ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

Update: 2020-09-11 06:32 GMT

නිවර්තන වැසි වනාන්තරයක් සහ ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන රක්ෂිතය සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය දෙනියායට සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පරිසරවේදීන් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක් වූ අතර අවසානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම සහ නිරීක්ෂණයන් මත පරිසරයට හානි නොවන අන්දමින් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන ලදී. මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ලංකාගමට පැමිණි ජනාධිපති තුමාට ගම් වාසියකු කල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුහුවමාරු වී තිබුණි.

මෙවන් පසුබිමක පරිසරවේදීන් පිළිබඳව ගම වැසියකු කළ ප්‍රකාශය සිදුකළේ ලංකාගම ජනාවාසයේ ගම්වැසියකු නොව පිටතින් එම අවස්ථාවට පැමිණි පුද්ගලයකු බව සමාජ මාධ්‍ය ජාලය තුල පසුගිය දා පැතිර යන්නට විය.

හිනායන්න කිතිකවාගන්න ඕන පෝස්ට් දාන පේජ් එක නමැති ෆේස්බුක් පිටුවක මේ පිළිබඳව පහත ඇති දක්නට ලැබුණේය. “නිල නොලත් රජයේ නළුවා ඉකිරිවැවේ සුනදාස මාමා” යනුවෙන් පලවී තිබු සටහනක දක්වා තිබුනේ ඔහු 69 හැවිරිදි උතුරුමැද පළාතෙ ඉකිරිවැව ගම්වැසියකු බවත්, ජනාධිපතිතුමා ලග වැඩකරන ගමේ කොල්ලෙක්ගෙ ඉල්ලීමක් නිසා එහි ගිය බවත් තමා කාලයක සිට බයිස්කෝප් වලපොඩි පොඩි කෑලි රඟපාන බවත් මෙම සිද්ධියෙන් පසු තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබීම මහත් කරදරයක් බවත්ය. දුරකථනය සංවාදයක ආකාරයෙන් දීර්ඝ කථාංගය සහිතව ඉදිරිපත්ව තිබු එම සම්පුර්ණ සංවාදය ඇතුලත් සටහන පහතින්

LinkArchived Link

මෙවැනි රඟපෑමක් සිදුව ඇත්දැයි සෙවීමට අප වෙත ලැබුණු ඉල්ලීමක් අනුව මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු සනාථ කරගැනීම පිණිස ජනාධිපතිතුමාගේ ලංකාගම සංචාරයේ පිළිබඳව ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් අධ්‍යනය කළෙමු. 2020 අගෝස්තු මස 29 වැනි දින දෙරණ රූපවාහිනි සවස ප්‍රවෘත්ති විකාශයේ මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් විය.

මෙම පුද්ගලයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට හැකිවිය. නමින් ඩබ්ලිව්. ඩී සුමිත් චමින්ද වන 48 හැවිරිදි මොහුගේ මුතුන්මිත්තන් පවා ජීවත්ව ඇත්තේ ලංකාගම ජනාවාසයේ බව පවසා සිටියා. නෙළුව පිහිටි රජයේ කාර්යාලයක සේවය කරන මෙම පුද්ගලයා සේවයට පත් වූ දා සිට රාජකාරියට වාර්තා කිරීමට නෙලුවට පැමිණීම සඳහා දෛනිකව අතිශය දුෂ්කර ගමනක නිරත වන බවත් පවසා සිටියා. එම හේතුව නිසාත් ගම්වාසීන් දිනපතා මුහුණපාන දුෂ්කරතා හමුවේත් ලංකාගමට පාරක් ලබා ගැනීමට ගම්වාසීන් ගන්නා ප්‍රයත්නයේ දී ඔහු ප්‍රමුඛත්වක් ගෙන කටයුතු කරන බව අපට දැනගනන්ට ලැබුනා.

මේ පිලිබඳව තොරතුරු දැනගැනීමට අප ලංකාගම ගමේ මෙම කටයුතුවලදී ක්‍රියාකාරීව සිටි තවත් පුද්ගලයෙකු වූ සුනිල් විදානගමගේ මහතාගේ මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයින් පිලිබඳ විමසීමක් සිදුකලෙමු. ඔහු අපට පවසා සිටියේද මෙසේ ඡායාරූපයේ පෙන්වා සිටින්නේ ලංකාගම ගමේ වෙසෙන සුමිත් චමින්ද නැමැත්තා බවත් ඔහුට වම් පසින් සිටිනුයේ එම ලංකාගම ග්‍රාමයේ ම සිරිපාල මුදලාලි බවත්ය

ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඇති වීඩියෝ පට කිහිපයක් ද අප පරීක්ෂාවට ලක් කළෙමු. එහි කිසිවකද සමාජ මාධ්‍ය සටහන් වල මුහුණ ආවරණයක් රහිතව පෙන්වා ඇති ඉකිරිවැවේ සුනදාස මාමා යයි කියවෙන පුද්ගලයා දැකගැනීමට නොහැකි විය. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වල සිටින මුහුණු ආවරණයක් පළඳි පුද්ගලයා සහ මුහුණ ආවරණයෙන් තොර පුද්ගලයා යයි පෙන්වා තිබෙන ඡායාරුප වල සිටින්නේ පුද්ගලයින් දෙදෙනෙකු බව බැලු බැල්මටම පෙනී යයි.

තවද යොදාගෙන ඇති පුද්ගලයා යයි හැඳින්වෙන පුද්ගලයා පිලිබඳ පරීක්ෂා කිරීමේදී එම ඡායාරූපය මීට අවුරුදු 3කට පමණ පෙර එනම් 2017 වසරේදී ලංකාව පිලිබඳ ඡායාරුප සටහන් සහිත වාර්තා කිහිපයකම පලව තිබු බව දැකගනන්ට ලැබුණා. කඳුකරයේ එළවළු වෙළෙන්දෙකු වූ එම පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසට හසුවී තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා ලංකාගමට පැමිණි අවස්ථාවේ පරිසරවේදීන් සංවර්ධනයට බාධාවක් සහ ඔවුන් කියන්නේ බොරු යන ප්‍රකාශය කර ඇත්තේ පරම්පරාණු ගත ලංකාගම ගම්වැසියකු වන ඩබ්ලිව්. ඩී සුමිත් චමින්ද විනා ජනපති ළඟ සේවය කරන පුද්ගලයෙකුගේ ඉල්ලීමක් මත ලංකාගමට පැමිණ රඟපෑමක් කළ පිටස්තර ගම්වාසියකු නොවන බවයි.

එබැවින් “නිල නොලත් රජයේ නළුවා ඉකිරිවැවේ සුනදාස මාමා” යනාදී තේමා යටතේ ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක් සඳහා ලංකාගමට පැමිණි අවස්ථාවේදී පරිසරවේදීන් පිළිබඳව ප්‍රකාශයක් කළේ ලංකාගම ගම්වැසියකු නොව පිටස්තර පුද්ගලයකු බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News