පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

Update: 2024-02-22 18:22 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබයි. එලෙසින් 2019 වසරේ සිට හුවමාරු වෙමින් පවතින සේයාරුවක අප සුල මුළ සොයන්නට කටයුතු කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුප සටහන් :

“මේ කව්ද? මොනවද කරන්නේ? දෙමටගොඩ නිවස තුළ බෝම්බය පුපුරුවාගත් ඉබ්‍රහිම්ගෙ පුතා සමග... නිර්ධන පන්ති නායකයා ත්‍රස්තවාදීන් සමග හෙලුවෙන්” යනුවෙන් සඳහන් කරමින් පාස්කු බෝම්බකරුවන් දෙපළකගේ පියා වූ ඉබ්‍රහිම්ගේ පුතා හා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා එකට සිටින බවට ඡායාරූපයක් බව දක්වමින් ඡායාරුප සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

2019 අප්‍රේල් මස සිදු වූ කුරිරු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දින කිහිපයක සිට, මෙම ඡායාරූපය ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අප වෙත බොහෝ දෙනෙකු ඉල්ලීම් ලැබුණු අතර එම ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Also Read : අනුර සමඟ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙක්?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දා එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය දියත්කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනා අතරින්, ෂැන්ග්‍රි-ලා ප්‍රහාරයන්ට වගකිව යුතු බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම්ය. අනෙක් පුද්ගලයා මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමර්ඩ් ය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන්නේ, ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම්ය. මෙම එක් සහෝදරයෙකුගේ ගැබිණි බිරිඳ විසින්, පාස්කු ප්‍රහාරය සිදුවූ දින ම, දෙමටගොඩ මහල් නිවාස සංකීරණයක පොලීසිය සිදු කළ වැටලීමකදී, මරාගෙන මැරෙන බෝම්බ ජැකට්ටුවක් පුපුරුවාගෙන සියදිවි නසාගැනීම හේතුවෙන්, එම අවස්ථාවේ ඇගේ දරුවන් දෙදෙනා මෙන්ම පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද මරණය ට පත් වුණා. ඒ අනුව දෙමටගොඩ නිවසේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි ඊබ්‍රාහිම්ගේ පුතෙකු නොව ලේලිය විසිනි. ඒ බවට පළ වූ මාධ්‍ය වාර්තා කිහපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මරාගෙන මැරුණු ඊබ්‍රාහිම්ගේ පුතුණුවන් දෙදෙනා සහ ලේලියගේ ඡායාරූප පහතින්.

කෙසේ වෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට තොරතුරු දැන සිටියදී එය ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනාව මත මොහොමඩ් ඊබ්‍රහිම්ගේ තවත් පුත්‍රයකු වන ඉස්මයිල් අහමඩ් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහුගේ ඡායාරූප පිළිබඳ අප පරීක්ෂා කළත්, අපට එම ඡායාරූපය අනාවරණය කර ගැනීමට නොහැකි විය. එමෙන් ම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊබ්‍රාහිම්ට පුතුන් හය දෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටින බවයි.

සමාජ මාධ්‍ය වල දැක්වෙන ඡායාරූපය

ඉහත ඡායාරූපයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග සිටින්නේ කවුරුන් ද, යන්න විමර්ශනය කිරීම සඳහා අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මූල පද සෙවීම(Keyword search) හරහා ද, මෙම ඡායාරූපයේ සිටින තැනැත්තා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.

ඒ අනුව එම ඡායාරූපයේ සිටින පුද්ගලයා ඉස්ලාම් පුද්ගලයෙකු නොවන අතර කෝසල කාරියවසම් නමැති, සිය පවුලේ සාමාජිකයන් සමගින් කැනඩාවේ වෙසෙන, සිංහල බෞද්ධයෙකු බවට අනාවරණය වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වූ ඡායාරූප සටහන්හි දැක්වෙන්නේ අසත්‍ය තොරතුරු බවට පවසමින් කෝසල මෙන් ම ඔහුගේ බිරිඳ වන ගෞරි එදිරිසිංහ විසින් ද සිය ෆේස්බුක් ගිණුම් හරහා පැහැදිලි කිරීම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණා.

කැනඩාවේ ව්‍යාපාරික කටයුතු සිදුකරන කෝසල කාරියවසම්, තමන් ත්‍රස්තවාදියෙකු නොවන බවත්, තම පවුල සමඟ කැනඩාවේ පදිංචිව සිටින සාමාන්‍ය පුරවැසියෙකු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ජවිපෙ නායකයා සමඟ එකට සිටින ඡායාරූපය, පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේම, අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ කැල්ගරි ප්‍රදේශයට පැමිණි අවස්ථාවක දී ලබා ගත් ඡායාරූපයක් බවත්, සිය ෆේස්බුක් සටහනක් මගින් 2019 අප්‍රේල් 23 වන දින කෝසල පෙන්වා දී තිබුණේ මෙලෙසින්. Archived

Full View

තමන් ත්‍රස්තවාදියෙකු ලෙසට පවසමින්, ව්‍යාජ අර්ථකතනයකින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප සටහන පිළිබඳ කෝසල දක්වා තිබූ අදහස් පහතින්.

Full View

එමෙන් ම කෝසලගේ බිරිඳ වන ගෞරි එදිරිසිංහත්, සිය ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කර තිබුණේ තම ස්වාමිපුරුෂයා සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු අසත්‍ය බවයි. එම සටහන මෙතනින්. Archived

එසේම, 2019 අප්‍රේල් මස එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිකරමින් කැනඩාවේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට කෝසල කාරියවසම් ඇතුළු සිය පවුලේ සමාජිකයන් එක් වූ අයුරු ප්‍රධාන මාධ්‍ය වීඩියෝවක පළ වී තිබුණේ මෙලෙසින්. එහිදී කෝසල ද අදහස් දක්වා සිටිනවා (0.42/0.51)

එමෙන්ම 2023 වසරේදී නැවත වරක් ඊබ්‍රහිම්ගේ පුතෙකු ලෙසින් සංසරණය වන තමන්ගේ ඡායාරූපය පිළිබඳ කෝසල කාරියවසම් උපහාසාත්මක කෝණයෙන් පළ කළ සටහනක් ද, මෙලෙසින් අපට දැක ගන්නට ලැබුණා.

කෝසල සහ ගෞරිගේ ෆේස්බුක් ගිණුම්හි පළ කර ඇති අනෙකුත් ඡායාරූප සහ වීඩියෝ අපි තවදුරටත් පරීක්ෂා කළ අතර, ඒ ඔස්සේ ද පැහැදිලි වන්නේ, අනුර කුමාර සමඟ එකට සිටින රූපයේ සිටින්නේ ඇත්ත වශයෙන්ම කෝසල බවයි. තවද මෙම යුවළ 2016 වසරේ පමණ සිට දී කැනඩාවේ ජිවත්වන බව ද ඒ ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමසා බැලීමක් සිදු කිරීම සඳහා කෝසල කාරියවසම් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කරන අතර ඔහුගේ ප්‍රතිචාරය සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන වකවාණුවේ අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ සංචාරයක යෙදී සිටි අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ රැස්වීම් සඳහා සහභාගී වූ බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ජනතා විමුක්ති පෙරමුණ සහ ඊබ්‍රහිම්

2015 වසරේ මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ලැයිස්තු අපෙක්ෂකයෙකු ලෙස මොහොමඩ් ඊබ්‍රාහීම්ව නම් කර තිබූ අතර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ද කිහිපවතාවක් ම කතාබහට ලක්වී තිබුණා.

කෙසේවෙතත් මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බවත්, ඊබ්‍රාහිම් වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී හෝ තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීම් වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බව ද අනුර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පැවති චැනල් ෆෝ විවාදයේදී සඳහන් කර තිබුණේ මෙලෙසින්.

NPP Leader Posing With A Terrorist Linked To Easter Attacks? Find Out The Truth Behind This Image, Going Viral Since 2019!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම්ගේ පුතෙකු සමගින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිටින ඡායාරූපයක් ලෙසට පෙන්වා දී තිබූ ඡායාරූපයේ සිටින්නේ, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෙකු වන කෝසළ කාරියවසම් නමැති පුද්ගලයෙකු බවයි. එම ඡායාරූපය ලබාගෙන තිබුණේ 2019 අප්‍රේල් මස, එනම් පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිදුවූ වකවාණුවේ දී අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ සංචාරයක නිරතව සිටි අවස්ථාවකයි. එමෙන් ම දෙමටගොඩ මහල් නිවසක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරියේ ඊබ්‍රාහිම්ගේ පුතෙකු නොව ලේලියක් විසිනි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News