FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Update: 2021-06-02 06:42 GMT

Image courtesy: Timeanddatde

නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි.

කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් බව ද දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ ව්‍යාජ සටහනක නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්:

වසර 823 කට වරක් සිදුවන දින 5 බැගින් මාසයේ දවස් කිහිපයක් දැක්වෙන සංසිද්ධිය පිලිබඳ කරුණු ෆේස්බුක් ඔස්සේ 2020 වසරේ දී හුවමාරු වුයේ මෙලෙසින්.

“අගෝස්තු දින දර්ශනය. (ඔබේ ජීවිතයේ මෙම සංසිද්ධිය ඔබ දකින එකම අවස්ථාව මෙය වේ) 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 අගෝස්තු මාසය මෙම වසරේ සෙනසුරාදා දින 5ක් ඉරිදා සහ සඳුදා 5 ක් ඇත. එය සිදුවන්නේ වසර 823 කට වරක් පමණි. චීන ජාතිකයන් එක හඳුන්වන්නේ “ BAG FULL OF MONEY” යනුවෙනි...” යනාදී වශයෙන් දක්වමින් චීන ෆෙන්ෂුයි මත පදනම්ව මෙම පණිවුඩය හුවමාරු නොකරන තැනැත්තාට විශිෂ්ඨ අවස්ථාවක් අහිමි විය හැකි බව ෆේස්බුක් සටහනක දක්වා තිබුණා.

Facebook | Archived

තව ද 2021 ජුලි මාසයේ මෙවැනි ම සංසිද්ධියක් ඇති වන බව දක්වමින් ද සටහන් පෙළක් හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ පහත අයුරින්.

Facebook | Archived

මෙම සටහන් නැවත වරක් බොහෝ වසර වලදී හුවමාරු වී තිබු අතර 2023 වසරේ හුවමාරු වූ සටහනක් මෙලෙසින්.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ දී සති අන්ත 5ක් සහිත මාස වසර 823 කට වරක් සිදුවන බව පැවසෙන ප්‍රසිද්ධ මිත්‍යා මතය ඇතුළත් සටහන් පිලිබඳ බොහෝ කරුණු විමර්ෂණ කණ්ඩායම් මෙන්ම වෙබ් අඩවි විසින් ද වාර්තා පළකර තිබුණා.

ඒ සියල්ලක ම දැක්වුණේ මෙය මිත්‍යාවක් පමණක් බවත් මෙවැනි සති අන්ත 5ක් ඇතුළත් මාස බොහෝ අවස්ථාවන් හි දී දැක ගන්නට ලැබෙන බවත්ය.

Timeanddate වෙබ් අඩවියේ එම මිත්‍යා මතයේ දක්වා ඇති පරිදි කරුණු සිදු නොවන්න හේතුව ගණිතමය පසුබිමින් ද විස්තර කර තිබෙනවා.

කෙසේවෙතත් වසර 823 කින් පසුව ද සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති පරිදි දින සැකසීම සිදු වුව ද එය ඊට පෙර බොහෝ අවස්ථා ගණනක දී ද සිදුවන බව අපට ද දැක ගන්නට ලැබුණා.

උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබු 2020 වසර අගෝස්තු මස සිදුවූ සෙනසුරාදා 5, ඉරිදා 5 සහ සඳුදා 5 වන දින සැකසුම නැවත අවුරුදු 823 කට පසු එනම් 2843 වසරේ ද සිදුවේ.

එසේ නමුත් ඊට පෙර අවස්ථා ගණනක දී ම එම දින සැකසුම අපට දැක ගන්නට ලැබෙනවා. එනම් 2026 (6), 2037 (11), 2043 (6), 2048 (5) යනාදී වශයෙන් වසර ගණනාවක ම එලෙසින් දින සැකසෙන බව ද දැක ගන්නට පුළුවන්. නැවත වරක් එම චක්‍රයම 2054 (6), 2065 (11), 2071 (6), 2076 (5) වසර වල දී ද දැක ගන්නට පුළුවන්. එනම් 6-11-6-5 යන වසර ගණනකට වරක් චක්‍රයකට අනුව මෙම දින සැකසුම සිදුවන බව පෙනී යනවා.

Snopes කරුණු විමර්ෂණ කණ්ඩායම ද පෙන්වා දී තිබුනේ සෑම වසර 7 කට සැරයක් නොමැති ව මෙසේ වෙනස් ආකරයේ රටාවකට අනුව දින සැකසුමක් සිදුවන්නේ අධික අවුරුදු වල බලපෑම හේතුවෙන් බවයි.

මෙවැනි ම සටහනක් පිළිබඳව අප දමිළ බසින් 2019 වසරේ සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්.

2023 වර්ෂයේ අගොස්තු මස දින දර්ශනය පරික්ෂා කිරීමේ දී අපට දැක ගැනීමට හැකි වූයේ, අගොස්තු මසයේ සෙනසුරාදා දින 5ක් 5 ඉරිදා සහ සඳුදා 5ක් නොමැති බවයි. දින 5ක් ඇති දවස් වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා පමණී.

එමෙන්ම දින 31ක් සහිත ඕනෑම මාසයක (ජනවාරි, මාර්තු, මැයි, ජුලි, අගෝස්තු, ඔක්තෝබර් සහ දෙසැම්බර්) කිසියම් හෝ එකලඟ පිහිටන දවස් 3 ක් අනිවාර්යයෙන්ම දින 5 බැගින් පිහිටි සති සහිත පෙන්නුම් කරනවා.

එබැවින් අගෝස්තු මාසයේ දී සෑම විටම දින 31ක් ඇති බැවින් සහ සෑම සතියකට දින හතක් ඇතුළත් වන බැවින්, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා මඟින් ආරම්භ වන ඕනෑම අගෝස්තු මාසයක ඉහත සමාජ මාධ්‍ය සටහනේ පරිදි සෙනසුරාදා දින පහක්, ඉරිදා දින පහක් සහ සඳුදා දින 5 ක් අන්තර්ගත වෙනවා. ඉහත පෙන්වූ පරිදි මීළඟට එම සැකසුම දක්නට ලැබෙන්නේ 2026 අගෝස්තු මාසයේදී යි.

Updated 01/11/23 :

2023 ජනවාරි මාසයේදී මෙම සටහන සංසරණය වූ අතර ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි, මේ වසරේ අගොස්තු මස සෙනසුරාදා දින 5ක් 5 ඉරිදා සහ සඳුදා 5ක් නොමැති බවට දැක ගන්නට ලැබේ. එම මස දින 5ක් ඇති දවස් වන්නේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා පමණී.

BAG FULL OF MONEY

"BAG FULL OF MONEY" නැත්නම් ෆෙන්ෂුයි මුදල් බෑගය චීන සංස්කෘතියේ ධනය සඳහා වඩාත් ජනප්‍රිය ප්‍රතිකර්මයක්. එය කෙතරම් ජනප්‍රියද යත්, බොහෝ චීන නිවාස සහ ව්‍යාපාරවල මෙම මල්ල ඔබට දැකගත හැකිය.

නමුත් ඇත්තටම මොකක්ද මේ චීන සල්ලි මල්ල? සහ එය නියෝජනය කරන්නේ කුමක්ද?

ෆෙන්ෂුයි මුදල් බෑගය යනු කාසි වලින් පුරවා ඇති කුඩා මල්ලකි. එය සාමාන්‍යයෙන් රතු හෝ රන්වන් වර්ණවලින් එන සේද හෝ වෙල්වට් රෙදි වලින් සාදා ඇත. චීන සම්ප්‍රදායන් තුළ මෙම වර්ණ දෙකම සුබ වර්ණ ලෙස සලකනු ලැබේ.

ෆෙන්ෂුයි මුදල් බෑගය, දිගු කලක් තිස්සේ පෙරදිග විශ්වාසයන් තුළ ධනය, බහුලත්වය සහ වාසනාව පිලිබඳ සංකේතයක් වී ඇත. බොහෝ ෆෙන්ෂුයි විශේෂඥයින් ධන ශක්තියේ බලගතු සක්‍රියකාරකයක් ලෙස මෙය සලකනවා. මෙමගින් ඔවුන් අදහස් කරන්නේ ෆෙන්ෂුයි ප්‍රතිකාරය ඔබේ ජීවිතයට වැඩි ධනයක් සහ වාසනාව ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන බවයි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

එසේම චීන Feng Shui විශේෂඥයකු වන Mina Zheng විසින් AAP FactCheck වෙත පවසා තිබුනේ සතියේ දින තුනක් අවස්ථා මාසයක පස් වතාවක් සිදු වීම, “BAG FULL OF MONEY” සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Also Read: FACT CHECK: 2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද?

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සති අන්ත 5ක් සහිත මාස වසර 823 කට වරක් සිදුවන බව පැවසෙන සටහන් ප්‍රසිද්ධ මිත්‍යා මතයක් පදනම් කරගත් සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බවයි.

අධික අවරුදු බලපෑම හේතුවෙන් මෙසේ සති අන්ත 5ක් සතිත මාස 6-11-6-5 ලෙස චක්‍රාකාර රටාවකට අනුව අවුරුදු කිහිපයකට සැරයක් සිදුවන බව පැහැදිලියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Fact Check By: Factcrescendo Team

Result: False

Tags:    

Similar News