FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Update: 2020-12-06 08:03 GMT

මහාචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වු මන්ත්‍රීවරියකි. මෑත කාලයේදි ඇය විසින් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය බවය. ඒ පිළිබඳව වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

පා.ම. හරිනි අමරසූරිය විසින් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යොජනාවක් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා කණ්ඩායම අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11න්, තුන්දෙනෙකුගේ කෝටාවක් සුළු ජාතිකයන් සඳහා වෙන් කළ යුතු බවට යොජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවට ෆේස්බුක් ජාලයේ සංසරණය වන සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍යය. ඇය එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.

සමාජ මාධ්‍ය සටහන් :

“දකුණු අප්‍රිකානු ක්‍රීඩා කණ්ඩායම අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11න්, තුන්දෙනෙකුගේ කෝටාවක් සුළු ජාතිකයන් සඳහා වෙන්කරන්න. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි මහචාර්ය හරිනි අමරසූරියගෙන් ‍ පෞද්ගලික යොජනාවක් පාරලිමේන්තුවට” වදන් රෝපණය මහචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූපයක් රැගත් සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණා.

FacebookArchived Link

මෙම සටහන විවිධ තේමාවලින් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වී අයුරු නිරීක්ෂණය විය.

FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් වල අන්තර්ගතය තහවුරු කරගැනීම පිණිස අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ඇය එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවය.

තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. පෞද්ගලික යෝජනාවක් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා කණ්ඩායම අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11න්, තුන්දෙනෙකුගේ කෝටාවක් සුළු ජාතිකයන් සඳහා වෙන් කළ යුතු බවට යොජනාවක් තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් තමා එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවත් අවධාරණය කළාය. මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් තැබූ බව ද ඇය සඳහන් කළාය.

ඇයගේ නිල ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේදී “මෙය ව්‍යාජ පුවතක්” තේමාවෙන් ඉදිරිපත් කර ඇති පහත සටහන දක්නට ලැබුණි

FacebookArchived Link

මෙම කරුණ පිළිබඳව අප ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂතුමාගෙන් ද විමසා සිටියා. එහිදී ඔහු අපට පවසා සිටියේ හරිනි අමරසූරිය මහත්මිය පසුගිය දිනකදී පාර්ලිමේන්තුවේ දී හෝ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙවැනි යෝජනාවක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

මෙසේ හුවමාරු වන සටහනේ ගොසිප් ලංකා නැමැති සන්නාමය දක්වා තිබෙන බැවින් අප ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සහ අනෙකුත් සමාජ ජාලාවල ඒ පිළිබඳ පරීක්ෂාකර ද එවැන්නක් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ පිළිබඳව එම ආයතනයෙන් සිදුකළ විමසීමකදී පවසා සිටියේ ද තමන් විසින් මෙවැනි සටහනක් කිසිවිටෙකත් පළ කළේ නැති බවත් තමාගේ සන්නාම යොදාගෙන යම් පාර්ශව විසින් මෙවැනි සටහන් පලකර ඇති බවත්ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කෝටා ක්‍රමය පිලිබඳ පළවූ සටහනක්මෙතනින් සහ මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරා ගැනීමේදී සුළු ජාතිකයින් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 3 දෙනෙකු ද ඇතුළත් කල යුතු බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි. එබැවින් එම තේමා යටතේ හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහන් පෙළක්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News