TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ නරකම ජනාධිපති ලෙස සඳහන් කළාද?

Update: 2022-04-12 09:34 GMT

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ, රට අරාජික වීමට හේතුව වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවත්, ඔවුන් බලයෙන් පහ කළ යුතු බවත් ඉල්ලමින් දිගින් දිගටම මේ දිනවල ජනතා විරෝධතා පැවැත්වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇති මේ වකවාණුවේදී, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ, TIME සඟරාව විසින් ද, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රධාන කවරයේ පළ වී ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමසුමයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

අමෙරිකාවේ TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් දක්වමින් ලෝකයේ නරකම ජනාධිපති ලෙස දක්වමින්, යුද අපරාධකරුවෙක්, ජාතිවාදියෙක්, වංචාකාරයෙක්, හොරෙක් ලෙස සඳහන් කරමින්, එක පවුලක් මුළු ජාතියක්ම දුර්වල කළ බවත් සඳහන් කර තිබූ ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

TIME සඟරාවේ කවරයේ පළ වූ බවට හඟවා තිබූ එම ඡායාරූපය WhatsApp ඔස්සේ ද සංසරණය වූයේ මෙලෙසින්.

මෙම ඡායාරූපය ෆේස්බුක් පරිශීලකයින් විසින් ෆේස්බුක් ඔස්සේ සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන්ම TIME සඟරාවේ මෙලෙසින් දක්වා තිබුණේ ද යන්න අප විමසීමක් සිදු කිරීමට පියවර ගනු ලැබීය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම TIME සඟරාවේ මෙවැනි පුවතක් වාර්තා කර ඇත්දැයි විමර්ශනය කරනු ලැබුවා. නමුත් එම සඟරාවේ එවැනි වාර්තාවක් පළ වී නොතිබුණු බවට අපට නිරීක්ෂණය වුණා.

ඉන් අනතුරුව අපගේ අවධානය යොමු වුණේ, මේ වසරේදී පළ වූ TIME සඟරාවේ කවර සම්බන්ධයෙනි.

ඒ අනුව, මේ වසරේ (2022) ජනවාරි මස සිට අප්‍රේල් 11 වන දක්වා නිකුත් කළ TIME සඟරාවේ කවර පිළිබඳව අප නිරීක්ෂණයක් සිදු කළ අතර අපට දැක ගන්නට ලැබු‍ණේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් එහි පළ වී නොතිබුණු බවයි. එමෙන්ම පෙර වර්ෂවලදීද එලෙසින් සඟරා කවරයක් දැක ගන්නට නොලැබුණි.

TIME | Archived Link

එමෙන්ම TIME නිල ෆේස්බුක් පිටුවේද මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළත් TIME සඟරාවේ කවරයක් දැක ගන්නට නොලැබුණි.

ඉහත සමාජ මාධ්‍ය සටහන ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ තීරු සංකේතයක් (Bar Code) දක්නට ලැබෙන අතර සැබෑ TIME සඟරාවන්හි එවැනි තීරු සංකේතයක් දක්නට නොලැබේ.

එමෙන්ම ඉහත ඡායාරූපයේ තීරු සංකේතයේ දක්වා ඇති අංකය අපි ගූගල් මෙවලමක් භාවිත කරමින් පැහැදිලව ලබා ගත් අතර එම අංකය වන්නේ 9 771234 567003 වේ.

අප කළ වැඩි දුර විමර්ශනයේදී තහවුරු වූයේ මෙහි දක්වා ඇති තීරු සංකේතය අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ භාගත කර භාවිත කළ හැකි තීරු සංකේතයක් බවයි.

picng.com | Archived Link

එමෙන්ම Time සඟරාවේ කවරයේ ආකෘතිය උපයෝගී කරගෙන ඡායාරූප නිර්මාණය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් දක්වා ඇති වෙබ් අඩවියක් මෙලෙසින්. Time සඟරාවේ කවරයේ ආකෘතිය අනුව ඡායාරූපයක් සාදා ගන්නා ආකාරය පිළිබඳ වීඩියෝවක් මෙතනින්. Time සඟරාවේ කවරයේ ආකෘතියක් මෙතනින්.

මෙම තීරු සංකේත අංකයම භාවිත කළ වෙනත් සඟරා අප කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබු‍ණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මෙම තීරු සංකේත අංකයම භාවිත කළ වෙනත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව පෙනී යන්නේ Time සඟරාවේ කවරයේ ආකෘතිය භාවිත කරමින් ඉහත තීරු සංකේතයද, භාවිත කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ ඡායාරූපය නිර්මාණය කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අමෙරිකාවේ TIME සඟරාවේ ප්‍රධානය කවරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් දක්වමින් ලෝකයේ නරකම ජනාධිපති ලෙස දක්වමින්, යුද අපරාධකරුවෙක්, ජාතිවාදියෙක්, වංචාකාරයෙක්, හොරෙක් ලෙස සඳහන් කරමින් එක පවුලක් මුළු ජාතියක්ම දුර්වල කළ බවත් එහි සඳහන් කර තිබූ දැක්වෙන ඡායාරූපය අසත්‍යයි. මේ වසරේ ජනවාරි මස සිට අප්‍රේල් 11 වන දක්වා නිකුත් කළ TIME සඟරාවේ ප්‍රධාන කවරයන්හී ද, එලෙස ඡායාරූපයක් හෝ වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

Read More : TIME Magazine Did Not Announce WikiLeaks CEO Julian Assange As The ‘Person Of The Year.’

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ නරකම ජනාධිපති ලෙස සඳහන් කළාද?

Fact Check By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News