ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

Update: 2024-09-25 08:49 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

Full View

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණයට පෙර සිට සිදු කළ ප්‍රකාශයන් ඒ මහතා විසින් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවනවා. එලෙසින් ප්‍රකාශ කළ එක් කරුණක් වන ප්‍රභූ වාහන භාවිතා නොකරන බව ට සඳහන් වූ ප්‍රකාශය වර්තමාන තත්ත්වය සසඳමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මින් පස්සේ VIP ඇම්බියුලන්ස් විතරයි කිව්වා බං. ඒවට අත්පුඩි ගගහා බුරියානී කාපු උනුත් හිටියා බං” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

මින් හඟවා තිබුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති වීමට පෙර ප්‍රභූ වාහන භාවිත නොකරන බව ට පැවසූ හෙයින්, ඔහු මේ වන විට ඔහු විසින් ගමන් කරන වාහන පෙළ ලෙසට මෙම වීඩියෝව දක්වා තිබුණා.

Full View

Facebook

එමෙන් ම ජනාධිපති දළඳා මාළිගය සඳහා ගිය අවස්ථාවේ හෙලිකොප්ටර් යාන දෙකකින් ගිය බව ත් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එලෙසින් හෙලිකොප්ටර් යානයේ ගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පහතින්.


Full View

මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් කළ අතර අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනාධිපති වරප්‍රසාද ලෙස ප්‍රභූ වාහන පෙළක අවශ්‍යතාවයක් තමන් ට නොමැති බවට අනුර කුමාර දිසානායන මහතා දේශපාලන වේදිකාවලදී මෙන් ම නොයෙකුත් වැඩසටහන් වලදී සඳහන් කළ ප්‍රකාශයක් වනවා.

මේ අතර ඒ මහතා පසුගිය 21 වන දා පැවැත්වූ ජනාධිපතිවරණ මැතිවරණයෙන් ජනාධිපති ලෙස තේරීපත් වී දිවුරුම් දීමෙන් පසු ඔහු විසින් භාවිත කරන ප්‍රභූ රථ වාහන පෙළ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සංසරණය වුණා.

ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව එය ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ තිබූ වීඩියෝවක් ලෙස අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

‘DARK SQUAD’ නම් ෆේස්බුක් පිටුවේ පළ වූ ඉහත වීඩියෝවේ කොටසක් පළවූ අවස්ථාවක් පහතින්.

Full View

Archived Link

කෙසේවෙතත් ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසුව, අනුර කුමාර දිසානායක මහතා මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අතර, එහිදී ඒ මහතා පැමිණි අයුරු ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. එම අවස්ථාවේදී ඔහු විසින් දළදා මාලිගාවට පැමිණි අවස්ථාව පහතින්.

Full View

Helicopter වීඩියෝව :

"අනුර කුමාර දිසානායක නුවර ගිය හෙලිකෝප්ටර් යානා දෙක" යනුවෙන් පෙන්වා දුන් වීඩියෝවේ, ඉහළ අහසේ සිට එම යානය ගොඩබෑම දක්වා වීඩියෝගත කර තිබුණත්, ඉන් එළියට කිසිදු පුද්ගලයෙකු පැමිණෙන අවස්ථාවක් දක්වා නොතිබුණි. මේ හේතුවෙන් එම වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණු ෆේස්බුක් පරිශීලකයින් ද , ප්‍රශ්න කර තිබුණේ, එතෙක් වීඩියෝවේ සඳහන් වුණානම්, එම යානයෙන් බසින පුද්ගලයන් ද, පෙන්විය යුතු බවයි.


මේ පිළිබඳ පරික්ෂා කිරීමේදී ඉහත වීඩියෝවේ, Niel Argoncillo නමැති හසුරුවක්(handle) දැක්වෙන බැවින් අප මේ නම ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ කළ පරික්ෂාවේදී, මෙහි මුල් වීඩියෝව සොයා ගැනීමට හැකි වුණි.


ඒ අනුව ඉහත වීඩියෝව මෙරට වීඩියෝවක් නොවන අතර S70i BlackHawk වර්ගයේ මෙම යානය පසුගිය ජූලි 24 වන දා Niel Argoncillo නමැති පිලිපීනයේ මැනිලා හි වෙසෙන පුද්ගලයෙකු විසින් පළ කරන ලද විදේශිය රටක වීඩියෝවක් බවට මෙලෙසින් දැක ගන්නට ලැබෙනවා.

Full View

කෙසේ වෙතත් ජනාධිපති නුවර ගමන සඳහා භාවිත කළේ, හෙලිකොප්ටර් යානයක් බවට පසුගිය 24 වන දා දෙරණ නාලිකාවේ Big Focus වැඩසටහනට එක්වෙමින් ශ්‍ර්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ, අංශ ප්‍රධානි මහචාර්ය විශාකා සූරිය බණ්ඩාර විසින් පැවසූ ප්‍රකාශයක් මෙලෙසින් සටහන් නිර්මාණය වීමට හේතු වී තිබුණා. ඇය එලෙසින් සඳහන් කළ ප්‍රකාශය මෙතනින්.

ආරක්ෂක අමාත්‍යාංශයේ තහවුරු කිරීම :

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා විසින් ද, සනාථ කළේ, දළඳා වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති හෙලිකොප්ටර් යානා යොදා නොගත් බවයි.

NPP මාධ්‍ය අංශය

ජාතික ජන බලවේගයෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගින් ධාවනය වන්නේ වාහන දෙකක් පමණක් බවයි. ඉහත වීඩියෝ වෙනත් අවස්ථාවන් වල සහ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ලබා ගත් වීඩියෝ බවයි.

තව ද, පසුගියදා ජනාධිපති දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ ජනාධිපති සමගින් බිමල් රත්නායක මහතා සහ ලාල්කාන්ත මහතා ද, පැමිණි බව ත්, ඔවුන්ගේ වාහන ද, දිසානායක මහතාගේ වාහන පසුපසින් ගිය බව ද, තව ත් වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔවුන් පවසා සිටියා. Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තේමාවෙන් ම මෙලෙසින් සංසරණය වන තව ත් වීඩියෝවක් දැක ගැනීමට ලැබුණු අතර මේ පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු කර ගැනීමට නොහැකි වුණි. Archived Link

කෙසේ වෙතත් මෙම වාහනය ප්‍රභූ ආරක්ෂාව සහිතව ගමන් ගත් අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බවට පෙන්වා දිය හැකි අතර මෙය තීරුබදු රහිතව ලබා ගත් වාහනයක් බවට ද, එම වීඩියෝවේ දැක්වෙන වාහන අංකය ඔස්සේ‍ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා කළ පරීක්ෂාවේදී තහවුරු කර ගැනීමට හැකි වුණා.

වාහන අංක

 

 

මෙය වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාවිත කරන වාහන ද, නැත්නම් හිටපු ජනාධිපතිවරයෙකු හෝ ප්‍රභූ ආරක්ෂාව හිමි වෙනත් පාර්ශවයක පැරණි වීඩියෝවක් ද, යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවින් තොරතුරු තහවුරු වූ විගස මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රභූ රථ වාහන පෙළ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව ජනාධිපතිවරණය පැවැත්වීමට මසකටත් පෙර සිට ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් බවයි. එමෙන්ම නුවර ගමන සඳහා ජනපති අනුර විසින් හෙලිකොප්ටරයක් යොදාගත් බවට හුවමාරු වන්නේ ද අසත්‍ය පුවතකි.

Claim :  ජනපති අනුර කුමාර දිසානායක භාවිත කරන VIP වාහන වල වීඩියෝවක් ද?
Claimed By :  Social media
Fact Check :  FALSE
Tags:    

Similar News