අවුරුදු එකහමාරක් ඇතුළත රට කඩා වැටුනොත් බලය අත්හරින බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

Update: 2024-09-18 06:50 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන දේශපාලන රූපවාහිනි වැඩ සටහන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ නොයෙක් කරුණු ඔස්සේ කතා බහට ලක්වනවා. ප්‍රධාන අපේක්ෂකයින් අතරින් එක් අයෙක් වන අනුර කුමාර දිසානායක මහතා විසින් සහභාගි වූ එවැනි වැඩසටහනකදී කළ ප්‍රකාශයක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“අත්හදා බැලීම් කරන්න හිටපු අය මේක බලන්න” යන තේමාවෙන් පළ වූ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

මෙහි හඟවා තිබුණේ, අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළහොත්, අවුරුදු එකහමාරක් ඇතුළත රට නැවත වරක් කඩා වැටීමට භාජනය වුවහොත් බලය අතහරිනවා යනුවෙන් ප්‍රකාශ කළ බවක්.

Full View

Facebook

මෙම තේමාවෙන් පළ වූ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්

මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්

 මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (
සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝ කොටස ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 16 වන දා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගි වූ අවස්ථාවක වීඩියෝවක් බැවින් අප එම සම්පූර්ණ වැඩසටහන වෙත ට අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී ඉහත වීඩියෝවේ දැක්වෙන ලෙස දිසානායක මහතා ලබා දුන් පිළිතුරට පාදක වී තිබූ ප්‍රශ්නයේදී, වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී කළිඳු කරුණාරත්න විසින් යොමු කරනු ලබන ගැටළුව වී තිබුණේ, වර්තමාන ආණ්ඩුව, ද්වි පාර්ශ්වික ණය හිමියන් සමග මූලික මට්ට‍මේ එකඟතාවයකට පැමිණීමට අවුරුදු එක හමාරක පමණ කාලයක් පමණ ගත් බැවින්, විකල්ප ණය තිරසාර විශ්ලේෂණ (DSA) සමගින් යළිත් මේ සාකච්ඡාවට ගියහොත් ඒ වගේම කාලයක් යළි ගත වීම තුළ අවධානමක් සහගත තත්වයක් තියෙනවා නේද යනුවෙනි.

ඊට පිළිතුරු වශයෙන් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ, මේ මූල්‍ය කළමණාකරණය මේ ආකාරයෙන් පවත්වා ගනිමින් වඩා ත් ප්‍රශ්ස්ථ කර හැකි ද යන්න අවධානය යොමු කරන බව ත්, නමුත් නැවත වර්තමාන ආණ්ඩුවට මෙන් එම සාකච්ඡා අවුරුදු එකහා මාරක් නැවත ඇදුනොත් නැවත කඩා වැටීමට භාජනය වුණොත් මෙම සාකච්ඡා අත් හැරිය යුතු බවයි. මෙහිදී රටේ පාලනය අත්හරිනවා යනුවෙන් අර්ථකතනය නොදක්වයි.

මෙහිදී පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ ම නව විකල්ප ණය තිරසාර විශ්ලේෂණ (DSA) සමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කරන බව ත්, ඊට ඔවුන් එකඟ නොවුණහොත්, අවුරුදු එකහමාරක කාලයක් සාකච්ඡා කරමින් කාලය වැය නොකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් එකඟ වී ඇති ණය තිරසාර විශ්ලේෂණ (DSA) සමගින් ඉදිරයට යන බවයි.

එමනේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමගින් එකඟතාවයකට යමින් කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණ බව ත්, කිසිදු අවස්ථාවක එම අරමුදල අත්හරිමින් කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බව ද, එහි සඳහන් වනවා.

මාධ්‍යවේදී කළිඳු විසින් ණය තිරසාර සම්බන්ධයෙන් යොමු කරන පැනයත් ඊට අදාළව අනුර කුමාර දිසානායක ලබා දෙන සම්පූර්ණ පිළිතුර සහ මේ සම්බන්ධව ඊට අදාළ පැහැදිලි කිරීම පහතින්.

Full View

එමෙන් ම ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් අවුරුදු 5ක බලයක් ලැබෙන බැවින් ඉන් අවුරුදු තුනක් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කටයුතු කිරීමට ඇති බව ත්, එම පක්ෂයට ලැබෙන්නේ මූල්‍ය අරමුදලත් එක්ක ඇතුළු වූ ආණ්ඩුවක් නිසාවෙන් විකල්ප පාරක් නොමැති බව ත්, මෙම වැඩ සටහන සාධනීය වශයෙන් වෙනස් කිරීමට හැකිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සහ කරන බව ත් ඔහු වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙලෙසින්.

නමුත් කිසිදු අවස්ථාවකදී ආණ්ඩුව පවත්වා ගැනීමට නොහැකි වුවහොත්, තම බලය අතහරින බව ට අනුර කුමාර විසින් ප්‍රකාශයක් සිදු නොකරන අතර, මෙම සම්පූර්ණ වැඩසටහන නිරීක්ෂණයේදී පැහැදිලි වේ.

Also Read : Can a DSA Agreement with IMF be Renegotiated?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළහොත්, අවුරුදු එකහමාරක් ඇතුළත රට නැවත වරක් කඩා වැටීමට භාජනය වුවහොත් බලය අතහරිනවා යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව නොමග යවන සුළුයි.

එම අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන කරුණ වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විකල්ප ණය තිරසාර විශ්ලේෂණය(DSA) සම්බන්ධයෙන් වන අතර ඔහු පෙන්වා දෙන්නේ, ඔවුන්ගේ නව විකල්ප ණය තිරසාර විශ්ලේෂණ සමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟ නොවුණහොත්, අවුරුදු එකහමාරක කාලයක් සාකච්ඡා කරමින් කාලය වැය නොකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් එකඟ වී ඇති ණය තිරසාර විශ්ලේෂණ (DSA) සමගින් ඉදිරයට යන බවයි. කිසිදු අවස්ථාවක අවුරුදු එකහමාරක් ඇතුළත රටේ පාලනය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් බලය අතහරින බව ට ඔහු විසින් මෙහිදී ප්‍රකාශ නොකරයි

Claim :  අවුරුදු එකහමාරක් ඇතුළ ත රට කඩා වැටුනොත් බලය අත්හරින බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?
Claimed By :  Social Media User
Fact Check :  FALSE
Tags:    

Similar News