FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

Update: 2021-05-11 07:49 GMT

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා.

මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ මග මිය ගිය පුද්ගලයෙකුගේ යැයි හැඟවෙන ආකරයට මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් හුවමාරු වී තිබුනේ කොරෝනා මීට වසර 4කට පමණ පෙර ඡායාරුපයක් බව අප Factcrescendo තහවුරු කරගත්තා. ඒ පිලිබඳ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

සංචාරේ නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් “වෛරසයක් කල විනාසයක්...ඉන්දියාව” යන තේමාවෙන් රික්ශෝවක හිස පහලට වන සේ වැටී සිටින පුද්ගලයකුගේ ඡායාරුපයක් මෙසේ හුවමාරු කරගෙන තිබුණා.

Facebook | Archived

මෙම පුවතම තවත් ෆේස්බුක් පි‍ටුවක් විසින් වාර්තා කර තිබුනේ “වයිරසයේ තරම ඉන්දියාවෙන් ඉගෙන ගනිමු..” යනුවෙන්.

Facebook | Archived

මෙරට ෆේස්බුක් පරිශීලකයන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු මෙම සටහන් මඟින් අදහස් කර තිබුනේ වත්මන් ඉන්දියාවේ කොවිඩ් ආසාදිත රෝගියෙකු මෙසේ මහමඟ වැටී සිටින ආකාරයක් යනුවෙන්.

එබැවින් මෙවන් සිද්ධියක් සත්‍ය වශයෙන් ම පසුගිය දිනවල වාර්තා වුණි දැයි සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ගූගල් හි රිවර්ස් ඉමේජ් සෙවුම යොදා එය මීට පෙර එය පල වී ඇත්දැයි පරීක්ශා කර බැලුවා. එහිදි අපට සොයා ගැනීමට හැකි වුනේ Steemit නම් වෙබ් අඩවියකට මීට වසර 4කට පමණ මෙම ඡායාරූපය පල කර තිබුනු බවයි.

Steemit.com | Archived

මේ අනුව බීමත් රික්ශෝ රියදුරෙක් ලෙස සටහන් තමබමින් පල කර තිබුනු මෙම චායාරූපය වසර 4කට පෙර එක් කරන ලද ඡායාරූපයක් නිසා මෙම සිදුවීම කොරෝනා රෝගය හේතුවෙන් බවට පැවසෙන ප්‍රකාශය අසත්‍ය එකක් බවට අපට පැහැදිලියි.

ඡායරුපයේ කල්කටා ප්‍රදේශයේ රථවාහන පොලිසියේ පුවරුවක් දිස් වූ බැවින් මේ පිළිබඳව අප ඉන්දියානු කණ්ඩායම හරහා විමසා බැලුව ද මුල් ඡායාරුපය පිලිබඳ වැඩිදුර විස්තරයක් මෙතක් ලබාගැනීමට හැකි වුයේ නැහැ.

මේ පිලිබඳව වැඩි දුරටත් හොයා බැලීමේදී දැක ගණනට ලැබුනේ ඉන්දියාවේ ද මෙය මෑතක දී ලබාගන්නා ලද ඡායාරුපයක් ලෙස හුවමාරු වී තිබු බවයි. ඒ අනඅනුව මෙම ඡායාරුපය කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ පීඩා විඳින පුද්ගලයෙකුගේ නොවන බවට ඉන්දීය වෙබ් අඩවියක් කිහිපයක් ම කරුනු සොයා බලා වාර්තා කර ඇති තිබුණා. එවැනි ඉංග්‍රීසි බසින් පළවූ එක් වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට තහවුරු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන මෑතකදී ඉන්දියාවේ කොවිඩ් ආසදිතව අසරණ වී සිටින රික්ෂෝ රියදුරෙකුගේ බව පෙන්වන ඡායරූපය මීට වසර 4 කට ඉහත දී පළවූ ඡායාරුපයක් බවයි.

ඒ හේතුවෙන් මෙම සිදුවීම කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදු වූ සිද්ධියක් බවට පැවසෙන පුවත අසත්‍ය සහ නොමඟ යවන සුළු බව අපට තහවුරු කල හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News