FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Update: 2021-09-11 11:02 GMT

Update :

ඉහත දක්වා තිබු පැරිදි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පැවැත්වූයේ මෙලෙසින්.

News - Archdiocese of Colombo ෆේස්බුක් පිටුවේද, මෙම විරෝධතා සම්බන්ධයෙන් ඡායරූප පෙළක් පළකර තිබු අයුරු මෙතනින්.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයට සහාය පළ කරමින් ඉතාලියේ වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ පිලිබඳ වාර්තා මෙලෙසින් සහ මෙලෙසින්.

පාස්කු ප්‍රහාරය මෙහෙයවීමට සඳහා මුල්වූ පාර්ශව හඳුනාගෙන ඔවුන්ට මෙතෙක් දඬුවම් ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව දිගින් දිගටම සිය අප්‍රසාදය පළකර සිටි අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලීම් කරමින් සාමාකාමී විරෝධතා කිහිපයක ද යෙදුණා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සමුළුවකට සහභාගී වීම සඳහා ඉතාලිය බලා පිටත් වීමේ පුවතත් සමග ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමට විරෝධතාවය දැක්වූ බව හැඟවෙන ආකාරයේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සැබවින්ම එලෙස සිදු වූවාද යන්න අප කළ විමසීමයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනයක් සඳහා සහභාගී වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දූත කණ්ඩායමක් සැප්තැම්බර් 10 වන දා ඉතාලියට ගොස් තිබුණා. පාස්කු ප්‍රහාරය සැලසුම් කළ නායකයෝ යැයි සඳහන් කරමින් ඔවුන් පිළිගැනීමට ඉතාලියේ වීදි පුරා කලු කොඩි ඔසවා තබා ඇති අයුරු බව දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන G20Interfaith ජාත්‍යන්තර සමුළුවේ අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය ඇතුළු පිරිස පසුගිය 10 වන දා ඉතාලිය බලා පිටත් වුණා. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විසින් මාධ්‍යට නිකුත් කළ නිවේදනය එහි නිල ෆේස් බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්. අගමැති ප්‍රමුඛ කණ්ඩායම ඉතාලියට ළඟාවූ වීඩියෝවක් මෙතනින්. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් සටහනක් මෙතනින්.

වෙනත් කිසිදු පුවතක හෝ අග්‍රාමත්‍යවරයා ඇතුළු පිරිස ඉතාලියේ බොලොඤ්ඤා නුවර ගුවන් තොටුපළ වෙත ළඟා වීමෙන් පසුව එම ස්ථානය අසළ විරෝධතාවක් පැවැත්වූ බවට පුවත් වාර්තා දැකගන්නට ද නොලැබිණ.

ඒ හේතුවෙන් මෙලෙස අගමැති ඇතුළු කණ්ඩායම ඉතාලියට පැමිණි අවස්ථාවේ දී කළු කොඩි ඔසවා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිය විරෝධය දැක්වූවාද යන්න විමසීමට අප විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, එවැනි විරෝධතාවක් සම්බන්ධයෙන් වාර්තා නොවුණු බවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළ බවයි. කෙසේනමුත් ඉදිරි දිනකදී යම්කිසි ආකාරයේ විරෝධතාවයක් පැවැත්වීමේ ඉඩකඩක් පිලිබඳව ද ඉතාලි තානාපති කාර්යාලයට වාර්තා වී තිබූ බව ද දැනුම් දුන්නා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරයේදී වතිකානුවට ගොස් ශුද්ධෝත්තම පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයේ අදාළ පරික්ෂණවල ප්‍රගතිය පාප්වහන්සේ දැනුවත් කරන්න බලාපොරොත්තු වන බවට Daily Mirror පුවත්පතේ පුවතක් පළ වී ඇති බවත් ඒ අනුව විදේශිය රටවල් වගේම පාප් වහන්සේ පවා නොමග යවන්නට උත්සහයක යෙදෙන බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පසුගිය 08 වන දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ. එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

කෙසේවෙතත් මෙම ඉතාලි සංචාරයේදී පාප්වහන්සේ බැහැ දැකීමට අග්‍රාමාත්‍යවරයා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් වතිකානුවෙන් එවැනි ආරාධනයක් සිදු කර නොමැති බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබුණා.

Facebook | Archived Link

ඩේලි මිරර් පුවත්පත ද ඒ පිලිබඳ නැවත පුවතක් පළකර තිබුණේ මෙලෙසින්.

අප ඉහත ෆේස්බුක් සටහන් සඳහා දක්වා තිබූ ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී එය 2019 වර්ෂයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සහ වගකීම් විරහිත ස්වභාවය සහ අන්තවාදීන්ට විරෝධය පළ කරමින් එවකට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඉතාලි සිවිල් වැසියන් ද විරෝධතා පෙළපාලියේ යෙදුණු අවස්ථාවේ ලබා ගත් ඡායාරූප බවට 2019 වර්ෂයේ මැයි 13 වන දා The morning පුවත් වෙබ් අඩවියේ පළ කර තිබුණු බව දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Archived Link

අගමැති ඉතාලියට පැමිණීමේන් පසුව මෙම විරෝධතාවය පැවැත්වූ බව දැක්වීම සඳහා යොදා තිබූ ඡායාරූප 2019 පැවැත්වූ මෙම විරෝධතාවයේදී ලබා ගත් ඡායාරූප බවට දැක්වෙන ඡායාරූප සංසන්දය පහතින්.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූපයේ පසුබිම සඳහා යොදාගෙන තිබුණේ ඉතාලියේ වෙනිස් නුවර ගුවන්තොටුපොළ අසළ මාර්ගයක දර්ශනයි. එම ස්ථානයේ වීඩියෝවක් මෙතනින්. නමුත් ඉහත පෙන්වූ පරිදි අගමැති ඇතුළු පිරිස ඉතාලියේ බොලොඤ්ඤා නුවර ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළ හරහා එරටට ළඟාවී තිබුණි.

ඒ අනුව පෙන්වා දිය හැක්කේ මෙතෙක් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා නොදීම මුල් කොටගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සැප්තැම්බර් 10 වනදා විරෝධතාවක් පවත්වා නොමැති බවයි.

අප ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔවුන් සඳහන් කළේ, මෙතෙක් එවැනි විරෝධතාවක් පවත්වා නොමැති බවයි. කෙසේවෙතත් ඒ සඳහා සූදානමක් පවතින බවත් ඒ සඳහා ඉතාලි රජයෙන් අවසර ලැබුණු බවට සහ එරට ශ්‍රී ලාංකිකයින්ට සහභාගී වන ලෙස ආරාධනා කරමින් සටහන් හුවමාරු වෙන බව ද ඉතාලියේ වෙසන එක් ශ්‍රී ලාංකිකයෙක් අපට පවසා සිටියා.

හෙට (12) දිනයේදී ඉතාලියේ Univercita di Bologna ඉදිරිපිට විරෝධතාවයක නිරත වන්නට නියමිතව ඇති බවට ඉතාලි නගරයක වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවත්වාගෙන යන ෆේස්බුක් සමූහයක දක්වා තිබුණේ මෙලෙසින්.

මෙම විරෝධතාවය හෝ වෙනත් විරෝධතාවයක් ඉදිරියේ දී පැවැත්වූනහොත් ඒ පිළිබඳ කරුණු මෙහි යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණි අවස්ථාවේ දී විරෝධතාවයක් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දක්වා තිබූ ඡායාරූප 2019 වසරේ මැයි මස පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාලියේ සංවිධානය කර තිබූ විරෝධතාවකදී ලබා ගත් ඡායාරූප යොදාගනිමින් සිදුකළ සංස්කරණයක් බවයි. ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සඳහන් කළේ, මෙතෙක් එවැනි විරෝධතාවක් අගමැති පැමිණි අවස්ථාවේදී ඉතාලියේදී නොපැවති බවකි. කෙසේනමුත් එවැනි විරෝධතාවක් ඉදිරියේදී පැවැත්වීමට සූදානම් වෙමින් පවතින බවට සමාජ මාධ්‍ය සටහන් රැසක් ද අපට දැකගන්නට ලැබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News