මුහුණේ ලපයක් සහිත පුද්ගලයෙක් ලංකාද්වීපයේ පාලකයා බවටපත් වන බවට ඉන්දියාවේ නම්බි නාරායණන් පැවසූවා ද?

Update: 2023-09-05 12:16 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

එක් එක් වකවානුවලදී, නොයෙකුත් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන නායකයින් ඉස්මතු කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය හරහා නොමග යන සුළු තොරතුරු ව්‍යාප්ත කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී විරුද්ධ පාක්ෂිකයින් විසින් ද, උපහාසාත්මක කෝණයෙන් අනෙක් පාක්ෂියක් ට අපහස කිරීම සඳහා සටහන් නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා සංසරණය කරනු ලබනවා. නමුත් මේ ඔස්සේ සමාජයේ බොහෝ පිරිසක් නොමග යනු ලබන්නේ මෙවැනි සටහන් සත්‍ය බවට උපකල්පනය කිරීම හේතුවෙන්. එලෙසින් ව්‍යාප්ත වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය පිළිබඳ FactCrescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මුහුණේ ලපයක් සහිත මිටි පුද්ගලයෙක් ඉදිරියේදී ලංකාද්වීපයේ පාලකයා බවටපත් වී දකුණු ආසියාව ලෝකයේ ඉහලට ගෙන යාවි” යනුවෙන් නම්බි නාරායණ ජ්‍යෙෂ්ඨ ඉන්දීය දෛවඥවරයෙකු විසින් පැවසූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි සඳහන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා බවට බොහෝ දෙනෙකු අනුමාන කරමින් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන් ම ඉන්දීය දෛවඥවරයෙකු විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණා ද, යන්න සහ එසේ කර තිබේ නම් එහි සඳහන් වන්නේ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධව ද, යන්න පිළිබඳ සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාව පිළිබඳ සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාඥයෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ, ජ්‍යෙෂ්ඨ ඉන්දීය දෛවඥවරයෙකු විසින් ඉහත සඳහන් පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළා. එලෙසින් පුවතක් වාර්තා නොවූ බවට අපට දැක ගන්නට ලැබුණා.

ඉන්දීය දෛවඥවරයෙකු ලෙස හඳුන්වා දුන් නම්බි නාරායණන් නම් පුද්ගලයා කවුරුන් ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

ඒ අනුව, නම්බි නාරායණ යනු ඉහත සටහන් වල පෙන්වා දී ඇති පරිදි, ජ්‍යෙෂ්ඨ ඉන්දීය දෛවඥවරයෙකු නොව නම්බි නාරායණන් යනු ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සේවය කළ ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයෙකි. ISRO හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඔහු කෙටි කලක් ක්‍රයොජනික් අංශය භාරව කටයුතු කළ අතර ඔහු 2019 මාර්තු මාසයේදී ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. නම්බි නාරායණන් සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

නම්බි නාරායණන් දෛවඥයෙකු බවට කිසිදු තැනක සඳහන් වී ඇති බව ක් අප කළ වැඩිදුර නිරීක්ෂණයේදී තහවුරු වූ අතර මෙරට දේශපාඥයින් සම්බන්ධයෙන් හෝ ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූ අතර අප Factcrescendo ඉන්දීය කණ්ඩායම ද, තහවුරු කළේ, නම්බි නාරයණන් යනු දෛවඥයෙකු නොව ඉන්දියානු ජ්‍යෙෂ්ඨ අභ්‍යවකාශ විද්‍යාඥයෙක් බවයි.

නම්බි නාරායණන් 1994 දී, ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වන ලදී. ඔහුට එරෙහි චෝදනා පදනම් විරහිත බව මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් 1996 අප්‍රේල් මාසයේදී අනාවරණය වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහි සියලු චෝදනා නිෂ්ප්‍රභ කළ අතර කේරළ රජයට තාක්ෂණික හේතු මත විමර්ශනය කරගෙන යාම තහනම් කරමින් එවකට අගවිනිසුරු දීපක් මිශ්‍රා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නාරායනන්ට රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ප්‍රදානය කර තිබුණා. ඊට අමතරව, කේරළ රජය ඔහුට 2019 දී රුපියල් කෝටි 1.3 ක තවත් වන්දි මුදලක් ප්‍රදානය කර ඇති අතර ආර්. මාදවන් නමැති ඉන්දීය දමිළ රංගන ශිල්පියා විසින් රංගනයෙන් සහ අධ්‍යක්ෂණය කරන ලද නම්බි නාරායණන්ගේ ජීවිතය පදනම් කරගත් Rocketry: The Nambi Effect චිත්‍රපටය නිර්මාණය කර 2022 ජූලි මාසයේදී සිනමා පටය නිකුත් කර තිබුණා.

Update :

Fact Cescendo අප ඉන්දීය මලයාලම් භාෂා කණ්ඩායම විසින් නම්බි නාරායණන් මහතා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව විමසීමක් කළ ඇති අතර ඒ මහතා සඳහන් කර තිබුණේ, තමන් විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

Also Read : ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක් ලැබී ඇති බවට අනාවැකියක් පළවුයේ නැත

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජ්‍යෙෂ්ඨ ඉන්දීය දෛවඥවරයෙකු වන නම්බි නාරායණන් නමැති පුද්ගලයෙකු විසින් මුහුණේ ලපයක් සහිත මිටි පුද්ගලයෙක් ඉදිරියේදී ලංකාද්වීපයේ පාලකයා බවට පත් වන බවට ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. නම්බිනාරයණන් යනු ජ්‍යෙෂ්ඨ ඉන්දීය දෛවඥවරයෙකු නොව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සේවය කළ ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයෙකි. එමෙන් ම ඔහු විසින් මෙරට දේශපාලඥයෙකු සම්බන්ධයෙන් ඉහත සටහන් වල දැක්වෙන ලෙස කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට අප කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මුහුණේ ලපයක් සහිත පුද්ගලයෙක් ලංකාද්වීපයේ පාලකයා බවටපත් වන බවට ඉන්දියාවේ නම්බි නාරායණන් පැවසූවා ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News