ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Update: 2022-07-04 19:51 GMT

Update :
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල කතාබහක් ඇතිවී තිබුණා.

අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ පිලිබඳ නිල තොරතුරක් ද මේ වන විට (ජුලි 04) වාර්තා වී තිබුනේ නැහැ.

මේ අතර එම අනතුර සිදුවූ ආකාරය, කැබ් රථයේ තිබු කැමරාවේ (dash cam) සනිටුහන් වී තිබු ආකාරය යනුවෙන් හුවමාරු වූ වීඩියෝවක් පිලිබඳ අප කළ කරුණු අනාරවරණ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ජැක්සන් මහතාගෙ අනතුර.. අලියා කැබ් එකේ හැපුනු ඩෑශ්කෑම් වීඩියො එක...” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වූයේ මෙලෙසින්.

Full View

Facebook | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුනේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ ද මෙම වීඩියෝව බොහෝ දෙනා අතර සංස්කරණය වී තිබුණා.

තවද ඇන්තනී මහතා ගමන් ගත් රථය, වන අලියකු සමඟ ගැටුණු අවස්ථාවක් බව සෘජුවම දක්වන්නේ නැතිව “අලියා කැබ් එකේ හැපුනු ඩෑශ්කෑම් වීඩියො එක..” යනාදී තේමා යටතේ ද, නොමඟ යවන සුළු ආකාරයෙන් ඉහත වීඩියෝ දර්ශන පෙළම, ඇතැම් පිරිස් විසින් හුවමාරු කරගෙන තිබුණ ද, මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වූ කාරණාවක් බැවින් අදාළ වීඩියෝවේ ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස මුහුණ දුන් අනතුර දැක්වීමට උත්සහ ගෙන තිබු බවත්, එහෙත් එය පැරණි වීඩියෝවක් බව බොහෝ දෙනෙකු හඳුනාගෙන තිබු බවත්, එකී සටහන් සඳහා ලබා දී තිබු ප්‍රතිචාර ඔස්සේ ද පෙනී ගියා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය 02 වන දා රාත්‍රියේ අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේ 7 කණුව ආසන්නයේදී ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ ගමන් ගත කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඇන්තනී මහතා ඇතුළු කැබ්රථයේ ගමන් ගත් දෙදෙනෙකු රෝහල් ගත කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනී මහතා ඊයේ(03) අලුයම කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණා. ඒ බවට සඳහන් කරමින් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

Also Read: ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

කෙසේනමුත් මෙම අනතුරු සිදුවූ අවස්ථාවේ රථයේ තිබු කැමරාවක (dash cam) සටහන් වී තිබු දර්ශන පෙළක් පිළිබඳව මෙතෙක් වාර්තා වී තිබුනේ නැහැ.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ Daily Mail යනුවෙන් දක්වා තිබු බැවින් සහ එම වීඩියෝවේ අවසානයේ පුද්ගලයන් පිරිසක් පසුබිමින් කතාබහ කරන්නේ ලංකාවේ ජනතාව අතර යොදාගන්නා භාෂාවක් නොවන බැවින්, එම වීඩියෝව බැලු බැල්මට ම Daily Mail වෙබ් අඩවියේ, ලංකාවේ නොවන පුවතක ට අදාළ පුවතක් බව හැඟී යනවා. ඒ ඔස්සේ අප සිදුකල පරීක්ෂාවේ දී එහි මුල් වීඩියෝව සොයා ගන්නට ලැබුණා. එම වීඩියෝව පහතින්.

Full View

32 හැවිරිදි වන සංරක්ෂණ නිලධාරියෙකු වූ Utai Bitdtakreu, බැංකොක්හි ඊසාන දෙසින් පිහිටි Khao Yai ජාතික උද්‍යානය හරහා ධාවනය කරමින් සිටිය දී, දැවැන්ත වන අලියෙකු හදිසියේම වාහනය ඉදිරියට පැමිණීමත් සමඟ මෙම ගැටීම සිදුව තිබු බව 2017 වසරේ නොවැම්බර් මස Daily Mail වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ මෙලෙසින් | Archived

වාසනාවකට මෙන්, ට්‍රක් රථයට දැඩි ලෙස අලාභහානි වී තිබුණ ද, අලියාට මෙන්ම වන සංරක්ෂණ නිලධාරි Bitdtakreu මහතා සහ ඔහුගේ බිරිඳ සහ දියණිය සුළු තුවාල සහිතව සිද්ධියෙන් බේරී ඇත.

මෙම සිදුවීම පිළිබඳව තවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්

Also Read: ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයට හසු වූ වන අලියාගේ ඡායාරූපයක් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ලෙස හුවමාරු වන දර්ශන පෙළන් දැක්වෙන්නේ 2017 නොවැම්බර් මස තායිලන්තයේ Khao Yai ජාතික උද්‍යානය හරහා වන සංරක්ෂණ නිලධාරියකු සිය බිරිඳ සහ දියණිය සමඟ ගමන්ගනිද්දී වන අලියකු සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News