FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

Update: 2021-03-23 18:04 GMT

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

සිංහල බෞද්ධයන්ට පල නොකියා පලාබෙදන NGO කුක්කායන තේමාවෙන් Voice of Nation යන ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබුණා. එම සටහනට යොදා ගෙන තිබුණේ අනුර කුමාර මහතා සහභාගි වුණ "සලකුණ" වැඩසටහන අතරතුරේ ලබා ගත් ෆේස්බුක් සජිවී සංවාදයේ ඡායාරූපයක්. තවද , එහි ඔහු විසින් පහත අදහස එම සංවාදයේ දී දැක්වූ බවක් එම සටහන් වල පෙන්වා දී තිබුණා.

දෙමල, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ විසින් අනුර හිරු සළකුණේදී ලෙසින් වදන් කර තිබු එම සටහන පහතින්.

Facebook | Archived Link Facebook

එමෙන්ම නෙළුම් පොහොට්ටුව නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, “JVP එක 03% වැටුනේ මගේ නායකත්වයේ වරදින් නොවේ. මේ රටේ ජීවත් වන ජනතාව මෝඩයෝ හරක් බූරුවන් නිසා” යනුවෙන් අනුර කුමාර දිසානායක හිරු සලකුණේදී අදහස් දැක්වූ බවක්.

Facebook | Archived

අනුර කුමාර දිසානායක මහතා විසින් රුපවාහිනී වැඩසටහනක් අතරතුරදී ඉහත ප්‍රකාශ පැවසූ බවට ඒත්තු ගැන්වීමට මෙම සටහන් සමාජ මාධ්‍යට මුදා හැර ඇති බව පෙනුනා. එමෙන්ම එම සටහන් සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වී ඇති බව ද අපට දැකගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ පිලිබඳ කරුණු විමසා බැලීම සඳහා අප මුලින්ම එම සටහන සඳහා පාදක වී තිබු පසුගිය දා විකාශය වූ හිරු සලකුණු වැඩසටහන පරීක්ෂා කළෙමු.

එහිදී අනුර කුමාර දිසානායක මහතා සිංහල දෙමළ මුස්ලිම් බෙදුම්වාදය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදු කරන්නේ ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා යොමු කළ ප්‍රශ්නයකට අනුවයි. ඒ, ජ.වි.පෙ සිංහල බෞද්ධ පදනමෙන් ඈත් වුණේ ඇයිද යන්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 

එම ප්‍රශ්නයට ඉතා දීර්ඝ වශයෙන් පිළිතුරු ලබා දෙමින් ජාතික ජන බලවේගයේ නායකයා වැඩිදුරටත් පැහැදිලි කර තිබුනේ, සන්නද්ධ බෙදුම්වාදී දේශපාලනමය ව්‍යාපාරයක් මෙරට පැනනැගීමට ඇති ඉඩ ඉතාමත් අවම බව විශ්වාස කරන බවයි. අප දැන් කළ යුත්තේ උතුරේ ජනයා සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයකට තල්ලු කරනවා වෙනුවට ඔවුන් මුහුණ දී තිබෙන ඔවුන්ටම ආවේණික ගැටලු හඳුනාගෙන, සමාජයේ පොදු ප්‍රශ්න වලට ඔවුන් ගොදුරු බවට පත් වී තිබෙන බව වළක්වා ගැනීම බවයි. ඒ නිසා නැවත අපේ රටේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාර මතු වීම වැළැක්වීම වන්නේ ඒ ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මඟින් බව ද අනුර කුමාර මහතා සඳහන් කරනවා. 

එම සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා තිබෙනවා. චමුදිත ඇසූ ප්‍රශ්නය මෙම වැඩසටහනේ ආරම්භයේ සිට ගතවූ 16: 07 විනාඩියෙන්ද එතැන් සිට 27:30 වන විනාඩිය පමණ කාලය දක්වා අනුර කුමාර දිසානායක මහතාගේ දීර්ඝ පැහැදිලි කිරීම ද දැක්වෙනවා.

https://youtu.be/klng5mHmSWo?t=1015

“දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝයනුවෙන් එහි පැවසෙන්නේ නැති අතර දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිංහලයා පෝෂණය කරමින්, බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරක් පරාජය කල හැකි යයි යම් අයෙකු විශ්වාස කරන්නේ නම්, එය හිතලුවක් පමණක් බවත්, එබඳු තත්වයක් වැළක්විය හැක්කේ උතුරේ දෙමල ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මඟින් පමණක් බවත්ය.

එමෙන්ම දෙමළ, මුස්ලිම්, සිංහල ජාතිවාදි දේශපාලනයක් මෙරට තිබෙන බවද, ඔහු සඳහන් කළා. (57:32) දෙමළ, මුස්ලිම් අන්තවාදය පරාජය කල හැක්කේ සිංහල ජාතිවාදී ප්‍රවේශයක් හරහා නොවන බවත් පවසමින් ඔහු පැහැදිලි කරන්නේ ජාතිවාදය යනු එකිනෙකා අන්තර් ලෙස පෝෂණය කරමින් වර්ධනය වන්නක් බවයි.

මෙහිදී ඔහු තවදුරටත් පවසා සිටින්නේ දෙමළ, මුස්ලිම් ජාතිවාදී විරෝධය නිර්මාණය කලේ සිංහල ජාතිවාදී කඳවුරකින් බව පසුගිය කාලයේ විශාල ඝෝෂාවක් නිර්මාණය වී තිබු බවත් එම සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය වුයේ ජාතික සමඟිය හරහා ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම බවත්ය. එසේනමුත් වඳ කොත්තු, වඳ ඇඳුම් ඇතුළු සිංහල ජාතිවාදී ප්‍රවේශයක් හරහා පැනනැගී තිබු විශාල ඝෝෂාව නිසා ජ.වි.පෙ කඳවුරේ අදහස් එතරම් ඉදිරියට ආවේ නැති බවත් ඔහු පවසා සිටියා.

ඒ අනුව පෙනීයන්නේ, ජාතිවාදය හෝ බෙදුම්වාදය සම්බන්ධයෙන් අනුර කුමාර මහතා කළ කිසිඳු පැහැදිලි කිරීමකදී ඉහත සඳහන් කළ පළමු ෆේස්බුක් සටහනේ සඳහන් පරිදි “දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යන්න කිසිවිටෙකත් පැවසුවේ නැති බවයි. ඒ හේතුවෙන් එම ෆේස්බුක් සටහන අසත්‍ය වේ.

“JVP එක 03% වැටුනේ මගේ නායකත්වයේ වරදින් නොවේ. මේ රටේ ජීවත් වන ජනතාව මෝඩයෝ හරක් බූරුවන් නිසා, අනුර කුමාර දිසානායක හිරු සලකුණේදීයනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහන පිළිබඳ විමර්ශනය කිරීමේදී දැක ගැනීමට හැකිවූයේ ජ.වි.පෙ 3% සම්බන්ධයෙන් එම වැඩසටහන ආරම්භයේදීම ප්‍රශ්න යොමු කිරීම සිදු කළ බවයි. එහිදී ඔහු ආසන තුන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ගේ මැතිවරණ පෙරමුණේ පසුබෑමක් තිබූ බවට පිළි ගන්නා බවයි. තවද, 3% පාර්ලිමේන්තුවෙන් හෝ ඡන්දයෙන් නියෝජනය නොවුන සමාජම භූමිකාවක් දේශපාලන බලයක් සමාජය තුළ අත්පත්කර ඇති බවයි. (5 :12- 8:10) මෙම දේශපාලන වැඩ සටහනේ ගුවන් කාලය අතරතුර කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනුරකුමාර දිසානායක මහතා ඉහත දෙවන ෆේස්බුක් සටහනේ සඳහන් පරිදි “JVP එක 03% වැටුනේ මගේ නායකත්වයේ වරදින් නොවේ. මේ රටේ ජීවත් වන ජනතාව මෝඩයෝ හරක් බූරුවන් නිසා, නොකියූ බව පැහැදිලි වෙයි.

ඒ අනුව මෙම සටහනද අසත්‍ය වෙයි.

Conclusion (අවසාන නිගමනය)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ “දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යන්න හා  “JVP එක 03% වැටුනේ මගේ නායකත්වයේ වරදින් නොවේ. මේ රටේ ජීවත් වන ජනතාව මෝඩයෝ හරක් බූරුවන් නිසායන්න ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා හිරු සළකුණ දේශපාලන වැඩසටහනේදී පැවසූවා යැයි සඳහන් කරන ෆේස්බුක් සටහන් අසත්‍ය හා ජනතාව නොමග යැවීමට කටයුතු කරන සටහන් බව අප කළ විමර්ශනයේදී තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News