දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

Update: 2022-05-10 12:05 GMT

ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් :

දින කිහිපයක් යන තුරු රට තුළ අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට සමාජ ජාලා සටහන් පැතිරුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම සටහන් වල දැක්වෙන කරුණු සත්‍යද ? මේ , ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම මෙවැනි අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදු වෙනවාද යන කරුණ පිළිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇද්දැයි අප විමසා බැලුවා. එහිදී දැකගන්නට ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් එවැනි යමක් වාර්තා කර නොමැති බවයි.

එමෙන්ම මැයි 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙවැනි අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදුවන බවට මත පළව තිබුණද දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම සටහන තබන මැයි 10 දින මේ මොහොත වන විටත්, පෙර දින කිහිපයේ පරිදි පැය කිහිපයක කප්පාදුවකට යටත්ව, සාමාන්‍ය පරිදි විදුලිය සැපයීම සිදුවන බව අපට දැකගන්නට ලැබුණා.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණිගෙන් , සමාජ මාධ්‍ය සටහන් හි දැක්වෙන පරිදි අඛණ්ඩ විදුලි කප්පාදුවක් පිළිබදව අප විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ එවැනි අඛණ්ඩ විදුලි බල කප්පාදුවක් සම්බන්ධයෙන් කතිකාවතක් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් සුපුරුදු පරිදි විදුලි ඉල්ලුම කලමනාකරණය කිරීම සඳහා සිදුවන විදුලි කප්පාදු සිදුවනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඉන්පසුව අප මේ පිළිබදව විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ ප්‍රධානි සෞම්‍ය කුමාරවඩුගේ ගෙන්ද විමසා බැලුවා. ඔහු පැවසුවේ එවැන්නක් සිදුවිය හැකි බවට මෙතෙක් තමන් දැනුවත් නොමැති බවයි. කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලයට එල්ලවූ ප්‍රහාරයක් සමගම විදුලි බල මණ්ඩලයේ බොහෝ වෘත්තීය සමිති විසින් එම ප්‍රහාරයට විරුද්ධ ස්ථාවරයක සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවීමේ හැකියාවක් පවතින බවත්, එමගින් විදු බල නඩත්තු කටයුතු ආදිය සදහා යම් බලපෑමක් සිදුවිය හැකි වුවද, අඛණ්ඩ විදුලි කප්පාදුවක් පිළිබද ඉගියක් නැති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කෙරුවේ .

කෙසේ වෙතත් ලංකා විදුලි බල වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ මේ වන විට යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන අතර විදුලි බිල් ලිවීම ආදී කටයුතු වලින් මේ වන විට ලංවිම සේවකයන් ඉවත්ව ඇති බවයි. නමුත් ජනතාවට පීඩාකාරී ආකාරයට දිගු විදුලි කප්පාදු ඇතිවන ආකාරයට මෙය සිදු නොකරන බවත් නඩත්තු කටයුතු, විදුලි බලාගාර වල කටයුතු ආදියෙන් ඉවත් නොවන බවයි ඔහු පැවසුවේ. අරගලයට සහාය දැක්වීම සදහා ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මගින් ජනතාවට අරගලය පිළිබද තොරතුරු දැනගත හැකි මාධ්‍ය වෙත පිවිසීම ආදිය අවහිර කිරීමක් සිදු වන ආකාරයේ (රූපවාහිනී නැරඹිය නොහැකි ආකාරයේ ,ජංගම දුරකතන චාර්ජ් කරගෙන සමාජ මාධ්‍ය වෙත පිවිසිය නොහැකි ආකාරයේ) විදුලි බිදවැටීම් කිසිසේත්ම ඇතිවීමට ඉඩ නොදෙන බවත් රන්ජන් ජයලාල් අවධාරණය කර සිටියා.

කෙසේනමුත් ලංකා විදුලි බල මණ්ඩලය අඛණ්ඩ වැඩ වර්ජනයට යන බවට රන්ජන් ජයලාල් මහතා ඊයේ (9) පැවසීම, සමඟ ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීමට මුල් වී ඇතැයි දා අනුමාන කළ හැකියි. එම දර්ශන මෙතනින්

එසේම ඉන්ධන හිගය ආදිය නිසා දෛනික විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා විහිදිය හැකි බවට පසුගිය දින කිහිපයේ පළවන ප්‍රචාරද විදුලි බල මණ්ඩල කලමණාකාරීත්වය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ විදුලි කප්පාදුව දෛනිකව පැය 3 සීමාවේ පවත්වා ගත හැකි බවයි. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තාවකට පිවිසීම මෙතනින්. Archived

ඔවුන්ගේ කරුණු දැක්වීම පහතින්

Full View

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූවේ සමාජ ජාල සටහන්වල කියවෙන ආකාරයේ මැයි 9 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අඛණ්ඩ විදුලි බල කප්පාදුවක් සිදුවන බවට ඉගියක් මෙතෙක් නොමැති බවයි. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවීම නිසා නඩත්තු කටයුතු / අලුත්වැඩියා කටයුතුවලට බාධා සිදුවීම නිසා විදුලි බල සැපයුමට බාධා සිදුවිය හැකි තත්ත්වයක්ද පවතී. කෙසේ වෙතත් විදුලි බල වෘත්තීය සමිති අවධාරණය කර සිටියේ ජනතාවට පීඩාවන ආකාරයේ විදුලි බල බිදවැටීම සිදුවීමට ඉඩකඩ නොතබන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News