හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

Update: 2024-09-12 14:49 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.

අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නමෙහි සුළු වෙනස්කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බවයි මැතිවරණ කොමිසම පවසයි.

ඇතැම් ඡන්ද දායකයින් අලුත් හැඳුනුම්පත ලබා ගෙන තිබුණ ද, පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුත්ව තිබිය හැකි බවත්, යම් පුද්ගලයෙකුගේ නමෙහි සුළු වෙනසක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කරුණු සොයා බලා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන දෙන ලෙසත්, එවැනි අවස්ථාවල ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTokහැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!


Tags:    

Similar News