සෑම ක්ෂේත්‍රයකම වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට අනුර ප්‍රකාශ කරා ද?

Update: 2024-08-19 18:00 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ළඟ එන ජනාධිපතිවරණයත් සමග දේශපාලන වේදිකාවේ අපේක්ෂකයින් සිදු කරන ප්‍රකාශයන් අරඹයා අසත්‍ය තොරතුරු ඇතැම් ප්‍රධාන මාධ්‍ය මෙන් සමාජ මාධ්‍යත්, වාර්තා කිරීම තුළින් බොහෝ පිරිසක් නොමග යවනු ලබයි. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පැමිණීමෙන් පසු වැට් බදු සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

එවැනිම තේමාවක් යටතේ හුවමාරු වූ කෙටි වීඩියෝවක් හරහා ද පෙන්නුම් කර තිබුනේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද බලයට පත්වීමට පෙර වැට් බදු ප්‍රතිශතය 8% දක්වා අඩු කිරීම ගැන 2019 වසරේ දී පවසා තිබු බවත්, අනුර කුමාර දිසානායක මහතා සිය කතාවේ දී වැට් බදු ප්‍රතිශතය මුළුමනින්ම ඉවත් කරන බවත් පැවසු බවක්. FB

Full View

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ ගැන පරීක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක මහතා විසින් වැට් බදු සම්බන්ධයෙන් මෑතකදී අදහස් දැක්වූ අවස්ථාවක් ගැන අප පරීක්ෂා කරනු ලැබුවා.

ඒ අනුව, දැක ගන්නට ලැබුණේ, පසුගිය 17 වන දා තංගල්ලේ පැවති රැලියකදී අනුර කුමාර දිසානායක මහතා විසින් වැට් බදු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන බවයි.

ජාතින ජන බලවේගයේ පළමු ආණ්ඩුවෙන්ම, අධ්‍යාපනය, පාසල් පොත් උපකරණ සඳහා වන බද්ධ සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවත්, ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබා දීමත්, රෝග පරීක්ෂණය සඳහා වන වැට් බද්ද මුළු මනින්ම ඉවත් කරන බවත්, ඒ අනුව, ඖෂධ, ආහාර සහ අධ්‍යාපනය මුළු මනින් ම බදු වලින් නිදහස් කරන බවයි ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ. එම අවස්ථාව මෙතනින්.(26.12-28.53)

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර පවසන්නේ, බදු ආදායම් සොයා ගැනීමට හැකියාව ඇති බවත්, බදු නොගෙවන සමාගම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, ඒ අතර මත්පැන් සමාගම් ඇති බවත්, බදු පැහැර හරින සමාගම් ඇති අතර ඒවායින් බදු එකතු කර ගැනීමට හැකි බැවින් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන වලට බදු පැනවීමට අවශ්‍යතාවයක් නොමැති බව යි.

මේ හේතුවෙන්, තමා බලයට පත්වුවහොත්, දැනට ක්‍රියාත්මක වන 18% වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට අනුර කුමාර මහතා සඳහන් කරන්නේ ඉහත ක්ෂේත්‍ර 3දී පමණක් බවත්, මෙම සම්පූර්ණ කතාව පරීක්ෂා කිරීමේදී තහවුරු වනු ලබනවා.

ඒ වගේම ඉහත වැට් බදු සම්පුර්ණයෙන්ම ඉවත් කරන බවක් අනුර කුමාර පැවසු බව හඟවමින් හුවමාරු වන්නේ ද ඔහු මීට දින කිහිපයකට පෙර සිදුකළ කතාවකින් කොටසක් බව පැහැදිලියි. එම මුල් වීඩියෝවේ දී ද අනුර පවසා සිටින්නේ අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවලට බලපැවැත්වෙන වැට් බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමක් පිළිබඳව මිස සෑම භාණ්ඩ හා සේවාවකම වැට් බදු මුළුමනින්ව ඉවත් කිරීමක් ගැන නොවේ.

ඒ ආකාරයටම, දැනට බලපැවැත්වෙන බදු සම්පුර්ණයෙන්ම ඉවත් කරන බවක් අනුර පැවසු බව හඟවමින්, හුවමාරු වන්නේ ද ඔහුගේ කතාවකින් ගත් කොටසක් පමණකි. එවැනි අවස්ථාවක් මෙතනින්. මෙහිදී ද අනුර පවසන්නේ අධ්‍යාපන සහ ඖෂධ, සෞඛ්‍ය පරීක්ෂණ වැනි ක්ෂේත්‍රවල බදු සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව පමණි.

එමෙන් ම, 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කරමින් 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු(සංශෝධන)පනත 2023 දෛසැම්බර් 13 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

මීට පෙර, විවිධ භාණ්ඩ හා සේවා ප්‍රධාන අයිතම 138ක පමණ වැට් බද්ද නිදහස් කර තිබූ අතර මෙම නව සංශෝධන පනත මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය යනාදී භාණ්ඩ හා සේවා අයිතම 43ක් පමණ වැට් බද්දෙන් නිදහස් කර තිබුණි. ඒ අනුව මේ වන විට ද, ඉහත සඳහන් ක්ෂේත්‍රයන්ට අයත් භාණ්ඩ හා සේවා රැසක් වැට් බද්ධෙන් නිදහස් වේ. ඒ සම්බන්ධ තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුවක් පැමිණීමෙන් පසු වැට් බදු සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළ බවට දක්වන සටහන් නොමග යන සුළුයි. පසුගිය 17 වන දා තංගල්ලේ පැවති රැලියකදී ඔහු සඳහන් කරනු ලබන්නේ, ජාතින ජන බලවේගයේ පළමු ආණ්ඩුවෙන්, ඖෂධ, ආහාර සහ අධ්‍යාපනය සඳහා වන බදු මුළු මනින් ම ඉවත් කර නිදහස් කරන බවයි. එම ක්ෂේත්‍ර හැරුණු විට සියලුම භාණ්ඩ හා සේවා වලින් වැට් බදු සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවක් ඔහුගේ කතාවේ දී සඳහන් වන්නේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වැට් බදු සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවට අනුර ප්‍රකාශ කරා ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News