FACT CHECK: ලංකාවේ දක්ෂ තරුණියකගේ නිර්මාණයක්?

Update: 2021-06-30 17:28 GMT

නොයෙකුත් නිර්මාණයන් එළි දැක්වීමටත් ඒ සඳහා ප්‍රචාරය ලබා ගැනීමටත් සමාජ මාධ්‍ය මහඟු අත්වැලක් වෙනවා. එම නිර්මාණ අගය කිරීමටත් ඒ පිළිබඳව අනෙක් පිරිසත් දැනුවත් කිරීමට එවැනි ෆේස්බුක් සටහන් සංසරණය කර ගැනීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.

නමුත් මෙසේ හුවමාරු වන ඡායාරුප සටහන් වල දැක්වෙන්නේ නිවැරදි තොරතුරු යන්න පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත්. ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පිණියක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එවැනි ඡායාරුපයක නිවැරදි තොරතුරු සොයා අප සිදු කළ විමර්ශනයක් මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජලා jala නමැති ෆේස්බුක් පිටුවේ

“ මෙ පිටරටක කෙල්ලෙක් නෙවෙයි…

ලංකාවේ දක්ෂ කෙලලෙක්ගෙ නිර්මාණයක් 🌷💖😍

යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් පළ කර තිබුණා. එහි පෙන්නුම් කළේ, දුම්රිය රේල්පිල්ලක් අසළ සිටින තරුණියක් එම ස්ථානය චිත්‍රයකට නගා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයකි.

Facebook | Archived Link Facebook | Archived

ලංකාවේ තරුණියක් බව සඳහන් වන්නේ නැතිව ද ඉහත ඡායරුපයේ සිටින තරුණියගේ දක්ෂතාව අගය කරමින් සටහන් කිහිපයක් ම මෙරට ෆේස්බුක් පිටු තුළින් අපට දැක ගැනීමට හැකි වූ අවස්ථා මෙතනින් සහ මෙතනින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම ඡායාරූපය දෙස විමසිල්ලෙන් බැලු විට එහි දැක්වෙන්නේ ලංකාවේ දුම්රිය පාරක් අසළ ලබා ගත් ඡායාරූපයක් නොවන බවයි. එයට හේතුව, වන්නේ මෙතෙක් මෙරට විදුලි දුම්රීන් ධාවනය නොවීමයි. ඒ අනුව විදුලි දුම්රියට විදුලිය ලබා දෙන විදුලි රැහැන් පසුබිමෙහි දැක්වෙන බැවින් මෙම ස්ථානය ලංකාවේ නොවන බවට පැවසිය හැක.

ඡායරුපයේ දැක්වෙන තරුණිය ශ්‍රී ලාංකික තරුණියක්ද යන්නත් මෙම ඡායාරූපයේ පසුබිම් කතාවේ තොරතුරු ලබා ගැනීමටත් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී ඇය 19 වන වියැති Srestha Pal නමැති ඉන්දියානු තරුණියක් බව අනාවරණය වුණා.

Ramkrishna Mahapatra නමැත්තෙකු විසින් ඉන්දියානූ කළා නිර්මාණ පළකරන ෆේස්බුක් සමුහයක , Jayanta Pal නමැති පුද්ගලයෙකු ද ටැග් කරමින්, ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ඡායාරූපය ජුනි මස 03 වනදා (ලංකාවේ සටහන් පළවීමට සතියකට පමණ පෙර) පළ කර තිබුණේ පහත අයුරිනි. මෙම ඡායාරූපය 2000ක් පමණ ෆේස්බුක් පරිශීලකියන් අතර හුමවමාරු වී තිබුණා.

Facebook | Archived Link

දුම්රිය ගමනා ගමනය ක්‍රියාත්මක නොවූ කාලයේ කරන ලද නිර්මාණයක් ලෙස එම ඡායාරුපය එදිනම ඉහත සඳහන් වී තිබු Jayanta Pal විසින් ද පළකර තිබුණා. ඡායරුපයේ දැක්වෙන Srestha නමැති තරුණිය සිය දියණිය බවත් දියසායම් වලින් කරන ලද නිර්මාණයක් බවත් එහි තවදුරටත් දක්වා තිබුණා.

එම සටහන පහතින්.

සිය දියණියගේ නිර්මාණය පිළිබඳ බොහෝ දෙනා සිදුකළ විමසීම් හේතුවෙන් එම චිත්‍ර නිර්මාණය ද Jayanta Pal විසින් ෆේස්බුක් හි පළකර තිබුනේ පහත අයුරින්.

Facebook | Archived Link

තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීමට Srestha Pal තරුණිගේ පියා වන Jayanta Pal මහතාගෙන් අප කරුණු විමසූ අතර ඔහු සඳහන් කළේ මෙම සායම් කරන ලද සිතුවම නිර්මාණය කළේ තම දියණිය බවත් ඔවුන් ජීවත් වන්නේ බටහිර බෙංගාලයේ බවත්ය.

Srestha Pal තරුණිගේ මෙම දක්ෂතාව බොහෝ දෙනා අගය කර තිබු අතර ඇය විසින් මෙලෙසින් සිදුකර තිබු වෙනත් නිර්මාණ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ තරුණියක් විසින් නිර්මාණය කරන ලද සිතුවමක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන්නේ ලංකාවේ තරුණියක් නොව බටහිර බෙංගාලයේ වෙසෙන ඉන්දියානු තරුණියක් බවත් ඡායාරූපයේ දැක්වෙන පසුබිම ද ලංකාවේ නොවන බවයි.

Also Read:

ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවේ දක්ෂ තරුණියකගේ නිර්මාණයක්?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News