හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

By :  sathyajith
Update: 2019-09-27 06:31 GMT

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් නොයෙක් පාර්ශවයන් විසින් ප්‍රශ්න නගන ලදි.

මෙම පසුබිම මත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළා යැයි පවසමින් ෆේස්බුක් සටහනක් පහත පරිදි සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් හුවමාරු වෙන දක්නට ලැබුණා. මෙහි පහත පරිදි සඳහන් කර තිබුනේ, හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම් උතුරේ කොටි සාමාජිකයින්ට ද එම විශ්‍රාම වැටුප හිමි විය යුතුය යනුවෙනි

Facebook LinkArchived Link

එම පුවතම යන “ERROR 404” යන ෆෙස්බුක් පිටුව මගින් ද පළකර තිබුණේ පහත අයුරිනි

Facebook LinkArchived Link

මෙම ප්‍රකාශය බැලු බැල්මටම මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා යැයි විශ්වාස කිරීමට අපහසු නිසා මේ පිළිබඳව සත්‍ය තොරතුරු විමර්ෂණය කිරීමට තීරණය කළෙමු

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සමග සම්බන්ධ වූ අතර එහිදී එම්. අලි හසන් මහතා පවසා සිටියේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත්ය

තවදුරටත් සඳහන් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටි බවයි. සියලු ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කිරීම සම්බන්ධ සම්පුර්ණ ප්‍රකාශය පහත පරිදිය

මෙම දැනුම්දීම පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනය සියල්ලක්ම වාගේ වාර්තා කර තිබූ අතර එබඳු එක පුවතක් පහත දැක්වේ

Sinhala.news.lk Web LinkArchived Link

අවසාන නිගමනය

අපගේ විමර්ශන වලින් පැහැදිලි වන්නේ “හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි.  තවද යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact-Check: හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

Fact Check By: Sathyajith Subasinghe

Result: False

Tags:    

Similar News