FACT CHECK: රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?

Update: 2021-08-31 17:38 GMT

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර්(ලංකාවේ සිංහයා) නම් ඉන්දියානූ චිත්‍රපටයකට යොදා ගන්නා බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවට නිරීක්ෂණය වීමත් සමග මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

Asanka Weththasinghe නම් පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අපිට වටින්නේ නැති වුනට ඔවුන්ට වටිනවා !! යනුවෙන් සඳහන් කරමින් සටහනක් පළ කර තිබුණේ මෙලෙසිනි.

රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට සිලෝන් ශේර් (ලංකාවේ සිංහයා) රූපගත කිරීම ලබන සතියේදී ශ්‍රී ලංකාවේදී ඇරඹේ.

මුහුරත් උළෙලේදී සිලෝන් ශේර් චරිතයට පන පොවන ගෝවින්දා මහතා මෙය තම ජීවිතයේ ලද විශාලතම භාග්‍ය බව ප්‍රකාශ කළ අයුරු. මෙම චරිතයේ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ චරිතය සඳහා අයිශ්චර්යා රායි මහත්මිය තෝරාගෙන ඇත. ත්‍රාසය භීතිය කුතුහලය රැගත් මෙම චිත්‍රපටය හිංදි සිනමාවේ සියළු ආදායම් වාර්තා ඉක්මවනු ඇතැයි බලාපොරොත්තු වේ. - ෆිල්ම්ෆෙයා ඇසුරෙනි.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග බොහෝ පිරිසක් මෙම සටහන් සත්‍යයක් බවට උපකල්පනය කර ප්‍රතිචාර දක්වා තිබුණු අයුරු අපට නිරීක්ෂණය වූයේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම ඉන්දීය ප්‍රවීන රංගන ශිල්පියෙකු වන Govind Arun Ahuja මෙවැනි චිත්‍රපටයකට රංගන දායකත්වය සපයනවා ද යන්න ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන බවට හා ඉහත සටහන් වල දැක්වෙන පරිදි සිලෝන් ශේර් නමින් චිත්‍රපටයක මුහුරත් උළෙලක් පැවැත්වුනාද යන්න පරීක්ෂා කර බැලුවා.

එනමින් ඉන්දීය චිත්‍රපටයක් සම්බන්ධයෙන් කිසිදු සටහනක් දැක ගන්නට නොලැබුණු අතර ගෝවින්දා රංගනයෙන් දායක වූ හෝ රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවේද මේ බවක් සඳහන් නොවුණි.

ගෝවින්දා රංගනයෙන් දායක වූ චිත්‍රපට මෙතනින්. 2021, 2022, 2023 යන වර්ෂ වල ඔහු විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට නිකුත් වීමට නියමිත ඇති අතර එම චිත්‍රපටවල නම් වූයේ, Raghu Raja Ram, Deewana Mastana 2, Partner 2 යන්නයි. ඒ බවට දැක්වෙන සටහන් මෙතනින් සහ මෙතනින්.

එමෙන්ම අයිශ්වර්යා රායි බච්චන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ චරිතය නිරූපනය කිරීමට නියමිත බවට සඳහන් වීම හේතුවෙන් අප අයිශ්වර්යා රායි බච්චන් විසින් මෑතක රංගනයෙන් දායක වූ චිත්‍රපට සහ රඟ පෑමට නියමිත චිත්‍රපට සම්බන්ධයෙන්ද නිරීක්ෂණය කරනු ලැබුවා. මෙතෙක් ඇයි විසින් රංගනයෙන් දායකවූ චිත්‍රපට මෙන්ම ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වූ Gulab Jamun, Jasmine Story Of A Leased Womb සහ Ponniyin Selvan දමිළ චිත්‍රපටයක් සම්බන්ධයෙන් පුවත් වාර්තා වල සඳහන් වුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේ වෙතත් මෙම සටහන් වල දැක්වෙන පරිදි අවසාන වශයෙන් පළවී තිබූ, අගෝස්තු මස පළ වූ Filmfare සඟරාවේද මෙවැනි චිත්‍රපටයක් සම්බන්ධයෙන් කිසිඳු කරුණක් සඳහන් නොවුණි. අප ජූලි මස Filmfare සඟරාවද නිරීක්ෂණය කළ අතර, එහිද ඉන්දීය නළු ගෝවින්දා සම්බන්ධයෙන් හා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිත කතාව සිලෝන් ශේර් නමින් ඉන්දියානු චිත්‍රපටයක් සම්බන්ධයෙන් කිසිදු අනාවරණයක් නොවීය.

එසේම මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබු‍ණේ 2009 වසරේ ගොවින්දා ගේ ඡායරුපයකි.

අප මේ සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන්ද විමසූ අතර ඒ මහතා සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීමට මෙම සටහන නිර්මාණය කර ඇති බව ඒ මහතා අපට පවසා සිටියා.

Update:

එමෙන්ම මෙම සටහන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී පැහැදිලි වූයේ 2016 වර්ෂයේදී Sirikotha නම් උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන ෆේස්බුක් පිටුවකද මෙම සටහ පළ වී තිබූ බවයි. එම සටහන මෙතනින්.

Archived Link

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සටහන උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කර ඇති බවකි. නමුත් මෙම සටහන සමාජ මාධ්‍ය තුළ වෙනත් පිටු සහ ගිණුම් මගින් සංසරණය කර ගැනීමේදී ඇතැම් පරිශීලකයින් මෙය සත්‍ය සිදුවීමක් ලෙස උපකල්පනය කර ගෙන එය සංසරණය කර ඇති බවත් ඒ ඔස්සේ ඇතැම් පුද්ගලයන් නොමග ගොස් ඇති බවත් එම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර මගින් පිළිඹිබු වේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය අපගෙන් ඉල්ලීමක් කළේ, මෙම ව්‍යාජ සටහන සම්බන්ධයෙන් නිවැරදි කරුණු ඉදිරපත් කරන ලෙසයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර් නමින් ඉන්දීය චිත්‍රපටයක් නිර්මාණය වන බවටත් එහි රංගන දායකත්වය ඉන්දීය රංගන ශිල්පී ගෝවින්දා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතයට පන පොවන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳගේ චරිතයට ඉන්දීය ප්‍රවීණ නිලි අයිශ්වර්යා රායි බච්චන් තෝරා ඇති බවත් මේ සම්බන්ධයෙන් Filmfare සඟරාවේ පළ වූ පුවතක් බවට දැක්වූ කරුණු සියල්ල අසත්‍ය බවයි. ජනතාව නොමග යැවීමට මෙමගින් කටයුතු කර ඇති අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහනකි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News