මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

Update: 2022-07-02 09:50 GMT

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මේ කාලවකවාණුවේදී ශ්‍රී ලංකාවට උදව් නොකිරීමට ජපාන රජය තීරණය කර ඇති බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බවට පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල විශාල වශෙයන් හුවමාරු වූ සටහන්හි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ආධාර වැරදිපාරක යා හැකි නිසා මේ මොහොතේ ලංකාවට උදව් නොකරන බව ජපානය කියයි.

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමණාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසා තිබේ.

ඊයේ දිනයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති හමුවක දී ජපන් තානාපතිවරයා මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත්, ලංකාවට ආධාර ලබා දීම පිළිබදව පසුකාලීනව ජපානය සලකා බලනු ඇති බවද තානාපතිවරයා පවසා තිබේ.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම සටහන් සංසරණය වී තිබූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link |Archived Link |Archived Link

ඇතැම් වෙබ් අඩවිද, මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

දමිළ හිටපු මාධ්‍යවේදීයෙකු වන කවින්තන් ෂම්මුගරාජ් විසින් මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රථමයෙන්ම ජපන් තානාපතිවරයා මෙලෙස TNA සාමාජිකයන්ට පැවසූ බවට සඳහන් කර තිබුණා.

https://twitter.com/Kavinthans/status/1541999700475146240

ඉංග්‍රීසි මාධ්‍ය මෙරට ප්‍රධාන පුවත්පතක ප්‍රධාන පිටුවේ එම පුවත පළ වී තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන්ම මෙවැනි තීරණයක් ජපන් රජය විසින් ගෙන තිබුණාද, යන්න පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව පිරික්සීමේදී දැක ගන්නට ලැබුණේ, ජපාන තානාපති මිසුකෝෂි ජුනි 27 සිට 30 දක්වා යාපනයේ සංචාරයක යෙදී ඇති බවයි.

එහිදී, ධීවර අමාත්‍ය ආර්. ඩග්ලස් දේවානන්ද මහතා, යාපනය නගරාධිපති වී.මනිවන්නන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී. විජයසුන්දර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු දේශපාලන ප්‍රධානීන් කිහිප දෙනෙකු හමුවූ බවත් එහි සඳහන් කර තිබෙනවා.

ජපාන තානාපති මිසුකෝෂි, බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර සඳහා ගිවිසුමක් අත්සන් කර තිබිණ. එසේ ජපානය විශ්වාස කරන්නේ ඔවුන් මැදිහත් වී සිදුවූ අතීත සහ වර්තමාන ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ සමෘද්ධිය සහ සුබසාධනය සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට දායක වී ඇති බවත් එහිදී සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

එම අවස්ථාවේදීද, මූල්‍ය ආධාර පිළිබඳව සාකච්ඡා වී තිබු බව දැක ගන්නට ලැබෙන අතර ජපානයේ මූල්‍ය ආධාර ලබා නොදෙන බවට තීරණය කර ඇති බවට ජුලි 01 වැනිදා පුවත් පළ වීම හේතුවෙන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයෙන් දක්වා තිබුණේ මේ අයුරින්.

ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කර ආර්ථික තත්ත්වය සහ ඒ සමඟ මුහුණපා තිබෙන ඇති දැඩි මානුෂීය ගැටළු පිළිබඳව ජපානය දැඩි අවධානයක් යොමු කරන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකික ජනතාවට සෘජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා යුනිසෙෆ් (UNICEF) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක (3) ක් හදිසි ආධාර ආධාර ලෙස ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බවත්, ජපානයේ දිගුකාලීන මිතුරන් වන ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීමට මෙම ආධාර උපකාර වනු ඇතැයි ජපානය අවංකවම බලාපොරොත්තු වන එහි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින හවුල්කරුවන් සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට එහි තවදුරටත් දායකත්වය ලබා දීම පිළිබඳ සලකා බැලීමට ජපාන රජය කැමැත්ත පළ කළ ඇති බවත්, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයේ දිගු කලක් තිස්සේ හවුල්කරුවකු වන ජපානය, ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමඟ එහි ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීමෙහි ලා සිය කාර්යභාරය දිගටම පවතිනු ඇති බවට ද දක්වමින් ඉංග්‍රීසි බසින් පළවූ තිබු එම ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived

එසේම පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට උපකාර කිරීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක (රුපියල් මිලියන 600 ක) අරමුදල් ප්‍රකාශයට පත් කළ බවට World Food Programme වෙබ් අඩවියේ මැයි 20 වන දා පළ කර තිබූ වාර්තාවක් මෙතනින්. Archived Link

ජනාධිපති මාධ්‍ය අංශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා පවසා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ(01) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද, හිදෙකි මිසුකොෂි මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේද, මෙම හමුව සම්බන්ධයෙන් දක්වා තිබුණා.

ශ්‍රී ලාංකීය ජනතාවට මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන තවත් දායකත්වය පිළිබඳව සලකා බැලීමට ජපානයේ කැමැත්ත ද මෙම හමුවේදී තානාපති තානාපතිවරයා ප්‍රකාශ කළ බවත් දක්වා තිබුණේ මෙලෙසින්.

හිටපු මාධ්‍යවේදීයෙකු වන කවින්තන් ෂම්මුගරාජ්

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනේ දැක්වූ කරුණු පිළිබඳව ප්‍රථමයෙන්ම හෙළි කළ, හිටපු මාධ්‍යවේදීයෙකු වන කවින්තන් ෂම්මුගරාජ් විසින්, ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබූ එම ප්‍රකාශයට හේතු වූයේ කුමක්ද යන්න පිළිබඳ ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබුණා.

“අතීතයේ වැරදි කළමනාකරණයක් සිදු වූ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළැඹෙන තුරු ශ්‍රී ලංකා රජයට මහා පරිමාණ ආධාර ලබා නොදෙන බවත්, හැකි ආකාරයෙන් ශ්‍රී ලාංකික ජනතාවට පමණක් උදව් කිරීමට පියවර ගන්නා බව” ජපන් තානාපති මිසුකෝෂි සමග පැවති හමුවකදී තානාපති විසින් ප්‍රකාශ කළ බවට දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE/ප්ලොට්) නායක ඩී.සිතාර්ථන් විසින් එම මාධ්‍යවේදියාට පැවසූ දුරකතන සංවාදයේ පටිගත කළ හඬ පටය දක්වා තිබුණා. එම ට්විටර් පණිවිඩය සහ හඬ පටය පහතින්.

https://twitter.com/Kavinthans/status/1542917646756171777

Archived Link

තමන්ගේ ට්විටර් පණිවිඩය පාදක කරගනිමින් ඩේලි මිරර් පුවත් පතේ මේ පිළිබඳව පළ කිරීම සම්බන්ධයෙන් හා මේ පිළිබඳව වැඩි දුර විස්තර කවින්තන් ෂම්මුගරාජ් විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙසින් සහ මෙලෙසින් දක්වා තිබුණා. Archived Link

ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් සඳහා බොහෝ දුරට ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් මුල් වී තිබු බවින් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමට අප ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන මහතා සම්බන්ධ කර ගත්තා. ඔහු පවසා සිටියේ ජපන් ආධාර පිළිබඳ ආන්දෝලනාත්මක පුවත්වල නිරවද්‍යතාවයේ වගකීම ඩේලි මිරර් පුවත්පතට පැවරෙන බවත් මෙම පුවත පළ කිරීමේදී විශ්වාසදායක මූලාශ්‍ර ඔවුන් සතුව තිබූ බවයි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ පිළිබඳව අප කළ කරුණු විමර්ශනය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Mizukoshi Hideaki) ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකයන් හමුවකදී, ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමණාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බවට පැවසූ බවට සමාජ මාධ්‍ය පළ වන සටහන් නොමග යවන සුළු බවයි.මෙරට ජපාන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකික ජනතාවට සෘජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක (3) ක හදිසි ආධාර ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බවත් ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දීමට බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සටහන් නොමග යවන සුළු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මේ මොහෙතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News