Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

Update: 2022-03-17 05:55 GMT

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්.

සමාජ ජාලා සටහන්

ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්.

“මේ ලෝක පූජිත ක්‍රීඩකයාට හාර්ට් ඇටෑක් තත්වයක් ඇති වී තිබෙන්නේ ලිංගික ක්‍රීයාකාරිත්වය වැඩි කිරීමේ පෙති වර්ග අධික මාත්‍රාවක් ලබාගෙන ඇති නිසා බවට තහවුරු වී තිබෙනවා. ඔහු ලැගුම්ගෙන සිටි හෝටලයේ cctv දර්ෂන පරික්ෂාකිරීමේදී ඔහුගේ කාමරය තුළ එකවර කාන්තාවන් 4 දෙනෙකු සිටි ඇති බව තහවුරු වී තිබෙනව”

Facebook | Archived

මෙම ඡායාරූපය මෙන්ම වෙනත් ඡායාරූප කිහිපයක් වට්ස් ඇප් සමාජ ජාලාවල ව්‍යාප්තව පැවති ආකාරයයි මේ .

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම වේගයෙන් පැතිර ඇති ෆේස්බුක් සමාජ ජාලා සටහනේ ඇති ඡායාරූපය Google Reverse Image Search පරීක්ෂාවකට ලක් කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2015 වසරේ අගභාගයේ දී බවයි. ඒ ෂේන් වෝන් විසින් ඕස්ට්‍රේලියාවේදී 2016 නව වසර උදාව සමරන ආකාරයයි. ඒ සම්බන්ධයෙන් Daily Mail වාර්තාවක කරුණු තවත් ඡායාරූප රැසක් සමග දැක්වෙනවා .

Daily Mail | Archived

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ෂේන් වෝන් විසින් ප්‍රකට නිරූපණ ශිල්පිණී Tilley Holzberger සහ Rosanna Faraci ඡායාරූප ශිල්පිණිය ආදීන් සමග එක්ව නව අවුරුදු උදාව සමරන ආකාරයයි .මෙම ඡායාරූප තායිලන්තයේදී ලබාගත් ඒවා නොව ඕස්ට්‍රේලියාවේදී ලබාගත් ඡායාරූපයි .

වට්ස් ඇප් ජාලය හරහා පැතිරෙන අනෙත් අඩ නිරුවත් ඡායාරූපද වෝන්ගේ මරණයට බොහෝ කලකට පෙර සිට සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරුප පෙළකි

ඉන්පසුව අප කරුණු විමසා බැලුවේ තායිලන්තයේදී සිදුවූ ඔහුගේ මරණය සහ ඒ සම්බන්ධ පසුබිම පිළිබදවයි.

තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීම සදහා පැමිණි වෝන් එහි නිවාඩු නිකේතනයක කාලය ගත කර ඇත්තේ ඔහුගේ යහලුවන් සිව් දෙනෙක් සමගයි. ඔවුන් සිට ඇත්තේ එකම කාමරයේ නොව වෙන් වෙන් කාමරවලයි .සවස පහට පමණ ඔහුගේ මිතුරෙක් විසින් වෝන්ගේ කාමරයට පැමිණීමේදී දැක ඇත්තේ ඔහු සිහිසුන්ව සිටි ආකාරයයි.ඉන් අනතුරුව ඔවුන් හදිසි ප්‍රථමාධාර ඔහුට ලබාදී තිබෙනවා .ඒ ගිලන් රථයක් පැමිණෙන තුරුයි. නමුත් රෝහලට ගෙනයාමෙන් පසු රෝහල් බලධාරීන් පවසා ඇත්තේ වෝන් මියගිය බවයි.ඒ සම්බන්ධ වාර්තාවකට පිවිසීම මෙතනින්. Archived

තායිලන්තය මගින් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔහුගේ මරණය කලක් තිස්සේ පැවති රෝගාබාධයක් නිසා සිදුවූ ස්වාභාවික මරණයක් බවයි.එය කුමන්ත්‍රණයක් හෝ අස්වාභාවික තත්ත්වයක් නිසා ඇතිවූවක් බවට මරණ පරීක්ෂණ්යේදී හෙලිවී නැහැ. ඒ සම්බන්ධ වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්. Archived

කෙසේ වෙතත් වෝන් මරණයට පත්වීමට පැය කිහිපයකට පෙර ඔහුව සම්භාහනය කිරීම සදහා සම්භාහන ශිල්පිණියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සහායිකාවන් දෙදෙනෙකුද පැමිණ තිබෙනවා .ඔවුන් සම්බාහනයෙන් පසුව යන දර්ශන CCTV වලද සදහන්ව තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුට පමණක් වෝන් ව මුණගැසීමට හැකිව තිබුණු ඔහුව සම්භාහනය කිරීමට අවකාශ ලැබුණු එක් සම්භාහන ශිල්පිණියක් පවසා ඇත්තේ තමන් සම්භාහනය කරන විට වෝන් සාමාන්‍ය තත්වයෙන් පසුවුණ බවයි.එමෙන්ම ඔහු ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකු බවද ඇය පවසා තිබෙනවා.කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින් අනාවරණය කර ඇත්තේ ඔහු සති කිහිපයක සිට හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර ඇදුම රෝගී තත්ත්වයකින්ද පෙළී තිබෙන බවයි.James Erskine නම් වෝන්ගේ කළමනාකරු පවසා ඇත්තේ වෝන් ආසන්න දින 14 තුළ වෛද්‍ය උපදෙස් මත දියරමය ආහාර පමණක් ලබාගෙන තිබෙන බවයි.මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකියි මෙතනින් සහ මෙතනින් . එසේම වෝන්ගේ මරණයට යම් ආකාරයකින් දෙවතාවක් කොවිඩ් ආසාදනය වීමේ පසුවිපාක තිබුනේ ද යන්න පිළිබඳව ද මේ ආකරයේ මත ඉදිරිපත් වී තිබුනා

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

Fact Check By: Kalana Krishantha

Result:Misleading

Tags:    

Similar News