FACT CHECK: රනිල් - මහින්ද සැඟවූ නෑකමක්?

Update: 2021-08-11 16:30 GMT

දේශපාලනයේ මෑත ඉතිහාසයේ සිටම ඥාතීත්වය මත පදනම්ව තනතුරු දැරීම, පිරි නැමීම දේශපාලනයට පැමිණීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් ඥාතී සබඳතා සඟවමින් කටයුතු කරන බවටද සමාජය විසින් චෝදනා කරනු ලැබූ, තවත් පාර්ශව විසින් පවසනු ලැබුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් ළඟ ඥාති සබඳතාවක් තිබෙන බවයි. මෙහි සත්‍ය කරණු සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

Sajith4newsrilanka නම් ෆේස්බුක් පිටුවක පළ කර තිබූ වීඩියෝවක සඳහන් වුණේ,

රනිල් වික්‍රමසිංහ මහතා හා මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනාවරුන් වන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර ලේ ඥාති සබඳතාවක් ඇති බවයි. එනම්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙක් වන E.P වික්‍රමසිංහගේ එකම දියණිය වන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවයි.

https://vimeo.com/574304800

Facebook | Archived Link

මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 71ක් දහසකටත් වැඩි වාර ගණනක් පමණ මේ වන විට නරඹා ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ විස්තර පිළිබඳව දැක්වෙන අන්තර්ජාල සටහන් පිරික්සනු ලැබූ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ සහෝදරයන් පිළිබඳව පළ වන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

එමගින් ලබා ගත් තොරතුරුවලට අනුව ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු, නීතිඥයෙකු සහ සාර්ථක ව්‍යවසායකයෙකු වන සිරිල් එස්මන්ඩ් ලූෂන් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන අතර එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියෙකු සිටි බව වාර්තා වන අතර ඔවුන් වන්නේ තිස්ස වික්‍රමසිංහ, සිරිල් ලක්ෂ්මන් වික්‍රමසිංහ සහ මුක්තා වික්‍රමසිංහ යන අය බවට වාර්තා බෙහොමයක පළ වී තිබුණා.

පවුලේ දෙවනියා වූ තිස්ස වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර ඒ මහතා තරුණ අවධියේම ජීවිතක්ෂයට පත් වී ඇති බවට පමණක් වාර්තා වී තිබුණා.

වික්‍රමසිංහ පරම්පරාව සම්බන්ධයෙන් දක්වා තිබු WorldGenWeb අඩවියේ මෙම වාර්තාවේ මොවුන් 4 වන පරම්පරාව යටතේ පෙන්වා දී තිබුනේ මෙලෙසින්.

Archived Link

එසේම ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා ඇංග්ලිකන් හවුලේ සිටි ළාබාලතම රදගුරුවරයෙකු වූ අතර මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තිස්ස ජයතිලක මහතාගේ මතකයෙන් බිඳක් colombotelegraph වාර්තාවක දැක්වුණේ මෙලෙසින්.

(Late Bishop of Kurunegala, Revd. Lakshman Wickremesinghe - colombotelegraph.com)

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ එකම සහෝදරිය මුක්තා වික්‍රමසිංහ මහත්මියගේ පුතුණුවන් වන මහචාර්ය රජීව විජේසිංහ විසින් පළ කරන ලද වාර්තාවකද දැක්වෙන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා වැඩිමහල් පුතු බවත්, ඉන් අනතුරු තිස්ස වික්‍රමසිංහ සහ සිරිල් ලක්ෂ්මන් වික්‍රමසිංහ සහ මුක්තා වික්‍රමසිංහ යන සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියක් සිටි බවයි.

rajiva2lakmahalcolombo | Archived Link

මේ අනුව පැහැදිලි වන්නේ Cyril Leonard Wickremasinghe මහතා සහ Esme Moonamale Goonewardene මැතිණියට දාව පුතුන් තිදෙනෙකු සහ දියණියක සිටි බවයි. ඔවුන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වූ සිරිල් එස්මන්ඩ් ලූෂන් වික්‍රමසිංහ, තිස්ස වික්‍රමසිංහ, සිරිල් ලක්ෂ්මන් වික්‍රමසිංහ සහ මුක්තා වික්‍රමසිංහ යන අය පමණකි. ඒ බවට දැක්වෙන තවත් වෙබ් සටහනක් මෙතනින්.

අප මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ පුතුන් තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන TNL මාධ්‍ය ජාලයේ සභාපතී ශාන් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඒ මහතාද, තහවුරු කළේ තම පියා වූ එස්මන්ඩ් ලූෂන් වික්‍රමසිංහ මහතාට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටින බවත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය තම පියාගේ වැඩි මහල් සහෝදරයාගේ දුව බවට ප්‍රකාශ කිරීම පදනම් විරහිත ප්‍රකාශයක් බවයි. ඊට හේතුව වශයෙන් ඒ මහතාද සඳහන් කළේ, තම පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා එම පවුලේ වැඩිමහල් පුතු බවත් අනෙක් පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් විවාහපත් වී නොමැති බවත්ය. එනම් එම සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇංග්ලිකන් සභාවේ පූජකයෙක් (සිරිල් ලක්ෂ්මන් වික්‍රමසිංහ) වූ අතර අනෙක් පුතුණුවන් (තිස්ස වික්‍රමසිංහ) තරුණ අවධියේම ජීවිතක්ෂයට පත් වූ බවයි.

එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම Truth with Chamuditha Youtube නාලිකා වැඩසටහනේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවේදී ඔහු විසින් අසනු ලැබූ පැනයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඥාතීන්ද යන්න වගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ දියණිය වන්නේ ශිරන්ති රාජපක්ෂ මැතිණිය වන බවත්ය. ඊට පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, තමන්ගේ පියාට වැඩිමහල් සහෝදරයින් නොමැති බවත් වැඩිමහල් සහෝදරයා තමන්ගේ පියා බවත්, බාල සහෝදරයන් දෙදෙනෙකු සිටියද, ඔවුන් අවිවාහක වන අතර ඔවුන් ජීවිතක්ෂයට පත් වන විටද දරුවන් නොසිටි බවයි. එම පරම්පරාවේ සිටින වික්‍රමසිංහ සිටින්නේ තමන් ඇතුළු තමන්ගේ සහෝදරයන් පමණක් බවද ඒ මහතා සඳහන් කළා. එම වීඩියෝව පහතින්. (08.34 සිට)

https://youtu.be/RJZ-UFDCX7Y?t=514

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ පියා සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයේදී ඇගේ පියා වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු වන කොමදෝරු E. P. Wickremasinghe මහතා බව දැක ගන්නට ලැබෙනවා. එමෙන්ම ඔහු දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී ලංකා නාවික ස්වේච්ඡා බලකායට (CNVF) ඇතුළත් වී දෙවන ලෝක යුද්ධයට යුධ වැදීමට ගිය ලාංකික හමුදා භටයින්ගෙන් කෙනෙකු ද වූ බව වාර්තා වෙනවා. ඒ මහතා සම්බන්ධයෙන් පළ වී තිබූ තවත් පුවත් වාර්තාවක් මෙතනින්.

එසේම රාජපක්ෂ පවුලේ සිටින වික්‍රමසිංහවරුන් සම්බන්ධයෙන් පළ වූ wikizero සටහන මෙතනින්.

Archived Link

E. P. Wickremasinghe මහතා සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙබ් වාර්තාවල දක්වා නොතිබීම හේතුවෙන් සහ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අප දුරකතන මාර්ගයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙකු වන නිශාන්ත වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පරපුර හා තමන්ගේ පරපුර අතර කිසිදු ඥාති සම්බන්ධකමක් නොමැති බවත් තම පියා පවුලේ එකම දරුවා බැවින් කිසිදු වැඩිමහලු හෝ බාල සහෝදරයෙක් නොසිටි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ සහෝදරයෙක් ලෙස තමන්ගේ පියා හැඳින්වීම හාස්‍ය උපදවන කරුණක් බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පිය පාර්ශවයෙන් පැමිණි ඥාතීත්වයේ සාරාංශය වෙන වෙනම දැක්වීම පහතින්.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත වීඩියෝවේ සඳහන් කරන තවත් කරුණක් වන්නේ,හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සහෝදරයා වන අනුර බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා ආණ්ඩුවේ අගමැති ධුරය හෙබවූ බවයි.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවේදී අගමැති ධුරය ‍හොබවනු ලැබුවේ 2004-2005 වර්ෂය තුළයි. ඉන් අනතුරුව 2005 වසරේ නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ජනරජයේ 6 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. එහෙත් අනුර බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත් වූයේ 2008 වර්ෂයේදීය. ඒ අනුව අනුර බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත් වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය උසුලනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව එම වීඩියෝවේ සඳහන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සහෝදරයා වන අනුර බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා ආණ්ඩුවේ අගමැති ධුරය හෙබවූ බවට කළ ප්‍රකාශයද අසත්‍ය වෙයි. ඒ බවට තහවුරු කෙරෙන වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙක් වන E.P වික්‍රමසිංහගේ එකම දියණිය වන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවට පැවසූ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි. එම ඥාතීත්වය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේ දී තහවුරු කරගත් තොරතුරු මත මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශ්වයන් හරහා ලබාගත් තොරතුරු අනුවද, එම ඥාතීත්වය අසත්‍ය ප්‍රචාරයක් බවට තහවුරු වෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල් - මහින්ද සැඟවූ නෑකමක්?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News