සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

Update: 2020-08-24 05:36 GMT

2020 මහා මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගයට, ජාතික ලැයිස්තු ආසනයද සහිතව ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන තුනක් පමණි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු ආසනය අහිමි වූ අතර ඉන් බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වුයේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. මෙම පරාජය හමුවේ ජාතික ජන බලවේගය ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ සාවද්‍ය සහ උපහාසාත්මක සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය විය.

අනුර කුමාර ලංකාවෙ ගෝත්‍රිකයො ඉන්නව කිව්වනෙ. ඔය ඉන්නෙ පෝලිමටතේමාවෙන් අසුන් ගෙන සිටින සුනිල් හඳුන්නෙත්ති මහතාට වැඳ ආචාර කරන පිරිසකගේ සේයාරුවක් සහිතව Indika Rajapaksha නමැත්තෙක් ඉදිරිපත් කර තිබු සටහනක් බැලු බැල්මටම සංස්කරණයක් ලෙස පෙනුණද බොහෝ දහසකට ආසන්න ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබුණි.

LinkArchived Link

එසේම මගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ මාතර ජනතාවට ස්තූතිය පිරිනමන අතරම අපගේ පක්ෂ සාමාජිකයින් සමාජ මාධ්‍යයෙන් සහ අවිනීත ලෙස හා නොහොබිනා අයුරින් භාවිතා කිරීම නිසා ජයග්‍රහණය ගිලිහී ඔබගේ කැපවීම නිශ්පල වීම ගැන කනගාටු වෙමි යන පණිවුඩය රැගත් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ෆේස්බුක් පිටුවක පළවූ සටහනක අනුරුවක් ලෙස සැකසුණු සටහනක් Pnu Hakmana නමැති ගිනුමකද ඉදිරිපත් ව තිබෙනු දක්නට ලැබුණේය

LinkArchived Link

තවද බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති සටහනක් ලෙස “උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ ජවිපේ අරගලය සාර්ථකව නිමා කරමින් උපාධිධාරීන් 50000 කට රජයේ රැකියා ලබා දීමට රජය කටයුතු කිරීම ජවිපෙ රටේ උගත් බුද්ධිමත් තරුණයන් හට අත්කර දුන් සුවිසල් ජයක්'' නමැති පණිවුඩය රැගත් ෆේස්බුක් සටහන් කිහිපයක්ම ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබුණි

LinkArchived LinkLinkArchived Link

මෙවැනි සටහන් රැසක් මීට පෙරද පලව තිබු බැවින් මෙහි සත්‍යතාවය පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදු කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සුනිල් හඳුන්නෙත්ති මහතාට වැඳ ආචාර කරන පිරිසකගේ සේයාරුවක් සහිත පළවූ සටහනට හිමි වූ ප්‍රතිචාර පරික්ෂා කිරීමේදී නමැත්තෙකු මෙය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර කරන අයුරු දක්වන ඡායාරූපයක් සහිත සටහනක් බව ප්‍රතිචාර දක්වන කිහිප දෙනෙකුම පෙන්වා දුන් අතර ඡායාරුපය දෙස බැලීමේදී ද හිස පෙදෙස සංස්කරණය කර ඇති බව පැහැදිලිවම පෙනී ගියා

මෙම ඡායාරූපය රැගත් ප්‍රවෘත්ති වාර්තා රැසක් පලවී තිබු අතර, ඒ සෑම වාර්තාවක්ම පවසා තිබුනේ පසුගිය මහ මැතිවරණය ජය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර කිරීමට තංගල්ලේ නිවසට පසුගිය අගෝස්තු මස 07 වැනිදා ඔහුගේ පාක්ෂිකයින් පැමිණි අවස්ථාවක් ලෙසයි. එහි මුල් ඡායාරුපය AP පුවත් සේවයේ එරංග ජයවර්ධන නමැති ඡායාරූප ශිල්පියා විසින් එකතු කර තිබුනේ මෙලෙසින්.

Indika Rajapaksha ගේ සටහනේ වූ ඡායාරූපය, AP පුවත් සේවයේ එරංග ජයවර්ධන ඡායාරූප ශිල්පියා ගත් ඡයාරූපය සමඟ සසඳීමේදි, එකම ඡායාරූපය ව්‍යාජ ලෙස සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති බව තහවුරු විය.

Pnu Hakmana නමැති ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ ආකාරයට සුනිල් හඳුනෙත්ති මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ඇද්දැයි පරීක්ෂා කළෙමු. එවැනි සටහනක් සුනිල් හඳුනෙත්ති මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි දක්නට නොවූ බැවින් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප සුනිල් හඳුනෙත්ති මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. සිය පක්ෂයේ සාමාජිකයින් සමාජ මාධ්‍යයෙන් අවිනීත ලෙස හා නොහොබිනා අයුරින් භාවිතා කිරීම නිසා තම ජයග්‍රහණය ගිලිහී යාමක් පිලිබඳ සටහනක් සිය ෆේස්බුක් පිටුවේ කිසිවිටෙකත් යොදා නොමැති බව සනාථ කළ ඔහු මෙය ප්‍රති පාක්ෂිකයින්ගේ අසත්‍ය මඩ ප්‍රහාරයක් බවට සනාථ කළේය. එසේම ඔහුගේ ෆේස්බුක් පිටුවේ පහත සටහනද දක්ගනන්ට හැකි විය

https://www.facebook.com/SunilHandunnetti/posts/1674666219347434

ඒ අයුරින්ම සටහනක් බිමල් රත්නායක මහතා අලලා, උපාධිධාරීන් 50000 කට රජයේ රැකියා ලබා දීමට රජය කටයුතු කිරීම ජවිපෙ රටේ උගත් බුද්ධිමත් තරුණයන් හට අත්කර දුන් සුවිසල් ජයක් යන තේමාව යටතේ හුවමාරු වූ සටහනක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්නට නොලැබුණි. “මා විසින් මෙවැනි ප්‍රකාෂයක් සිදුකර නැති අතර මෙය බංකොලොත් කල්ලියක් විසින් සකස්කරන ලද ව්‍යාජ පොස්ටුවකි.” තේමාවෙන් මෙම සටහන් අසත්‍යක් බවට දක්වා ඇති සටහනක් අපට ඔහුගේ නිල ෆෙස්බුල් පිටුවේ නිරීක්ෂණය විය.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2020 මහාමැතිවරණය ජයගත් පසු, එතුමාට සුභ පැතීමට පැමිණි ආධාරකරුවෙකු ආචාර කරන ඡායාරූපයක්, සුනිල් හඳුනෙත්ති මහතා ලෙස ව්‍යාජව සංස්කරණය කර ඉදිරිපත් කර අති බවයි. එසේම සිය පක්ෂයේ සාමාජිකයින් සමාජ මාධ්‍යයෙන් අවිනීත ලෙස හා නොහොබිනා අයුරින් භාවිතා කිරීම නිසා ජයග්‍රහණය ගිලිහී යාමක් පිලිබඳ සටහනක් සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ ද නැත. තවද බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ ලෙස උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයද සංස්කරණය කරන ලද්දකි.

එබැවින් ඉහත සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අලලා සිදුකර ඇති ප්‍රකාශ සියල්ල ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් පළකරන ලද සටහන් බව පැහැදිලිය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News