ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

Update: 2020-07-31 07:18 GMT

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ.

මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් දෙන්න බලා සිටින ය ඒක හඳුන්හෙත්තිට දෙන්න.. මංගලගෙන් ඉල්ලීමක්..” යන තේමාවෙන් පලව තිබු එම සටහනෙහි තවදුරටත් දක්වා තිබුනේ සුනිල් හඳුන්නෙත්ති බැඳුම්කර වංචාව හෙළිකළ පුද්ගලයා බැවින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට අවශ්‍ය පුද්ගලයකු බවයි. එම සටහන පහතින්

LinkArchived

එසේම වල්මත්වූවෝ නම් චිත්‍ර පටියක දැන්වීමක් සේ සැකසුණු සේයාරුවක් සහිත සටහනක් නිරුවත් ජෙප්පෝ නමැති ෆේස්බුක් පිටුවකද අනිවාර්යයෙන්ම නැරඹීය යුතුම චිත්‍රපටියක් තේමාවෙන් සිහින සොයන සමනල්ලු නම් චිත්‍ර පටියක දැන්වීමක් සේ සැකසුණු සේයාරුවක් සහිත සටහන් උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබුණි

LinkArchived LinkLinkArchived Link

තවද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට සිදුකරන ලද ප්‍රකාශයක ආකාරයෙන් පළවූ සටහනක දක්වා තිබුනේ “ආසන 6 රැකගත නොහැකි වුවහොත් මා දේශපාලනයෙන් සමුගන්නවා” යනුවෙනි.

LinkArchived

මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මංගල සමරවීර මහතාගේ නිල ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන පරිදි සටහනක් දැක ගන්නට නොලැබුණු බැවින් ඒ පිළිබඳ විස්තරයක් ලබා ගැනීමට ඔහුගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූ විට ඔහු පවසා සිටියේ මංගල සමරවීර මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සංස්කරණයක් බවයි. සුනිල් හඳුන්හෙත්ති මහතා , මංගල සමරවීර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත්වීමට පෙර, නාම යෝජනා ඉදිරිපත් කර තිබු, මාතර දිස්ත්රික්කයෙන්ම මෙවර මැතිවරණයට ජාතික ජන බලවේගය ඔස්සේ මුහුණ දෙන බව අපට දැකගනන්ට ලැබුණා.

තවද නිරුවත් ජෙප්පෝ සහ JVP සමග රටේ ජනතාව ෆේස්බුක් පිටු ඉදිරිපත් කර තිබු චිත්‍රපටි දැන්වීම් සේ දැක්වු සේයාරූ රැගත් සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප සමඟ සම්බන්ධ වූ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී පැවසුවේ ජාතික ජන බලවේගයේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරය අබියස අසරණව ඇති ප්‍රතිපාක්ෂිකයන් ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන උපහාසය පිරි මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.

“ආසන 6 රැකගත නොහැකි වුවහොත් මා දේශපාලනයෙන් සමුගන්නවා” යනුවෙන් ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරමින් පළවූ පුවත්පත් වාර්තාවක් අපට දැකගත නොහැකි වූ බැවින් මේ පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ කිසිව්ටෙක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

මේ පිළිබඳව පසුගියදා සිදුවූ සාකච්ඡාවකදී මාධ්‍යවේදියා මෙවර බලාපොරොත්තු වන ආසන සංඛාව පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානයක මහතා පවසා සිටින්නේ එය සංඛ්‍යාත්මකව පැවසීම සාදාරණ නැති වුවද පසුගිය වර ලබාගත් ආසන 6ට වඩා වැඩි සංඛාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දායක වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරන බවයි. එම වීඩියෝව පහතින්. (පැය 02 විනාඩි 05 න් පසු)

https://youtu.be/Zz99Qc6HvTE?t=7529

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වල්මත්වූවෝ සහ සිහින සොයන සමනල්ලු ලෙස චිත්‍රපටි ඇතිබව දක්වන සටහන් උපහාසාත්මක කෝණයකින් ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ඉදිරිපත් කර ඇත. එසේම මංගල සමරවීර මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස සහ අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරන ලදැයි සංස්කරණය කරමින් පලකරන ලද සාවද්‍ය සටහන් පෙළක් බවද තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News