FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

Update: 2021-05-13 16:41 GMT

කෝවිඩ් වෛරසය උත්සන්න වී ඇති මෙවැනි වකවානුකදී වුවද ජනතාව තුළ අනිසි බියක් ඇති කරවීමට නොමග යවන සුළු සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම අපට නිතර දැක ගන්න ලැබෙනවා.

රෝහලක ඇඳක් මත අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර එමගින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ඇය ලංකාවේ වෙසෙන දැරියක් බවත් කෝව්ඩ් ආසාදනය වීමේන් ඇය පීඩා විඳින බවත්ය. මේ හේතුවෙන් රට වසා දැමිය යුතු බවත් එමඟින් අදහස් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස දක්වා තිබු Asanka Perera ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ, ශ්වසනය කිරීමට නොහැකිව රෝහලක අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවකි. රට වහන්න යනුවෙන්ද ඔහු එම සටහනේ දක්වා තිබුණා.

https://vimeo.com/548858605

Facebook | Archived Link

මෙම වීඩියෝව මේ වන විට 257,000ක් පමණ පිරිස නරඹා තිබු අතර 22,000 කට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුණා.

මෙම තත්ත්වය කෝවිඩ් නිසා ඇතිවූ හුස්ම ගැනීමේ අසීරුතාවයෙන් පෙළන බවට ගම්‍ය වු බැවින් එබඳු තත්වයක් ද යන්න බොහෝ දෙනෙක් විමසා තිබුණා.

එසේම මෙම කුඩා දැරියට ඉක්මන් සුව පතා ද බොහෝ දෙනෙක් විසින් සටහන් පළකර තිබු අතර මෙවැනි තත්වයක් උදා කල පාලකයින්ට බැනවදිමින් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

එසේම Shine TV නම් ෆේස්බුක් පිටුවක එම දියණියගේ දර්ශන පෙළ විස්තර කර තිබුනේ “කොවිඩ් ආසාධිතව හුස්ම අල්ලමින් ජීවිතයත් මරණයත් අතර සටන් වදින පුංචි දියණියක්” යනුවෙන්

Facebook | Archived

සත්‍ය වශයෙන්ම කෝවිඩ් නිසා මෙවැනි අසාද්‍ය තත්ත්වයක් මෙම දරුවාට ඇති වූවාද යන්න අප විමර්ශනයක් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝව නිරීක්ෂණයේදී පෙනී යන්නේ අසාද්‍ය තත්ත්වයෙන් පසුවන ශ්වසනාබාදයෙන් පෙළෙන දැරියකට කෘතිම ශ්වසනය ලබා දීමට හෙදියක් විසින් යුහුසුළුව ක්‍රියා කරන අයුරුත් එම හෙඳිය සමග දැරවියගේ මව යැයි සැලකිය හැකි කාන්තාවක්ද එම වීඩියෝවේ සිටින බවයි.

මව යැයි සැලකිය හැකි කාන්තාව දැරිවියට ‘මගේ මැණික’ යනුවෙන් ආමන්ත්‍රණය කරන අයුරුද සඳහන් වේ. එමෙන්ම හෙදිය වීඩියෝවේ අවසානයේ මලයාලම් භාෂාවෙන් වෙනත් රෝහල් සේවක මණ්ඩලයේ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන අයුරු මෙම වීඩියෝවේ සනිටුහන් වී තිබුණා. මේ අනුව ද බොහෝ දුරට මෙය ලංකාවේ රෝහලක් විය නොහැකි බවක් ගම්‍ය වනවා.

මෙම වීඩියෝවේ හැඟවීමට උත්සහ කළ පරිදි කොරෝනා වෛරසය එම දැරිවියට වැළඳී ඇත්නම් කුමන හෝ රෝහලක දී ප්‍රතිකාර ලබාදෙන හෙදිය ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී සිටිය යුතු වනවා. තවද ලංකාවේ කෝවිඩ් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වන රෝගියෙකුට ප්‍රතිකාර කරනු ලබන්නේ රජයේ රෝහලක බැවින් මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි කුඩා දැරියගේ අතේ පෞද්ගලික රෝහලක මෙන් ටැගයක් (Tag) තිබීමේ හැකියාවක් ද නොමැත.

එමෙන්ම කෝවිඩ් ආසාදනය වී ඇති රෝගියෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවේදී රෝහල් වෙතට බාහිරින් පැමිණෙන පුද්ගලයින්ව අදාළ වාට්ටු හෝ ප්‍රතිකාර අංශය තුළට ඇතුළත් කර නොගනී. ඒ අනුවද පෙනී යන්නේ මෙම තත්ත්වය කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කළ යුතු ආකාරයක් නොවන බවයි.

මෙම වීඩියෝව පරීක්ෂා කළ ළමා රෝග විශේඥවරයෙකු අපට පැහැදිලි කර සිටියේ වීඩියෝවේ සිටින දැරිවියගේ මුවින් පිටවන ශබ්දය අනුවද මෙය අපස්මාර තත්ත්වයක් (seizure, epilepsy) මොළයේ ගෙඩියක්, මොළයට ආසාදනය වීම වැනි ඕනෑම තත්වයක් නිසා මොළයට රුධිර සැපයුම අඩු වීම හේතුවෙන් ද විය හැකි උණ වලිප්පුව (Fit එක) වැනි තත්වයක් විය හැකි බව.

පහතින් දැක්වෙන්නේ එම තත්ත්වයට මුහුණ පෑ දරුවෙකුගේ හැසිරීම් විලාශය දැක්වෙන වීඩියෝවකි.

https://www.youtube.com/watch?v=vSnRdmR6xcE

කුඩා දරුවන්ට ඇතිවන උණ වලිප්පුව පිලිබඳ ලිපියක් මෙතනින් සහ මෙතනින්

මෙසේ විශාල වශයෙන් හුවමාරු වන වීඩියෝවේ දර්ශන ලංකාවේ නොවන බවන් කුවේට් හි වෙසෙන ලංකාවේ පවුලක කුඩා දැරියක් බවත් කිහිප දෙනක් ම ප්‍රතිචාර දක්වා තිබුණා. Factseeker කරුණු විමර්ෂණ කණ්ඩායමේ සහය ඇතිව කුවෙට්හි වෙසෙන මෙම දැරියගේ පියාව සම්බන්ධ කර ගැනීමට අපට හැකි වුණා.

ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ, අවුරුදු දෙකහමාරක් පමණ වන තම කුඩා දියණිය මේ වන විට නිරෝගී සුවෙන් පසුවන නමුත් තවමත් රෝහලේ සිටින බවයි. මැයි මස 4 වන දා දැරියට උණ වලිප්පුව සෑදීම නිසා කුවේට් හි රෝහල් ගත කළ අවස්ථාවේ හෙදියන් පමණක් සිටි බවත් ඒ හේතුවෙන් වෛද්‍යවරයාට දැරියගේ මෙම තත්ත්වය පෙන්වීම අරමුණු කොටගෙන තමා විසින්ම මෙම වීඩියෝව පටිගත කළ බවත් ඔහු සඳහන් කර සිටියා.

රැකියා ස්ථානයේදී නිවාඩු ලබා ගැනීම සඳහා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වීමට ඉහත වීඩියෝව කුවෙට්හි සිය සේවා ස්ථානයට යොමු කළ බවත් යම් විදියකින් ඉන් පසුව එම වීඩියෝව මෙසේ සමාජ මාධ්‍යට සිය අවසරයකින් තොරව මුදා හැර ඇති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළා.

අප දැරියගේ එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුමෙන් ලබාගත් වෙනත් ඡායාරූප හා පියා විසින් ලබාදුන් අනෙකුත් ඡායාරූප සසඳා බැලීමේදී අපට තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වුණා. නමුත් දැරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම හේතුවෙන් ඇයගේ නම හෝ එම ඡායරූප අප මෙහි දක්වන්නේ නැත.

එමෙන්ම දැරිය මේ වන විටත් කුවෙට්හි Jaber ප්‍රදේශයේ එම රෝහලේ ප්‍රතිකාර ගනු ලබන බව පියා අපට පවසා සිටියා. මෙම රෝහලේ කාර්ය මණ්ඩලයේ වැඩි වශයෙන් සිටින්නේ මලයාලම් භාෂා කරන අය බවට අප විසින් අනුමානය දැරියගේ පියා විසින් ද තහවුරු කරනු ලැබුවා. අප මලයාලම් කරුණු විමර්ෂණ කණ්ඩායම ද පවසා සිටියේ කේරළයේ හෙදියන් විශාල සංඛ්‍යාවක් මැද පෙරදිග හෙද සේවය සඳහා පිටත්ව යන බවයි.

දරුවාගේ පියා වැඩිදුරටත් සඳහන් කළේ, තම දියණියගේ ඡායාරූප, වීඩියෝ යොදාගෙන සිදු කරන අසත්‍ය ප්‍රචාර නවත්වන ලෙසයි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන වීඩියෝවේ දැක්වෙන්නේ දැරියකට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුකොට ඇතිවූ අසාද්‍ය තත්ත්වයක් නොව උණ වලිප්පුව (Fit එක) සෑදීමේන් ඇති වූ හදිසි තත්ත්වයක් බවයි.

එමෙන්ම මෙම දැරිය ලංකික දැරියක් වුවද සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් ඔස්සේ අදහස් කර තිබු පරිදි ඇය ප්‍රතිකාර ලබා සිටියේ ලංකාවේ රෝහලක නොව කුවේට් රෝහලකය. මේ වන විට ඇයගේ රෝගී තත්ත්වය සුව අතට හැරී ඇති අතර තවදුරටත් කුවෙට්හි Jaber ප්‍රදේශයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News