FACT CHECK: පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?

Update: 2021-05-14 17:09 GMT

රටේ පවතින කාලීන සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳහන් කළ බවට, පළ කළ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින් වර හුවමාරු වන අතර එවැනි සටහන් රැසක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ෂණ ද සිදුකර තිබෙනවා.

එවන් පසුගිය දින කිහිපයේ හුවමාරු වූ සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින් දක්වා තිබේ.

සමාජ මාධ්‍ය සටහන් :

  1. “විරුවන් මිය යන්නේ නැත ඉතිහාස ගතවනවා පමණි

ඌරු ජුවා සොහොයුරාට විප්ලවීය ආචාරය !

ජනතා විමුක්ති පෙරමුණ” ලෙස සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පළ කළ පෝස්ටරයක් ලෙස මෙම ඡායාරූපය Dulip Dee නමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුම වෙත එක්කර තිබුණා.

Facebook | Archived Link

  1. රුපියල් පනස්දහසේ දීමනාව ලබාදීම මීට වඩා ක්‍රමවත් විය යුතු බවට දීපානි සිල්වා මහත්මිය සඳහන් කළ බවට දක්විමන් Newsfirst.lk හි පළ වූ වීඩියෝවක් Nandana Jayasekara යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.

“මේ මුදල ගන්න අපටත් පෝලිමේ ඉන්න වෙලා, කලා කරුවන්ට සලකනවා කියලා බලයට පැමිණි මේ ආණ්ඩුව අපට සලකන්නෙ මෙහෙමද” යනුවෙන් දීපානි මහත්මිය පැවසූ බවට මෙම සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණා.

Facebook | Archived Link

  1. අරගලකරු මියගියද අරගලය අවසන් නැත සුව නින්දක් තාරක සහෝදරයා යනුවෙන් මරණ බැනරයක් (Banner) ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කර ඇති බව හැඟවීමට මෙම සටහනින් උත්සහ ගෙන තිබුණා.

Facebook | Archived Link

  1. “ අපේ පක්ෂයේ අරමුදලෙන් රුපියල් බිලියන දෙකක් එන්නත් ගෙන්වීමට පරිත්‍යාග කරන්නට සූදානමින් සිටිනවා නමුත් රාජපක්ෂලා එයිනුත් ගසාකන නිසා පක්ෂයේ බහුතරයේ විරෝධය හමුවේ එය නවත්වන්නට සිදුවූවා.” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා පුවත් පතකට කළ ප්‍රකාශයක් බවට හඟවමින් “මාලිමාව malimawa” නමැති ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

  1. පොලිස් අත්අඩංගුවට පත් පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ බව පැවසෙන මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල හෙවත් “ඌරුජුවා” හට පසුගියදා පොලීසිය විසින් වෙඩි තබා තිබුනා. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම මරණය සඳහා පෝස්ටරයක් නිර්මාණය කළ බවට හැඟවෙන පරිදි “ඌරුජුවා”ගේ ඡායාරූපයක් සහිත පෝස්ටරයක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

මීට පෙරද මෙම පොස්ටර් ආකෘතියම සංස්කරණය කරමින් මාකඳුර මදූෂ්ගේ මරණයෙන් පසුවද ජනතා විමුක්ති පෙරමුණ විසින් පෝස්ටරයක් නිර්මාණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

සංස්කරණය කරන ලද පෝස්ටර්වල සංසන්දනය පහතින්.

  1. රුපියල් පනස්දහසේ දීමනාව ලබාදීම මීට වඩා ක්‍රමවත් විය යුතු බව දීපානි සිල්වා මහත්මිය සඳහන් කළ බවට සංස්කරණය කළ සටහනේ සත්‍ය වීඩියෝව Newsfirst.lk පළ වී තිබුණේ මෙලෙසිනි.

සංස්කරණය කරන ලද සහ සත්‍ය වීඩියෝ රූපරාමුවේ සංසන්දනයක් පහතින්.

මීට පෙරද රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය සඳහන් කළ බවට අසත්‍ය පුවතක් සඳහන් කරමින් සංස්කරණය කළ සත්‍ය වීඩියෝව සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

  1. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක” පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් පසුගියදා ජීවිතක්ෂයට පත්වුනා. ඒ පිලිබඳ පුවත් වාර්තාවල පළවූ ඡායාරුපයක් යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සංවේගය පෙන්වන බැනරය නිර්මාණය කර තිබුණා.

එලෙස ජීවිතක්ෂයට පත් “කොස්ගොඩ තාරක” වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල කාර්යාලය විසින් කිසිඳු බැනරයක් නිර්මාණය කළ නැති බවත් එසේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කල බැනරයක් බවට ජනතාව නොමඟ යවමින් සකසන ලද සටහන් ව්‍යාජ හා පදනම් විරහිත බවට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යාංශය සඳහන් කර සිටියා.

  1. නලින්ද ජයතිස්ස මහතා විසින් 2015 දෙසැම්බර් මස Daily News පුවත්පතට කළ පුවත් සාකච්ඡාවේ දක්වා ඇති නලින්ද මහතාගේ ඡායාරූපයක් උපයෝගී කර ගෙන සකසා තිබු සටහනින් කියවුනේ එම පක්ෂයේ අරමුදලෙන් රුපියල් බිලියන දෙකක් එන්නත් ගෙන්වීමට පරිත්‍යාග කරන්නට සූදානමින් සිටියද රාජපක්ෂලා එයිනුත් ගසාකන බැවින් පක්ෂයෙ බහුතරයේ විරෝධය හමුවේ එය නැවැත්වූ බවක්.

නලින්ද ජයතිස්ස මහතා මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවද මෙම සටහන අසත්‍ය බවද ඒ මහතා සඳහන් කළා.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව සඳහන් කළ හැක්කේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ බවට දැක්වෙන මෙවන් අසත්‍ය සටහන් ජනතාව නොමග යැවීමට හා එම පෙරමුණ අපකීර්තියට පත් කිරීම සඳහා මෙලෙස සමාජ මාධ්‍ය වෙතට මුදා හැර ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News