Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

Update: 2021-05-23 09:08 GMT

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්

සමාජ මාධ්‍ය සටහන්:

“වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්..... දැන් සැපද.....????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් ගිණුමක් විසින් හුවමාරු කරගෙන තිබු ෆේස්බුක් සටහනක ගමන් බලපත්‍රයක් බව දැක්වෙන ඡායාරුප සටහනක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Facebook | Archived

එම ඡායරුපයේ දැක්වුණේ කොළඹ වරාය නගරය වෙනුවෙන් වෙනම විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කළ ආකාරයක්.

මෙම ගමන් බලපත්‍රයක් බව පෙන්වන ඡායාරුපය ෆේස්බුක් ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායාරුපය Google Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේ දී මෙය හොංකොං රාජ්‍යයේ (Hong Kong) විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරුපයක් යොදා ගනිමින් සිදුකර තිබෙන සංස්කරණයක් බව පෙනී යනවා. එහි Wikipedia සටහනේ දැක්වුණේ මෙලෙසින්

Wikipedia | Archived

1997 ජුලි 1 වන දින චීනය වෙත ස්වෛරීභාවය පැවරීමෙන් පසු, හොංකොං විශේෂ පරිපාලන කලාපය සඳහා එරට රජයේ ආගමන දෙපාර්තමේන්තුව විසින් මහජන චීන සමූහාණ්ඩුවේ මධ්‍යම රජයේ අවසරය යටතේ නිකුත් කර තිබු විදෙස් ගමන් බලපත්‍රයක, 2007 වසරේ සිට මේ දක්වා යොදාගැනෙන ආකෘතියක් බව එහි දක්වා තිබුණා.

හොංකොං හි නිල භාෂාව චීන සහ ඉංග්‍රීසි බැවින් විදේශ ගමන් බලපත්‍රය චීන (සාම්ප්‍රදායික අක්ෂර) සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මුද්‍රණය කර තිබු බවත් එහි දැක්වුනා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන සහ එම හොංකොං විදේශ ගමන් බලපත්‍රයේ සංසන්දනය පහතින්.

මේ පිළිබඳව අප ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානීගෙන් විමසීමේ දී පවසා සිටියේ ද ඉහත විස්තරයේ පරිදි මෙය හොංකොං විශේෂ පරිපාලන කලාපය සඳහා නිකුත් කර තිබෙන විදේශ ගමන් බලපත්‍රය සංස්කරණ කරමින් සිදුකළ නිර්මාණයක් විනා චීනය විසින් ලංකාවේ කොළඹ වරාය නගර සඳහා කිසිඳු ගමන් බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි.

මේ පිලිබඳ කරුණු දක්වමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී අප සමඟ පැවසුවේ මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් මෙවැනි සටහන් විශ්වාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි ඡායාරුප හුවමාරු කර ගැනීම ද කණගාටුදායක බවයි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බවයි.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පරිපාලන කටයුතු චීනය වෙත පැවරීමෙන් පසුව නිකුත් කර තිබෙන විදේශ ගමන් බලපත්‍රයක ආකෘතියක් යොදාගනිමින් සිදුකර තිබෙන සංස්කරණක්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

Fact Check By: Sahan Perera

Result: Altered

Tags:    

Similar News