FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Update: 2021-10-25 04:44 GMT

Updated : 09/12/2022

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඊයේ(11) දින බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූ බවට හඟවමින් සමාජ මාධඨ ඔස්සේ මීට පෙර සිටම සංසරණය වූ ඡායාරූපයක් නැවත සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

අප ඊයේ දින බර්ජ් කලීෆා කුළුණ දිස් වූයේ කුමන අයුරකින්ද යන්න පරීක්ෂා කළ අතර එහිදී දැක ගන්නට ලැබු‍ණේ, එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ඔවුන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමින් මේ දිනවල බර්ජ් කලීෆා කුළුණ ආලෝකමත් වන බවයි. ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම හරහා එහි වීඩියෝවක් පළ වී තිබුණේ මේ අයුරින්.

https://twitter.com/BurjKhalifa/status/1569012968397889545

අප එහි සිටින මෙරට පුරවැසියන් කිහිප දෙනෙක්ගෙන්ද විමසා මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ධජයෙන් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ ඉහත අවස්ථාව වන්නේ, 2019 අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පිරිස සිහිකරමින් සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය 2019 අප්‍රේල් මස 25 වනදා පෙන්නුම් කළ අවස්ථාවයි.

මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු අනාවරණය මෙතනින්

මීට පෙර ද විවිධ අවස්ථාවල දී මෙම ශ්‍රී ලංකා ධජයේ ඡායාරුපය සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු අර්ථකතන ඔස්සේ හුවමාරු වූ අතර 2021 වසරේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේ දී එසේ හුවමාරු වූ මෙම ඡායරූප සටහන් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ෂණය පහතින්

පසුගිය කාලයේ දී දිගින් දිගටම ලද තරඟ පරාජයන් හමුවේ ක්‍රිකට් ලෝලීන් ද යම්කිසි කනස්සල්ලකින් පසු වුවද මේ වන තෙක් (ඔක්තෝබර් 24) ලෝක කුසලාන T20 තරඟාවලියේ සියලුම තරඟ ජයගැනීමට සමත්වීමත් සමඟ යළි ප්‍රේක්ෂකයින් අතර උනන්දුවක් ඇති වී තිබේ. විශේෂයෙන්ම බංග්ලාදේශය පරදවමින් ලද ජයග්‍රණයත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු ද දැක ගන්නට ලැබුණා.

මේ අතර හුවමාරු වූ සටහන් පෙළක් මගින් හඟවා තිබූණේ මෙම ජයග්‍රණයත් සමගම ඩුබායි හි පිහිටි සුප්‍රකට Burj Kalifa කුළුණ, ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූ බවට සටහන් පෙළක් හුවමාරු වී තිබූණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්:

“ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුනු ආකාරය..... යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් මෙලෙසින්.

Facebook | Archived

මෙම සටහන් මගින් අදහස් කර තිබු‍ණේ ශ්‍රී ලංකාව , T20 ලෝක කුසලාන තරඟාවලියේ දී බංග්ලාදේශ් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ ම මෙසේ බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා ධජයෙන් හැඩ ගැන්වී තිබූ ආකාරයක් යනුවෙන්.

බර්ජ් කළිෆා කුළුන ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් කර තිබූ ඡායාරූපයක්” යන තේමාවෙන් හුවමාරු වී තිබූ සටහනක් මෙලෙසින්.

Facebook | Archived

ශ්‍රී ලංකා , බංග්ලාදේශ තරඟය සම්බන්ධයෙන් මෙම සටහන් මගින් සඳහන් කර නොතිබූණ ද, එම් ජයග්‍රණයත් සමඟම මෙම සටහන් හුවමාරු වීමත් සමඟම මෙය මෑතකදී සිදුවීමක් දැයි ප්‍රතිචාර මගින් කිහිප දෙනෙක්ම විමසා තිබූ අතර ඇතැමුන් විසින් මෙය පැරණි සිදුවීමක් බවත් මේ ආකාරයේ නොමඟ යවන සුළු ආකාරයෙන් අර්ථකතනයක් දීම හෙලා දැක ද තිබූණි..

එසේ ලබාදී තිබූ ප්‍රතිචාර අතර මෙය ලංකාවේ නිදහස් දිනයක දී ලබාගත් ඡායාරුපයක් බවත් ඇතැමුන් විසින් මෙය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකිරීම සඳහා ශ්‍රී ලංකා ධජය යොදාගත් අවස්ථාවක් බවත් දක්වා තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මුලින්ම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායරුපයේ මුල් ඡායාරුපය Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙය මීට වසර දෙකකට පෙර, එනම් 2019 අප්‍රේල් මාසයේ දී ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ ශ්‍රී ලංකා ධජය දිස්වූ අවස්ථාවක් බවයි. ඒ පිළිබඳ බර්ජ් කලීෆා නිල ට්විටර් ගිණුම සටහනක් 2019 අප්‍රේල් 25 වනදා පළකර තිබු‍ණේ මෙලෙසින් Archived

ඒ පිළිබඳ තවත් වාර්තා කිහිපයක් මෙලෙසින්

AFP | Emirates247

මේ සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 26 වනදා “අද දෙරණ” පුවත් විකාශයේ පළවූ වීඩියෝව පුවතක් පහතින්.

https://youtu.be/2SypYqukQVU

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ දැක්වෙන්නේ මෑතක දී සිදුවීමක් ලබාගත් ඡායාරුපයක් නොව 2019 අප්‍රේල් මස සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පිරිස සිහිකරමින් සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය 2019 අප්‍රේල් මස 25 වනදා පෙන්නුම් කල අවස්ථාවක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ කෝණයෙන්ම ඡායාරුපයක් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න 2019 අප්‍රේල් 25 හුවමාරු කරගෙන තිබු‍ණේ මෙලෙසින්.

https://twitter.com/IamDimuth/status/1121466402915934210

කෙසේවෙතත් 2020 පෙබරවාරි මාසයේ දී ද නැවත වරක් ශ්‍රී ලංකා ධජය බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ දිස්වූ බව එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වාර්තා කර තිබූණා. එම සටහන පහතින්.

Embassy of SL-UAE | Archived

කෙසේවෙතත් මෙහි ශ්‍රී ලංකා ධජය දිස්වන ආකාරය , සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයකට මඳක් වෙනස් බව ද අපට දැක ගන්නට ලැබුණි. එනම් 2019 අප්‍රේල් මාසයේ දී ධජය සිරස් ලෙස දිස්වුවද 2020 අප්‍රේල් මස එය දිස්වන්නේ තිරස් ආකාරයටයි.

එසේම ඔක්තෝබර් 24 වනදා රාත්‍රියේ දී බර්ජ් කලීෆා හි ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූ බවත් ජාත්‍යන්තර පුවත් හරහා හෝ බර්ජ් කලීෆා ෆේස්බුක් පිටුවේ හෝ දැක ගන්නට ද ලැබුනේ නැහැ.

ලොව උසම ගොඩනැගිල්ල ලෙස ගිනස් ලෝක වාර්තාව උසුලන්නේ ද බර්ජ් කලීෆා ගොඩනැගිල්ලයි. එම වාර්තාව මෙතනින්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය පැවැත්වුනේ සජා නුවර දී ය

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රණය වෙනුවෙන් ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් කළ බවට හුවමාරු වන්නේ අසත්‍ය සහ නොමඟ යනවා සුළු සටහන් පෙළක් බවයි. මෙම සිදුවීම මීට වසර දෙකකට පෙර, එනම් 2019 අප්‍රේල් 25 වනදා, ඊට දින කිහිපයකට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිපත්කරමින්, සාමය සහ සහජීවනය වෙනුවෙන්, ලොව උසම කුළුණ ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් කල අවස්ථාවකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News