සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

Update: 2024-01-30 07:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මැතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් සමාජයේ පැතිරෙද්දි, දේශපාලන නායකයින් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්, එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ෆොන්සේකා මාලිමාවට ?” යනුවෙන් සඳහන් කරමින් සරත් ෆොන්සේකා මහතා ජාතික ජන බලවේගයට එක් වීමට සැලසුමක් ඇත් ද යන්න ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

සමගි ජන බලවේගයේ (SJB) සභාපති සරත් ෆොන්සේකා, ජාතික ජන බලවේගය (NPP) පක්ෂයට එක්වීමට සැලසුම් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොමැති බවට අපට දැක ගන්නට ලැබුණා.

එමෙන්ම සරත් ෆොන්සේකා මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, ඒ මහතා ජාතික ජන බලවේගයට එක් වන බවට කිසිදු සඳහනක් කර නොමැති බව ද අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

මේ පිළිබඳ ව අප ෆොන්සේකා මහතාගේ ලේකම් ගයා බස්නායක මහතාගෙන් ද, විමසා සිටි අතර ඒ මහතා තහවුරු කළේ, සරත් ෆොන්සේකා මහතා ජාතික ජන බලවේගය සමගින් එක් වීමේ තීරණයක් ගෙන නොමැති බවත්, අද(30) දිනයේ පස්වරු 1.30 ට කොළඹදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගය ආණ්ඩු විරෝධි ජන රැළියට ද, සරත් ෆොන්සේකා මහතා සහභාගී වීමට නියමිත බවයි.

අප මේ පිළිබඳ තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, විමසීමක් සිදුකළ අතර ඒ මහතා තහවුරු කළේ ද, සරත් ෆොන්සේකා ජාතික ජන බලවේගය හා ඒකවන බවට පළ වන සටහන් අසත්‍ය බවයි.

2023 වසරේදී ද පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට තිබු සුදානම සමඟ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමගින් සරත් ෆොන්සේකා මහතා ජාතික ජන බලවේගය සමඟ එක්වීමට සැලසුම් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූව ද, මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොතිබුණි. Archived Link

කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම් දෙස ආපසු හැරී බලන විට සහ ෆොන්සේකා මන්ත්‍රීවරයා කරන ලද ඇතැම් ප්‍රකාශවලින් ද පෙනී යන්නේ ඔහු නව දේශපාලන ගමනක් යෑමේ අරමුණක් තිබිය හැකි බවයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රකාශ කළේ, බහුතර ජනතාවක් ඉල්ලා සිටින්නේ නම් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බවයි. එම වීඩියෝව මෙතනින්.

සජබ සභාපති සරත් ෆොන්සේකා මහතා සිය ස්ථාවරය දක්වමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා ජාතික ජන බලවේගය(NPP) සමගින් එක්වන බවට පළ වන සටහන් නොමග යන සුළු බවයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඒ මහතාගේ ලේකම්වරයා සඳහන් කළේ, එවැනි තීරණයක් ෆොන්සේකා මහතා ගෙන නොමැති බවයි. එමෙන් ම ජාතික ජන බලවේගය විසින් ද, තහවුරු කරන්නේ, සරත් ෆොන්සේකා මහතා එම පක්ෂය සමගින් එක් වීමට සැලසුම් කර ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News