ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණ හා වැදගත්කම
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් මෙරටට හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස ජාතික ලැයිස්තු ක්‍රමය 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1988 මැයි 24 හඳුන්වා දෙන ලදි. මෙහිදී පාර්ලිමේන්තුවට වරම් ලබන සාමාජිකයන් 225 දෙනාගෙන් 196 මහජන නියෝජනය යටතේ ද ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් වේ. මෙම ක්‍රමය ප්‍රථම වරට 1989 දී භාවිතයට ගන්නා ලදි. ලැයිස්තු ක්‍රමය හරහා සමාජයට ඉටුවන්නට ඇතිප්‍රධාන කාරණාවන් වු වාද යන්න ප්‍රශ්නාර්ථයකි. වර්තමානයේ මෙම ක්‍රමය පරාජිතයන්ගේ රජ දහනක් වී ඇත. මන් ද, වර්තමානය වන විට උගත් බුද්ධිමත් පිරිස් පමණක්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වනවාද යන්න මෙහිදී අපට ඇතිවන ගැටළුවකි.
බොහෝ විට වර්තමානයේ සිදු වන්නේ දුෂිතයින් ජනතාව විසින් පාලනයෙන් නෙරපා හරින විට ජාතික ලැයිස්තුවෙන් යළි පාලනය සඳහා බඳවා ගැනීමකි. එහිදී ජාතික ලැයිස්තු ක්‍රමය යනු පරාපිතයන්ට රජ සැප දෙන නිවහනේ මාර්ගය වැනිය. කෙසේ වුව ද මෙම ක්‍රමය මගින් යහපත්මෙ න්ම අයහපත් ලක්ෂණ ද, දැක ගත හැකිය.
ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණ හා වැදගත්කම
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව 1988 මැයි 24 හඳුන්වා දෙන ලද ජාතික ලැයිස්තු ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ. උගත් බුද්ධිමත් පුද්ගලයන්ගේ සහය පාර්ලිමේන්තුව සඳහා ලබාගෙන විධිමක්. අර්ථවත්, වැඩදායි ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමයි. එහිදී රටේ සිටින උගත් මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු ආදී බොහෝ විදත්තයින් සදහා යොදවා ගැනීම තුළින් ඔවුන්ගේ අදහස් අනුගමනය කරමින් සාරවත් සෞභාග්‍ය රටක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි. මෙසේ වන ජාතික ලැයිස්තු ක්‍රමය මඟින් ලැබෙන වාසි කිහිපයකි.
උගත් බුද්ධිමත් පුද්ගලයන්ගේ සහභාගීත්වය හිමි වීම.
ඔවුන් තුළ ඇති බුද්ධිමත් භාවය හා කාර්යශූර්යත්වය තුළින් යහපත් රටත් ගොඩ නැඟීමට හැකි වීම.
කාර්යක්ෂම හා විධිමත් පාර්ලිමේන්තුවක් බිහිවීම.
සුළු ජාතීන්ට ද, නියෝජනයක් හිමි වීම.
පාර්ලිමේන්තුවේ දෙවන මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීම.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීම.
ජාතික ලැයිස්තු සාමාජිකයන් තෝරා පත් කර ගැනීම
සාමාජිකයන් තෝරා පන් කර ගැනීමේදී ඡන්ද දායකයන් ජන්දය ප්‍රකාශ කරනුයේ පක්ෂය සඳහාය. එහිදී ඡන්දදායකයාට එක් ඡන්දයක් පමණක් හිමි වේ. මෙහිදී පක්ෂය විසින් මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර එයට අතිරේක නම් 03 ක් ද, ඇතුළත් කළ යුතුය. මෙහිදී පක්ෂයට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමට අවශ්‍ය ජන්ද සංඛ්‍යාවෙන් බෙදීමෙන් එම පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව තීරණය වේ. මහ මැතිවරණයේදී ඒ ඒ පක්ෂ මුළු දිවයිනේම ලබා ගන්නා ඡන්ද අනුපාතයට අනුව ඛෙදා දෙනු ලබන හිමිකම් ප්‍රමාණයක්ඇත. මෙම වලංගු ඡන්ද සංඛ්‍යාව 29 න් බෙදා නියෝජනයට හිමි ඡන්ද සංඛ්‍යාව සොයා ගනී. පසුව පක්ෂය ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව වෙන වෙනම ගෙන ජාතික ඡන්ද අනුපාතයෙන් බෙදීම යටතේ නියෝජන 29 බෙදී යන ආකාරය තීරණය කළ යුතු වේ. පසුව මැතිවරණ කොමසාරිස් දේශපාලන පක්ෂයක නම් එහි ලේඛම්වරයාට ද, ස්වාධින කණ්ඩායමක නම් එහි නායකයාට ද, සුදුස්සන් නම් කර යැවීමෙන් ජාතික ලැයිස්තුවේ 29 දෙනා පත්වීම සම්පූර්ණ වේ.
1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමයේ අංගයක් වන ජාතික ලැයිස්තු ක්‍රමයේ යහපත් මෙන් ම අයහපත් ලක්ෂණ ද දැකගත හැකිය. කෙසේ වෙතත් ලැයිස්තු ක්‍රමයේ අරමුණු ආරමිභ කාලයේ යම්තාක් දුරට ඉටු වුව ද වර්තමානයේ එම අරමුණු කොළයටට සීමා වන ප්‍රායෝගිකව ඉටු නොවන ප්‍රතිපත්තියකි. මන්ද ජනතාවගේ අභිලාෂ ඉටු කිරීම වෙනුවට ඔවුන් පාර්ලිමේන්තු සැසිවාර අඛණ්ඩව පැමිණීම, ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පතා කිරීම ද, මේ වන විට පැහැර හැර ඇත.
මේ තත්ත්වය තුළ තමන්ට පැවරුණු රටේ අනාගකය, සංවර්ධනය, පුරවැසියන්ගේ අභිලාෂ, අභිමතාර්ථ ඉටු කිරීමක් වර්තමානයේ සිදු වන්නේ නැත. අප නිදහස ලබා වසර 68ක් වුව ද, අප සිටිනුයේ ආරම්භයේය. කෙසේ වෙතත්, මෙහි නිගමනය කරනුයේ රාජ්‍ය පාලනයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයන් උගත් බුද්ධිමත් පිරිසත් විය යුතු බවත් මහජන ඡන්දයෙන් පරාජයට පත්වන පුද්ගලයන් නොවිය යුතුය යන්නයි. එසේම මහජන නියෝජිතයන් පත් කළ යුත්තේ මහ ජනතාව විසිනි. මන්ද ඔවුන් ජනතාවට වගකීමට බැඳී සිටින නිසාවෙණි. එසේම දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර අර්බුද ඇතිවීමට ද, මෙම ලැයිස්තු ක්‍රමය හේතුවේ. මෙසේ ලැයිස්තු ක්‍රමය මගින් සාමාජිකයන් බඳවා ගැනීමේදී රටේ සංවර්ධනය උදෙසා කාර්යශූර්ය නියෝ ජිතයන් ලෙස තරුණ පරපුර ද, ජාතික ලැයිස්තුවට පත් කර ගැනීම තුළින් වඩා යහපත් දේශපාලන ක්‍රමයක් පවත්වා ගැනීමට උපකාරී විය හැකි ය.