FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?

Update: 2021-10-07 05:32 GMT

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය, මුල්‍ය ගනුදෙනු සහ අපරාධ යනාදිය ඇතුළත් බව පැවසෙන පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් වී තිබීමත් සමඟම ඇය රාජපක්ෂ පවුලේ ඥාතිවරියක්ද බැවින් ඒ පිලිබඳ විශාල කතිකාවතක් සමාජයේ ඇතිවී තිබෙනවා.

මෙවන් පසුබිමක දේශපාලනයට සම්බන්ධ රාජපක්ශ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට හානි කිරීමට මෙලෙස පැන්ඩෝරා පත්‍රිකා පළ කරනු ලබන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පැනඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් යනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවට වාර්තා කර තිබූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලිකයින් 1400ක් අතර සංසරණය වී තිබෙනවා.

එම ෆේස්බුක් සටහනට පාදක වූ CNNLANKA ‍වෙබ් වාර්තාව මෙතනින්.

Archived Link

එම වාර්තාවේ සඳහන් කර තිබුණේ, පසුගිය 04 වන දා මුදල් අමාත්‍යංශයේ පැවති රැස් වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහාතා පවසා ඇත්තේ, මෙම පැනඩෝරා පත්‍රිකා වලට හිටපු අමාත්‍යවරියක වන නිරුපමා රාජපක්ෂගේ නම ඇතුළත් කිරීම සිදුකර තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු දේශපාලනයට සම්බන්ධ රාජපක්ශ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට හානි කිරීමට බවයි. තවද හිටපු අමාත්‍යවරියට එල්ල කර තිබෙන මෙම චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවත් මෙම පැනඩෝරා පත්‍රිකා අන්තර්ජාලයේ පළකරනු ලබන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වූ බව එහි සඳහන් ව තිබුණා.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු ලෝක නායකයන්, දේශපාලනඥයින්, කෝටිපතියන්ගේ, සුප්‍රකට චරිත මෙතම් ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකගේ රහස්‍ය මුල්‍ය ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය ඇතුළු කාරණා සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව පැන්ඩෝරා ලේඛනවලින් ලොව පුරා වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය මුල්‍යමය ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂගේ නමද එහි ඇතුළත් වී තිබුණේ මෙලෙසින්. Archived Link

ඉහත සමාජ මාධ්‍ය සටහන් වලට අනුව පැන්ඩෝරා ලේඛන අන්තර්ජාලයේ පළකරනු ලබන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වල පළ කර තිබුණාද යන්න අප නිරීක්ෂණය කළ අතර එවන් ප්‍රකාශයක් දැක ගන්නට ලැබුනේ නැත.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු වෙබ් වාර්තාවට අනුව පසුගිය ඔක්තෝබර් 04 වන දා මුදල් අමාත්‍යංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බවට සඳහන් කර තිබූ බැවින් එදින බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළවූ පුවත් වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා. එහිදීද අනාවරණය වූයේ මාධ්‍ය මේ ආකාරයේ අදහසක් එදින දක්වා නොමැති බවයි.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවක් එදින පැවති අතර එහිදී, වත්මන් ගෝලීය වාතාවරණයට මුහුණ දීම සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව විදේශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වල දැක්වුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයාව සම්බන්ධ කර ගත් අතර ඔහු ද තහවුරු කර සිටියේ අමාත්‍යවරයා පැන්ඩෝරා ලේඛන සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු නොකර ඇති බවයි.

සැබවින්ම පැනඩෝරා පත්‍රිකා එළිකරන්නේ කවුරුන්ද?

රටවල් රැසක මාධ්‍යවේදීන් 600කට වැඩි දෙනෙකු මාස ගණනාවක් පුරා විමර්ශන සිදු කරමින්, වොෂිංටන්හි 'ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය' (ICIJ) විසින් මෙම දත්ත ලබා ගෙන ඇති අතර, ඔවුන් මෙතෙක් සිදු කළ ලොව විශාලතම විමර්ශනය වන මෙය සඳහා මාධ්‍ය සංවිධාන 150 ක පමණ සමඟ කටයුතු කරමින් පැන්ඩෝරා හෙළිදරව්වට මිලියන ගණනාවක ලිපි ලේඛන, ඡායාරූප, ඊමේල් සහ spreadsheets යනාදිය ඇතුළත්ව තිබෙන බව මෙසේ වාර්තා වෙනවා.

මීට පෙර ද මේ ආකාරයේ විමර්ශන රැසක් ICIJ විසින් සිදුකර තිබු අතර පැනමා පත්‍රිකා සඳහා Pulitzer ත්‍යාගය ඇතුළු ත්‍යාග රැසක් හිමිවී තිබෙනවා. ඇමරිකාවට අමතරව යුරෝපීය, ඕස්ට්‍රේලියානු ඇතුළු රටවල් රැසක සේවක පිරිසක් සමඟ කටයුතු කරන මෙම ආයතනය ලාභ නොලබන (non-profit) ආයතනයක් බවත් විවිධ ආයතනය සහ පාර්ශවයන්ගේ පරිත්‍යාග මගින් අරමුදල් සපයා ගනු ලබන බවත් ඔවුන්ගේ වෙබ් අඩවියේ මෙසේ දැක්වෙනවා.

නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ සැමියා සම්බන්ධයෙන් පළ වූ පැන්ඩෝරා ලේඛන:

රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නමද මෙහි සඳහන් වී තිබුණා. නඩේසන් මහතාගේ Pacific Commodities Ltd. නමින් සමාගමක් යුරෝපයේ චැනල් දූපත් වල 1990 තරම් අතීතයේ සිට පිහිටුවා තිබූ බවත් එතැන් පටන් විවිධ අවස්ථාවල දී මේ ආකාරයේ විදේශයන්හි පිහිටුවා තිබු (offshore) සමාගම් හරහා ඩොලර් මිලියන ගණනින් සිදුකල ක්‍රියාකාරම් පිළිබඳ තොරතුරු අඩංගු බව සඳහන්. මුදල් විශුද්ධිකරණයේ එක් පියවරක් ලෙස මේ ආකාරයේ විදෙස් රටවල් කිහිපයකම ආයතන පිහිටුවා ඇති බවත් පැන්ඩොරා වර්තා අනාවරණය කරයි.

ලන්ඩනයේ සහ සිඩ්නි හි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව පාලනය කළ භාවිතා කළ ෂෙල් සමාගමක් යොදාගත් බවත්, නඩේෂන් වෙනත් ෂෙල් සමාගම් රහසිගතව පිහිටුවන ලද අතර, ඔහු ඒවා භාවිතා කරමින් ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපාර කටයුතු කරන විදේශ සමාගම් වලින් උපදේශක කොන්ත්‍රාත් යනාදිය ලබා ගැනීමටත් එසේම කලා කෘති මිලදී ගැනීමටත් කටයුතු කර ඇති බවත් මෙසේ සඳහන්.

මීට අමතරව වෙනත් අක්වෙරළ සමාගම් සහ ඒවායේ සැකසහිත ගනුදෙනු කිහිපයක් පිළිබඳව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවම මෙම පැන්ඩෝරා පත්‍රිකා තුළ ඇතුළත්. මේ පිලිබඳ දීර්ඝ වාර්තාවක් මෙතනින්

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් ඔවුන්ගේ අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කරන්නේ.

පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ කටයුතු කිරීමට රජය ගෙන තිබු තීරණ:

පාර්ලිමේන්තුවේදී ද ඊයේ(05) දිනයේදී, පැන්ඩෝරා ලේඛණ සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් ඇති වූයේ මෙලෙසින්.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙණු පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (06) නියෝග කර තිබුණා.

ජනාධිපතිගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ බව ලිඛිතව ද දැනුවත් කර තිබෙන බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ (05) පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡා වූ බවද සඳහන් කළ අමාත්‍යවරයා,වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිවෙකුට මෙම පැන්ඩෝරා පත්‍ර මඟින් ඇඟිල්ල දිගු කර නොමැති බවද පවසා සිටියා. එම වීඩියෝව මෙතනින්.

මේ අතර තමන් සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් මහතා ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතට ඔහු විසින් යොමු කළ බව දැක්වෙන ලිපිය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පැන්ඩෝරා පත්‍රිකා පළකරනු ලබන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසූ බවට පළ වන සටහන් අසත්‍ය බවයි. මෙම අදහස් පසුගිය ඔක්තෝම්බර් 04 වන දා මුදල් අමාත්‍යංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසු බවට සඳහන් කර තිබුණ ද එදින මේ ආකාරයේ කිසිදු ප්‍රකාශයක් බැසිල් රාජපක්ෂ අමත්‍යවරයා විසින් දක්වා තිබුනේ නැත. එමෙන්ම මෙය අසත්‍ය ප්‍රචාරයක් බවට අමාත්‍යවරයාගේ ලේකම්වරයාද තහවුරු කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News