FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

Update: 2021-05-31 17:03 GMT

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

The Change Agent නම් ෆේස්බුක් පිටුවේ දැක්වුණේ,

“ජනතා විමුක්ති පෙරමුණ රහසේම ලෝක සෞඛ්‍ය සංවිධානයට ගතු කියයි...

ශ්‍රී ලංකාවට වැළදී ඇත්තේ චයිනිස් වෛරසය!!!

ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අති දූෂිතයි!!!

වහාම පරීක්ෂණයක් ඉල්ලයි!!!

මානුෂීය ආධාර අත්හිටුවන්න කියයි!!!

Facebook | Archived Link

මෙහි දක්වා තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom වෙතට ලිපියක් යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් විසින් වංචා සිදු කරන බවටත් චීනයේ නිෂ්පාදිත සිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව ඩොලර් 15 කට ලබා ගන්නා අතර චීනය අනෙක් රටවලට ඩොලර් 5 ක් පමණ අඩුවෙන් මෙම එන්නත ලබා දෙන බවටත් එන්නත්කරණ ක්‍රියාවලිය දූෂිත බවත් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විමර්ශනයක් කරන ලෙසට ඉල්ලීමක් ද එම ලිපිය මගින් කළ බවට දක්වා තිබුණා.

එමෙන්ම “හිටපු මන්ත්‍රී පුතු නිසා Spa තෙරපිවරියන් 7ක් නිරෝධායනට” යනුවෙන් සඳහන් කරමින් Rohana Chandrakumara යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ නිහාල් ගලප්පත්ති මහතාගේ හා ඒ මහතාගේ පුතුණුවන් වන චතුර ගලප්පත්ති මහතාගේ ඡායාරූපයක් සහිත සටහනකි.

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් Lankalives නම් වෙබ් අඩවියකද පළ වී තිබුණේ මෙලෙසිනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම අනුර කුමාර දිසානායක මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බවට පැවසනෙ ලිපිය සම්බන්ධයෙක් කිසිඳු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් දක්නට ලැබුනේ නැහැ.

අප මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබු‍ණේ, ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ මෙම ලිපිය ජනතා විමුක්ති පෙරමුණට මඩ ගැසීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවට දක්වා තිබු බවයි. එම ලිපිය පහතින්.

Facebook | Archived Link

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයද තහවුරු කළේ, මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූවක් බවයි.

මීට පෙර ද අවස්ථා ගණනාවක දී මෙලෙසින් ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබු අතර එවැනි සටහනක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්

එමෙන්ම නිමල් ගලප්පත්ති මහතාගේ පුතා වන චතුර ගලප්පත්ති කෝවිඩ් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත්දැයි විමසීමට අප තංගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාව සම්බන්ධ කළා.

ඒ මහතා සඳහන් කළේ, මෙතෙක් චතුර ගලප්පත්ති නැමැත්තෙක් කෝවිඩ් හේතුවෙන් රෝහල් ගත කළ බවට වාර්තා නොවන බවයි.

අප මේ සම්බන්ධයෙන් චතුර ගලප්පත්තිගෙන් ද විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමා මෙතෙක් නිරෝගී සුවෙන් සිය තලවතුගොඩ නිවසේ සිටින අතර තමන්ට කෝවිඩ් වැළඳුනු බවට හා තමා රෝහල් ගත කළ බවට පැවසෙන පුවත් හා ඒ සමග ගෙතුණු අනෙක් පුවත් ව්‍යාජ ලෙස සැකසූ පුවත් බවත් ජනතා විමුක්ති පෙරමුණට හා තමන්ට අපහාස කිරීමට මෙලසෙ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බවයි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනවලට අනුව පෙන්වා දිය හැක්කේ අනුර කුමාර දිසානායක මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ වංචාවක් සිදුවන බවට යොමු කළ ලිපියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි.

චතුර ගලප්පත්ති කෝවිඩ් හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවට පළ වන පුවත් ව්‍යාජ බවට තංගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා තහවුරු කළා. ඒ අනුව එම පුවතද අසත්‍ය බවට පෙන්වා දිය හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News