FACT CHECK: කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක්?

Update: 2020-12-13 14:21 GMT

කොරෝනා ආසදිත මළ සිරුරු භුමදානය කිරිමට ඉඩ දීම පිළිබඳව කතාබහක් පසුගිය දින කිහිපයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද දැකගන්නට ලැබුණි.

“කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සිදුකළ උද්ඝෝෂණයක ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව අපගේ විමර්ශනයෙන් අනාවරණය විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“ජාතිවාදය එපා! කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු! සුළු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් වලට ගරු කරනු” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද උද්ඝෝෂණයකදී ලබාගන්නා ලද ඡායාරුපයක් බව පෙන්වන සටහනක් හුවමාරු වී තිබුණා.

FacebookArchived Link
FacebookArchived Link

මෙම ඡායාරූපය බැලු බැල්මටම යම්කිසි ලෙස සංස්කරණය කිරීමක ආකාරයක් ලෙස පෙනී ගිය අතර මෙය සිංහල මෙන්ම දමිළ පාඨකයින්ද විශාල වශයෙන් හුවමාරු කරගෙන තිබුණා.

මුස්ලිම් දේහය ආදාහනය කිරීමට විරුද්ධත්වය දැක්වූ සිංහල සහෝදරවරුන්ට ස්තුතිය යන තේමාවෙන් දෙමළ බසින්, එම ඡායරුපයම සහිත මෙවැනි සටහන් හුවමාරු කරගෙන තිබෙනුද දැකගනන්ට ලැබුණි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙබඳු උද්ඝෝෂණයක් සිදු කළේ දැයි අප ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සහ වෙබ් අඩවියේ පරීක්ෂා කර බැලුවා. ජාතික ජනබලවේගයේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක මෑතකදී පැවැත්වූ උද්ඝෝෂණයක් පිලිබඳ සටහනක් දැක ගණනට ලැබුණා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් “සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරකිනු!” යන තේමාව යටතේ ප්‍රගතශීලි ස්ත්‍රී එකමුතුව විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳව එහි ඡායාරුප ද ඇතුලු සටහනක් මෙසේ පළකර තිබුණි.

මෙම උද්ඝෝෂණයක් පිළිබඳව පළමු සටහන් තවදුරටත් පරීක්ෂා කිරීමේදී අලුත් පියාපත් නම් සංවිධානය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වන වූ දෙසැම්බර් 10 වැනිදා පළකර තිබු සටහනක් දැකගනන්ට ලැබුණි. සියලු ජන කොටස්වල අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සුරකින ලෙස රජයට බල කරමින්, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් සංවිධානය ඇතුළු අනෙකුත් සිවිල් සංවිධාන සමඟ පාර්ලිමේන්තු වටරවුමේ දී පවත්වන ලද විරෝධයේ යනුවෙන් පළවූ එම ඡායාරුප එකතුව පහතින්.

https://www.facebook.com/AluthPiyapathNewWings/posts/698021870871694?__cft__[0]=AZXH2OR5JDbqIgxcGQhUgQJfGeas9qbp_qddxjOLqWmIU9_YyLI3aGdS54KQAP0quUmMQ18PsHonqoqNXcM_TwL6ezgW9XTCGxC6-GylagQjeHLPKlXNwI0PE_a4Bz_lpAv5ozmf3GMDVWhdQ13Cmbuw&__tn__=%2CO%2CP-R

මෙම ඡායාරූප එකතුව පරීක්ෂා කිරීමේ දී “ඉල්ලුවේ PCR ලැබුණේ Bullet” යනාදි සටන් පාඨ සහිත බෝඩ් ප්‍රදර්ශනය කළ කාන්තාවන් කිහිපදෙනෙක් ම දැකගන්නට ලැබුණු අතර එහි එක් එහි ඡායාරූපයක් සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය ජාලවල පලවන සිදුකර ඇති බව දැකගන්නට ලැබුණා.

පහත දැක්වෙන්නේ “ඉල්ලුවේ PCR ලැබුණේ Bullet” යනුවෙන් වදන් කරමින් ප්‍රගතශීලී ස්ත්‍රී එකමුතුව නියෝජනය කරන කාන්තාවක් විසින් ඔසවාගෙන සිටි බෝඩ් එක සහ සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වන සංස්කරණය කරන ලද ඡායාරූපයේ සංසන්දනයයි.

ප්‍රගතශීලී ස්ත්‍රී එකමුතුව ෆේස්බුක් පිටුවේ ද ඉහත උද්ඝෝෂණය පිළිබඳ සටහන් කිහිපයක් ම දැකගනන්ට ලැබුණි. දෙසැම්බර් මස 10 වැනිදා සජීවීව එම අවස්ථාවේ පළවූ වීඩියෝවක් මෙසේය.

මීට ටික කලකට පෙර කොවිඩ් ආසාදිත වූ මුස්ලිම් මෘතදේහ භුමදානය කිරිමට රජය විසින් අවසර දුන් බවට පළවූ අසත්‍ය සටහන් පිළිබඳ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්

එසේම මෙම තේමාව යටතේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බැවින් ඒ පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ගෙන ද විමසීමක් සිදුකළ අතර එබඳු ප්‍රකාශයක් පක්ෂය විසින් සිදුකර නොමැති බව පවසා සිටියා

Conclusion (අවසාන නිගමනය)

අපගේවිමර්ශනයෙන්පැහැදිලිවන්නේ“කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සිදුකළ උද්ඝෝෂණයක ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බවයි.

දෙසැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ප්‍රගතශීලී ස්ත්‍රී එකමුතුව විසින් සිදුකළ “සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරකිනු!” උද්ඝෝෂණයේ කාන්තාවක් විසින් ඔසවාගෙන සිටි “ඉල්ලුවේ PCR ලැබුණේ Bullet” යනුවෙන් වදන් කර තිබු සටහනක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක් ලෙස පැහැදිලි විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක්?

Fact Check By: Sahan Perera

Result: Altered

Tags:    

Similar News