ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

Update: 2023-07-19 06:14 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. ඒ අනුව ඇතැම් පිරිස් මෙම එන්නත් නියමිත මාත්‍රාවලින් ලබා ගැනීම ද ප්‍රතික්ෂේප කළා.

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ උච්චතම අවධිය පසුවී කාලයක් ගත වී තිබුණ ද අදටත් නැවත වරින් වර ඉස්මතු වන නව ප්‍රභේද හමුවේ කොවිඩ්-19 එන්නත් පිළිබඳව කතාබහ දැකගන්නට ලැබෙනවා. ඒ අනුව කොවිඩ්-19 සඳහා ෆයිසර් ආයතනය විසින් නිකුත් කල එන්නතේ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් නම් සංඝටකය අන්තර්ගත බවට එම සමාගම මගින්ම නිකුත්කළ බවට පැවසෙන වාර්තාවක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය සටහන්

බොහෝ ෆේස්බුක් පිටු ඔස්සේ ෆයිසර් එන්නතේ ග්‍රැෆීන් ඔක්සයිඩ් නම් විෂ සංඝටකය අඩංගු බවට තොරතුරු වාර්තා ඉදිරිපත් කර තිබුණේ පහත පරිදියි.

Facebook | Archived

එමෙන්ම ෆේස්බුක් පරිශීලකයින් ද, මෙම පලකිරීම් සඳහා ප්‍රතිචාර දක්වා තිබුණේ පහත අයුරින්.

මේ පිලිබඳ කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමර්ෂණය)

ප්‍රථමයෙන් අපි සොයා බැලුවේ ග්‍රැෆීන් ඔක්සයිඩ් සංයෝගය පිළිබඳවයි.

ග්‍රැෆීන් ඔක්සයිඩ් යනු කෙබඳු සංයෝගයක්ද?

ග්‍රැෆීන් යනු කාබන් පරමාණුවලින් සැදුම් ලත්, ෂඩස්‍රාකාර දැලිස් ව්‍යුහයක් සහිත, ද්විමාන, ස්ඵටික ව්‍යුහයකි. ග්‍රැෆීන්හි විස්මිත ගුණාංග රාශියකින් සමන්විත වන අතර එක් පරමාණුවක ඝනකම ඇති දැනට හඳුනාගෙන ඇති තුනීම සංයෝගය වන අතර ශක්තිමත්කම අතින් වානේවලට වඩා 200 ගුණයක් පමණ ශක්තිමත්කමක් පෙන්වනවා. එසේම කාමර උෂ්ණත්වය තුළදී ග්‍රැෆීන් විශිෂ්ට තාපය හා විදුලිය සන්නායකයක් වන අතර ඉතා හොඳ ආලෝක අවශෝෂණ හැකියාවක් ද පවතින බවින් විවිධ කර්මාන්ත සඳහා ඉතා වැදගත්, විස්මිත අමුද්‍රව්‍යක් ලෙස යොදාගැනෙනවා. අඩු පිරිවැයකින් ඉහළ ග්රැෆීන් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ඒ සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ් භාවිතයයි.

ග්‍රැෆීන් ඔක්සයිඩ් යනු කාබන්, ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අණුවලින් සමන්විත, තනි ස්ථරයකින් සෑදුණු සං‍යෝගයක්. ග්‍රැෆයිට් ඔක්සිකරණය මඟින් ලාභදායී ලෙස මෙම ග්‍රැෆීන් ඔක්සයිඩ් නිශ්පාදනය කරගත හැකියි.

මෙම ග්‍රැෆීන් ඔක්සයිඩ් ධාරිත්‍රක නිශ්පාදනයේදී, ජෛව සංවේදක නිශ්පාදනයේදී, ශක්තිය ගබඩා කරන උපාංග නිශ්පාදනයේ දී මෙන්ම ජෛව වෛද්‍ය විද්‍යාවේදී ඔපාංග නිශ්පාදනයට යොදා ගන්නවා. මෙම භාවිතයන්ට හේතු වන්නේ මෙහි භෞතික ගුණාංග සහ ලාභදායී බවයි.

ජෛව විද්‍යාත්මක යෙදවුම් සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ්වල භාවිතය සැලකුවොත් පිළිකා සෛල ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිකාර ලබා දීමේදී, සිරුර තුළ ඖෂධ බෙදාහැරීමේ දී සහ සෛලීය රූපගත කිරීම් සඳහා සාර්ථක ලෙස භාවිත කරනවා. මේ භාවිත සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ් ඉතා සාර්ථක අමුද්‍රව්‍යක් වන්නේ ඒහි නැනෝ ප්‍රමාණිත සැකැස්ම, මතුපිට ඉහළ වර්ගඵලය සහ විද්‍යුත් ආරෝපණය වැනි භෞතික ලක්ෂණ සහ ඇතැම් රසායනික ලක්ෂණයි. මේ සම්බන්ධ වැඩිදුර කියවීමට මෙතනින්.

ග්‍රැෆීන් ඔක්සයිඩ් එන්නත්වලදී භාවිත කරනවා විය හැකි බවට සැක කිරීමට හේතු වන්නේ, නැනෝ තාක්ෂනයේදී ඒවාගේ භාවිතය සහ හොඳ ක්‍රියාකාරීත්වයත්, ඉහත සඳහන් පරිදි විව්ධ ජෛව විද්‍යාත්කම යෙදුම් සඳහා මේවා සාර්ථකව යොදා ගැනීමත්.

ග්‍රැෆීන් ඔක්සයිඩ් මිනිස් සිරුරට විෂ කාරකයක්

කෙසේ නමුත්, ග්‍රැෆීන් ඔක්සයිඩ් මිනිසුන් හමුවේ භාවිත කරන විට ප්‍රවේශම ඉතා වැදගත්. ග්‍රැෆීන් ඔක්සයිඩ් මෙන්ම ග්‍රැෆීන් ආදී එහි වෙනත් ස්වරූප පවා මිනිසුන් වෙත විෂ සහිත වෙනවා. ප්‍රතිකාරවලදී සිරුරට එක් කරන ග්‍රැෆීන් ඔක්සයිඩ් හැකිතාක් ඉක්මනින් සිරුරෙන් ඉවත් කරවීම මේ නිසා වැදගත් වෙනවා. මිනිස් සිරුර තුළ වැඩි කාලයක් ග්‍රැෆීන් ඔක්සයිඩ් රැඳී තිබීමේදී, ඒවා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස ඉහළ නංවමින් අක්‍රමිකතා ඇති කරනවා. මීට හේතු වන්නේ ද්විමාන ව්‍යුහයක් සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ්, මිනිස් සිරුරේ ජීව විද්‍යාත්මක පටල සහ රුධිර ප්‍රෝටීන් සමඟ අන්තර් ක්‍රියා කිරීමයි. මෙමඟින් සිරුරේ විව්ධ සංකූලතා ඇති වීමට ඉඩ කඩ සැලසෙනවා. මේ පිළිබඳව වැඩිදුර කියවීම් මෙතනින්.

කොවිඩ්-19 කිසිදු එන්නතක් සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ් යොදාගත් බවට වාර්තා වන්නේ නැහැ!

ලෝක සෞඛ්‍ය සංවිධානයද, මෙලෙස ග්‍රැෆීන් ඔක්සයිඩ් කොවිඩ්-19 කිසිදු එන්නතක අඩංගු නොවන බව මේ වන විටත් තහවුරු කර තිබෙනවා. ගෝලීය සෞඛ්‍ය ව්‍යාපාරයේ වෙබ් අඩවියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් කොවිඩ්-19 එන්නත්වල අමුද්‍රව්‍ය ලැයිස්තුගත කර තිබූ අතර, ග්‍රැෆීන් හෝ ග්‍රැෆීන් ඔක්සයිඩ් එම කිසිම එන්නතක අමුද්‍රව්‍යක් ලෙස දැක්වුණේ නැහැ. ෆයිසර් එන්නතද මෙහි දැක්වුණ අතර, එහිත් මෙම අමුද්‍රව්‍ය පැවතුණ බවට සටහන් වුණේ නැහැ. ෆයිසර් එන්නතේ අමුද්‍රව්‍ය ගැන සටහනක් මෙතනින්.

මේ පිළිබඳව විමසීම සඳහා මහාචාර්‍ය නිලීකා මලවිගේව අප විසින් සම්බන්ධ කරගත්තා. ඇයද පැවසුවේ මෙය සුපුරුදු පරිදි කලින් කලට සමාජය තුළ මතුවන පදනම් විරහිත ප්‍රකාශයක් පමණක් වන බවයි. ඒ නිසා අනිසි ලෙස කලබල වීම අනවශ්‍ය බව එතුමිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම ප්‍රකාශය සඳහා සාක්ෂි ලෙස සමාජ මාධ්‍යවල ඉදිරිපත් කෙරුණු, ෆයිසර් සමාගම විසින් නිකුත් කෙරුණු ආහාර සහ ඖෂධ පරිපාලනය සම්බන්ධ ලියවිල්ල (FDA document) මෙතනින්.

මෙම ලියවිල්ලේ සඳහන් කරුණු වැරදි ලෙස අර්ථකතනය කිරීම නිසා මෙම වැරදි මතය සමාජය තුළ ප්‍රචාරය වීම සිදු වී තිබෙන බව මෙම ලියවිල්ල අධ්‍යනයේදී පැහැදිලි වෙනවා. මෙහිදී එක් කොටසක ග්‍රැෆීන් ඔක්සයිඩ් පිළිබඳව සඳහනක් තිබෙනවා. (7වන පිටුව)

මෙහි සඳහන් වන දේ සරලව විමසා බැලුවොත්, එයින් කියවෙන්නේ, කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත පර්‍යේෂණ ක්‍රියාවලියේදී කොවිඩ් වෛරසයේ ව්‍යුහය අධ්‍යනය කිරීම සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ් සං‍යෝගය භාවිත කළ බවයි. එම ලේඛනයේ, ග්‍රැෆීන් ඔක්සයිඩ්, එන්නත් නිශ්පාදන ක්‍රියාවලියේදී යොදාගත් බව කිසිදු තැනක සඳහන් වී නැත.

මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් ඔස්සේ පැහැදිලි කිරීමක් ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය (US FDA) සිදුකර තිබුනේ මෙලෙසින්.

https://twitter.com/US_FDA/status/1645867872521191424

මේ පිළිබඳව අදහස් දක්වමින් ෆයිසර් සමාගම ද Full Fact කරුණු විමර්ෂණ කණ්ඩායම වෙත පැවසා තිබුනේ Pfizer/BioNTech COVID-19 එන්නත නිශ්පාදන ක්‍රියාවලියේදී කිසිදු ලෙසකිනුත් ග්‍රැෆීන් ඔක්සයිඩ් භාවිත නොවුණ බවයි. එන්නත් නිශ්පාදනයේදී යොදාගත් අමුද්‍රව්‍ය හෝ අවසාන එන්නත් නිශ්පාදනයේදීත් කිසිම ලෙසකින් ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු නොවන බව ඔවුන් විසින් තහවුරු කරණු ලැබුවා.

තවද, ග්‍රැෆීන් මත පදනම් වුණ කිසිදු ද්‍රව්‍යක් කොවිඩ්-19 එන්නත් සඳහා අවසර සහිත අමුද්‍රව්‍ය ලැයිස්තුවේ අන්තර්ගත වන්නේ නැහැ. මේ අනුව යුරෝපයේ එන්නත් සඳහා ග්‍රැෆීන් සහ ඒ ආශ්‍රිත නිශ්පාදනයන් භාවිතය සඳගා නීතිමය සහ සදාචාරාත්මක බලපෑම් පවතිනවා. ඒ නිසා ඊට විරුද්ධව ග්‍රැෆීන් භාවිතයක් කිසිදු ලෙසකිනුත් කොවිඩ්-19 එන්නත් සඳහා සිදු වී තිබීමට අවකාශයක් නැහැ, මේ පිළිබඳව තොරතුරු මෙතනින්.Archived

ඇමෙරිකානු රසායන සංගමයේ විද්‍යාඥ සහ ඉන්ජිනේරු මහාචාර්‍ය මැතිව් ඩයසියෝ රොයිටර්ස් පුවත් සේවයට පවසන්නේ ග්‍රැෆීන් හෝ ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු විට අදාල ද්‍රවය තද දුඹුරු හෝ කළු පැහැයකට සමාන පෙනුමක් දරන බවයි. අවම වශයෙන් එන්නතක අවම 1%ක ප්‍රතිශතයක්වත් ග්‍රැෆීන් හෝ ග්‍රැෆීන් ඔක්සයිඩ් පවතිනවා නම් දියරයේ අඳුරු ස්වරූපයක්වත් පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කරනවා . නමුත් ෆයිසර් එන්නත විනිවිද පෙනෙන සුළු, කහ පැහැයට සමාන පෙනුමක් දරන ද්‍රවයක්. ඒ නිසා මෙහි ග්‍රැෆීන් අන්තර්ගත වීම විය නොහැකි බව ඔහු පෙන්වාදෙනවා. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්

එසේම ඕස්ට්‍රේලියාවේ Centre for NanoMedicine (ACN) ආයතනයේ මහාචාර්ය Susan Oliver මේ පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් ලබාදෙමින් පැහැදිලි කරන්නේ ද ග්‍රැෆීන් ඔක්සයිඩ් සංයෝගය, ෆයිසර් එන්නතනේ හෝ වෙනත් කොවිඩ් එන්නත් තුළ ඇති බවට හුවමාරුවන්නේ එන්නත් විරෝධී පාර්ශවයන් විසින් නිර්මාණය කර තිබෙන කිසිඳු විද්‍යාත්මක පදනමකින් තොරව නිර්මාණය වූ කතාංගයක් බවයි.

https://youtu.be/Rybf2bQURDo?t=98

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

ඒ අනුව ෆයිසර් එන්නත සඳහා ග්‍රැෆීන් ඔක්සයිඩ් භාවිතා කර ඇති බවට හෝ වෙනත් කිසිදු ග්‍රැෆීන් අන්තර්ගත සං‍යෝගයක් එම එන්නතේ හෝ අඩංගු නොවන බව පැහැදිලි වෙනවා. එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් වෙනත් කොවිඩ්-19 එන්නතක් සඳහාවත් ග්‍රැෆීන් ඔක්සයිඩ් සංයෝගය යොදා ගෙන නොමැති බව පෙනී යනවා.

Also Read: Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොවිඩ්-19 එන්නත්වල උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගතබව ෆයිසර් සමාගම පිළිගෙන නැහැ!

Written By: FactCrescendo Team

Result: False

Tags:    

Similar News