ජාතික ලැයිස්තු ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේද?

Update: 2024-10-12 13:13 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන චන්දයෙන් තේරීපත් නොවුවත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අයෙකි. තරග වැදෙන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩාමකට ජාතික ලැයිස්තු පාම සංඛ්‍යාවක් වෙන් කරනු ලබන්නේ ප්‍රකාශික ජාතික ඡන්ද සංඛ්‍යාවෙහි ඔවුන්ගේ කොටස ප්‍රකාරය. (බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරාපත් කෙරෙන) තෝරා පත් කොරන මන්ත්‍රීවරුන් 196 හා සමග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙක් පත්කිරීමෙන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 බවට පත් වෙයි.

Also read ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණ හා වැදගත්කම.

2020 මහ මැතිවරණයේදී, ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 1 බැගින් හිමිවූයේ කෙසේද යන්න, බොහෝ දෙනාගේ විමසුම් ඇස යොමු වූ කරුණකි.

Also read පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය.

2020 මහ මැතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සිය පක්ෂයට අදාළ ජාතික ලැයිස්තුවේ නම් 17ක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළ නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූ ආචාර්ය සුරේන් රාඝවන් කැනඩාව හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු බව පවසමින් අලුත්ගම ඉන්ද්‍රරත්න හිමිනම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවටට තේරී පත්විය නොහැකිය. ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැර දැමීමට අකමැතිවීම හේතුවෙන් 2020 මහ මැතිවරණයට තරඟවැදීමේ අවස්ථාව බැසිල් රාජපක්ෂට අහිමි වූ නමුත්, විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව, ජාතික ලැයිස්තුව මඟින් පාර් ලිමේන්තුවට ඇතුල්විය. ඒත් සමඟම ජාතික ලැයිස්තු ක්‍රමය සම්බන්ධයෙන් යළි යළිත් වාද විවාද ඇති විය.

1989 වසරේ සිට අද දක්වා සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී ජාතික ලැයිස්තුව මඟින් විවිධ ආකාරයේ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම හිමි වුවද, ඉන් බහුතරයක් දෙනා ජනතාව අපේක්ෂා කළ අන්දමේ පුද්ගලයන් නොවීය. 1989-2010 අතර කාල සමයේ දී බොහෝ දුරට සිදු වුණේ දේශපාලන පක්ෂ නායකයන්ගේ හිතවතුන්ට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර දීමකි. ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් කතා කරන විට පිළිකුල් සහගතම සිදුවීම දක්නට ලැබුණේ 2015 මහා මැතිවරණයේ දී යි. එහි දී ජනතා ඡන්දයෙන් පරාජය වුණු අපේක්ෂකයන් කිහිපදෙනෙකුට යළි පාර්ලිමේන්තු වරම් හිමිකර දීම ජනතා පරමාධිපත්‍යය බලය හෑල්ලු කිරීමකි. මෙවර 2024 මහා මැතිවරණයේ දී එම වරද නිවැරදි කරගෙන ජාතික ලැයිස්තුව නම් ක්‍රමයට සාධාරණයක් ඉටුකරන ඇතැයි අපි අපේක්ෂ කරමු.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok


Tags:    

Similar News