අරාබියේ ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් භාගයක්ම ලාංකිකයන් ද?

Update: 2022-06-29 16:55 GMT

මෙරට මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හමුවේ, ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා වෙනත් විදේශීය සමාගමකින් ඉන්ධන අපනයන කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වු අතර එහිදී සඳහන් වූ සමාගමක් වූ ADNOC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය ශ්‍රී ලාංකියන් බවට පවසමින් සටහන් සංසරණය වුණා.

මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Abu Dhabi National Oil Company (ADNOC) තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ගෙන් භාගයක්ම ලාංකිකයන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන්ම අබුඩාබි තෙල් සමාගමේ (ADNOC) අධ්‍යක්ෂවරුන් ලාංකිකයන්ද යන්න පිළිබඳව සොයාබැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙරට ඛනිජ තෙල් සහ ගෑස් සැපයීම පිළිබඳව අලුත් සමාගමක් පැමිණීමට නියමිත බවත් ඒ Abu Dhabi National Oil Company (ADNOC) තෙල් සමාගම බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වුණා. Archived Link| Archived Link| Archived Link

කෙසේ වෙතත් මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි පිරිසක් ශ්‍රී ලාංකිකයන්ද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අප Abu Dhabi National Oil Company (ADNOC) තෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළා.

සමාගමේ නිල වෙබ් අඩවියේ විස්තරය ඔස්සේ අපට දැක ගන්නට ලැබුණේ, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකදු ශ්‍රී ලාංකිකයෙකු නොසිටින බවයි. ADNOC සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ ඉහළ කළමනාකාරිත්වයේ බොහෝ දෙනා අරාබි ජාතිකයින් බවත් දැකගන්නට ලැබුනේ මෙලෙසින්.

Adnoc | Archived Link

එසේම ADNOC සමුහ ව්‍යාපාරය යටතේ ඛනිජ තෙල් නිෂ්පාදනයන්හි ජාත්‍යන්තර අලෙවිකරණය සහ බෙදාහැරීමේ කටයුතු කරන සමාගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ද අපට කිසිදු ලාංකිකයෙකු දැක ගන්නට නොලැබුණි.

ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබූ සබැඳිය පරීක්ෂා කළ අතර අපට දක්නට ලැබුණේ, එය කටාර් රාජ්‍යයේ  මූල්‍ය ආධාර සහ උපදේශන සේවා සමාගමක් ලෙස හඳුන්වා තිබු ALBG නම් සමාගමක් බවයි. 

එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර නාමල් රාජපක්ෂ නම ඇතුළු තවත් ලාංකිකයන් වැඩි පිරිසක් සිටින බවක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

albgqa | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ නාමල් රාජපක්ෂ ලෙස සඳහන් කර ඇති නම අසළ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ද, පළ කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, කටාර්හි වෙළෙඳ සමාගමක සාමාජිකයකු බව කියමින් මීට පෙර අවස්ථාවකදී ද, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වූ අතර මෙය අසත්‍ය බවයි. කටාර් සමාගම සමග ද, තමන් කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද, සඳහන් කරමින් හිටපු අමාත්‍ය වරයා සඳහන් කරන්නේ, එහි සඳහන් කර ඇති පුද්ගලයාට තමන්ගේ නාමය තිබුණ ද, ඒ තමන් නොව, තමන්ගේ නාමය ඇති වෙනත් පුද්ගලයෙක් බවයි.

https://twitter.com/RajapaksaNamal/status/1542106394471669762?t=KyN-LoExgLtsjNp3Fo8PJA&s=08

මීට පෙර අවස්ථාවක මෙම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට සඳහන් කළ ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

සැ.යු : අපට මෙම ALBG ලෙස දක්වා තිබෙන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද, නැද්ද යන්න, ස්වාධීනව සත්‍යාපන කළ නොහැක.

කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායරුපයේ ADNOC සමාගමේ වෙළඳ සන්නාමය දක්වමින් සහ එම සමාගමේ ඉන්ධන පිරවුම් හලක් දක්වමින් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් දක්වා තිබෙන්නේ කටාර් හි ALBG නම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් ලැයිස්තුවක් බව පැවසිය හැක.

කෙසේවෙතත් අප මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා Abu Dhabi National Oil Company (ADNOC) තෙල් සමාගමෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගම මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සිටින බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුලව සිටින්නේ අරාබි ජාතිකයන් වන අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවක් දැක ගන්නට ලැබෙන්නේ නැත.

නමුත් කටාර් හි පිහිටි මූල්‍ය ආධාර සහ උපදේශන සේවා සමාගමක් වන ALBG සමාගමේ නාමල් රාජපක්ෂ නම ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින බවක් එහි වෙබ් අඩවියේ දක්වා තිබෙන අතර එම වෙබ් පිටුවේ සබැඳිය හා අධ්‍යක්ෂ මණ්ඩලයේ නාම ලැයිස්තුවේ ඡායාරූපයක්, ADNOC තෙල් සමාගමේ වෙළඳ සන්නාම සමඟ යොදා ගනිමින් පළ කිරීම හේතුවෙන් පාඨකයින් නොමග ගොස් තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අරාබියේ ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් භාගයක්ම ලාංකිකයන් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News