳු පොල් තෙල් නිවසට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බවත් ජනතාව නොමග යැවීම සඳහා ව්‍යාජ ෆේස්බුක් සටහන් සකස් කරමින් මෙලෙස අසත්‍ය පැතිරවීමට කටයුතු කරන බවයි. රතු තරුව සහන මල්ලක් ලෙස ව්‍යාජ ලෙස සංස්කරණ කර තිබුනේ සතොස සහන මල්ලක ඡායාරුපයක්. "සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සතොස පාරිභෝගික ජනතාවට සහන මල්ලක්..." යනාදී වශයෙන් බන්දුල ගුණවර්ධන මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක මෙම සංස්කරණය සඳහා යොදාගත් මුල් ඡායාරුපය මෙසේ දැක ගන්නට ද ලැබුණා.

ඉහත සඳහන් 4වන කරුණෙන් දැක්වෙන “සතොස සහන මල්ල නිසා සිල්ලර වෙළෙන්දන්ටත් බඩු අඩු මිළට දෙන්න වෙලා. ආණ්ඩුව අද වෙළෙන්දො අසරණ කරලා” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා යැයි පවසමින් පුවත් පතක පළ කරන ලද්දක් බවට හැඟවීමට භාවිතා කළ සටහනද ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය තහවුරු කළා. එලෙස නලින්ද මහතා කිසිදු තැනක සඳහන් නොකළ බවද ඔවුන් අවධාරණය කළා.

අප මෙම සංස්කරණයට භාජනය වූ සත්‍ය පුවත ගැන විමර්ශනය කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ, පසුගිය අප්‍රේල් 2 වන සිකුරාදා දිනයේදී මව්බිම පුවත් පතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගිවූ දේශපාලන කතිකාවක පුවතක් මෙසේ සංස්කරණය සඳහා යොදාගෙන තිබු බවයි. එහි මුල් පුවත මව්බිම පුවත් පතේ 10 වන පිටුවේ දැක්වුණේ පහත අයුරුන්.

Mawbima.lk | Archived Link

ඒ අනුව. මෙම පුවත ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවට තහවුරු වෙයි.

5 වන සටහන වන රුසියානු ලුලුම්බා සරසවියෙන් අනුරට ආචාර්ය උපාධියක් ලැබුණා බවට සඳහන් කරමින් පළ වූ පුවතද ව්‍යාජ ලෙස සංස්කරණය කර තිබුණා.

අප ඒ සම්බන්ධයෙන් ලංකා පුවත් පතෙන් කළ විමසීමේදී එහි කතෘ සඳහන් කළේ. එවැනි පුවතක් තම පුවත් පත වාර්තා නොකළ බවයි.

සත්‍ය පුවත් පත පහතින් දක්වා තිබේ.

lankaweb.lk | Archived Link

සත්‍ය පුවත් පතේ මුල් පිටුව සහ ව්‍යාජ සංස්කරණය පහතින්

මෙම පුවතද අසත්‍ය මෙන්ම ව්‍යාජ ලෙස සංස්කරණය කළ බව ජවිපෙ මාධ්‍ය අංශය තහවුරු කළා.

ඉහත 6 වන සහ අවසන් කරුණ නම් Factcrescendo – Sri Lanka නම් අප නිල ෆේස්බුක් පිටුවේ මෙවන් සටහනක් අප පළ නොකළ බවයි. අප මෙවන් වාර්තාවක් සිදු නොකළ අතර අපගේ ෆේස්බුක් පිටුව අවභාවිතා කොට මෙලෙස ව්‍යාජ ලෙස සැකසූ සටහනක් අප විසින් කළ බවට හැඟවීමට මෙලෙස පළ කර තිබුණි.

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව පැහැදිලි වන්නේ. ඉහත සඳහන් සටහන් ජනතාව නොමග යැවීම සඳහා ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සහ අපහාසාත්මක මෙන්ම උපහාසාත්මක කෝණවලින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් මෙන්ම එයට අනුබද්ධිත රතු තරුව අළලා නිර්මාණය වී තිබු බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News