සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!

Update: 2024-05-21 09:59 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ට සඳහන් කර තිබේ. මැතිවරණය ළං වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය ප්‍රචාර දැ ගන්නට ලැබෙන අතර එලෙසින් සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් සංසරණය වුයේ මේ අයුරින්.

Full View

FB | Archived

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම ඉහත වීඩියෝවේ කොටසේ දැක්වෙන සම්පූර්ණ වීඩියෝව වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා.

එම වීඩියෝව දැක්වෙන්නේ පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ මල්වතු හිරිපිටිය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයකදී විපක්ෂ නායකවරයා සිදු කරන කතාවක කොටස‍කි.

එහිදී සජිත් ප්‍රේමදාස පවසන්නේ, මත්පැන් සිරෝසිස් ඇති කරන බව ත්, දුම්පානය මුඛ පිළිකා, පෙනහළු පිළිකා සහ හෘදයාබාධ ඇති කරන බව ත්ය. (11 වන මිනිත්තුවේ සිට සවන් දෙන්න)

https://youtu.be/2gvzf9z35m4?si=Cl4VfHwCcx0Pyz1w

මෙම ප්‍රකාශයන් වෛද්‍ය විද්‍යානුකූලව නිවැරදි වේ. ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත වීඩියෝවේ කොටස් ගෙන වෙන අර්ථයක් වෙන අයුරින් එම වීඩියෝව සංස්කරණය කර ඇති බවයි.

සංස්කරණය කරන ලද වීඩියෝව හා සත්‍ය වීඩියෝව අතර සංසන්දනය පහතින්.

http://srilanka.factcrescendo.com/wp-content/uploads/2024/05/sajith-speech-comparison.mp4

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Also Read : Sajith Premadasa Did NOT Say Smoking Causes Cirrhosis

Conclusion (අවසාන නිගමනය) :

දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව සත්‍ය වීඩියෝවේ කොටස් ගෙන වෙනත් අරුතක් ගැන්වෙන අයුරින් සංස්කරණය කරන ලද වීඩියෝවකි. එම සත්‍ය වීඩියෝවේ දැක්වෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මත්පැන් සිරෝසිස් ඇති කරන බව ත්, දුම්පානය මුඛ පිළිකා, පෙනහළු පිළිකා සහ හෘදයාබාධ ඇති කරන බව ත්ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සජිත් ප්‍රේමදාස දුම්පානය සිරෝසිස් රෝගයට හේතු වන බව ට ප්‍රකාශයක් සිදු කර නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News