FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

Update: 2022-04-11 05:59 GMT

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සම්බන්ධ කරගනිමින් ඔහු කළ ප්‍රකාශයක් බවට හැගවෙනසේ සටහනක් ෆේස්බුක් හරහා හුවමාරු වූයේ මේ ආකාරයෙන් .

Facebook | Archived

එහි දක්වා තිබුණේ රට පුරා අරගල කරන ජනතාව, තමාව ජනපති පුටුවේ වාඩි කිරීමට ඇගිලි ගනිමින් සිටින බවත් ඔවුන් වෙනුවෙන් තමාද පෙනී සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සැසිවාරයක් අතුලත පැවසු ආකාරයයි.

මේ සම්බන්ධව පැතිර තිබුණු තවත් සටහනකි මේ .

Facebook | Archived

මෙම සටහන් සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයකි මේ .

මේ එම සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර පැවති ආකාරයයි.

මේ හා සමාන තවත් සටහනක් එක් කරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග සත්‍යග්‍රහයකට සම්බන්ධ වන බවට එකගතාවකට පිවිස ඇති බවට ප්‍රචාරයක් පතුරවා හැර තිබුණු ආකාරය පහතින්.

Facebook| Archived

මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා .

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

මෙම සටහන් මගින් හැගවීමට උත්සාහ කර තිබුණේ විපක්ෂනායකවරයා මගින් මෑතදී ආරම්භවූ ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඔහු විසින් පැවැත්වූ කතාවකදී මෙම අදහස් දැක්වූ බවයි.

අප විසින් ඔහු මෙවැනි ආකාර ප්‍රකාශයක් මෑතදී පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් පවසා ඇද්දැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නිරීක්ෂණය කළා.එහිදී අපිට දැකගන්නට ලැබුණේ ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

දැනට සතියකට පමණ පෙර ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස වැටලීමත් සමග රට පුරා ව්‍යාප්තවුණු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලින් පසුව පාර්ලිමේන්තුව රැස්වුණේ පසුගිය අප්‍රේල් 5 වැනිදායි.එහිදී විපක්ෂනායකවරයා විසින් රටේ පවතින තත්ත්වය පිළිබදව විශේෂ ප්‍රකාශයක් සිදු කළා.එම ප්‍රකාශය තුළදී ඔහු සදහන්කළේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවයි.(පහත වීඩියෝවේ 11- 13 මිනිත්තුව දක්වා නරඹන්න )සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයට තමන්ව රටේ මුල් පුටුවට හෙවත් ජනාධිපති ධූරයට පත් කළ යුතු බවත් ඔහු එහිදී පැවසුවේ නැහැ.එම වීඩියෝව නැරඹිය හැකියි පහතින්.

https://www.youtube.com/watch?v=8j8R2GLlQoo

විපක්ෂනායකවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කල පසු ඉහත සදහන් කල සමාජ ජාලා සටහන් පැතිර තිබෙන ආකාරයක් අපට නිරීක්ෂණය වුණා .මෙම සටහන් පැතිර තිබුනේ අප්‍රේල් 6වැනිදා සිටයි.

විපක්ෂනායකවරයාගේ මාධ්‍ය අංශයද පවසා සිටියේ ඔහු කිසිදු අවස්ථාවක සමාජ ජාලා වල සදහන් ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මගින් සංවිධානය කිරීමට කටයුතු කල උද්ඝෝෂණ වල සිටි ඇතැම් කඨිකයන් මගින් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සම්බන්ධව සිටින ආණ්ඩුවක් පිහිටවීම හා සම්බන්ධව සහයෝගයක් දක්වන ආකාරයේ මත පළ කර සිටින ආකාරයක් දක්නට ලැබුණා .ඒ හා සම්බන්ධ වීඩියෝවක් පහතින් .

Full View

විපක්ෂනායකවරයා රාජපක්ෂවරු සිටින ආණ්ඩුවක තනතුරු බාර ගැනීමට හෝ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවත් , රාජපක්ෂවරු නොසිටින වෙනත් විකල්පයක් සම්බන්ධයෙන් කටයුතු කල හැකි බවත්,ආණ්ඩුවට ප්‍රශ්න විසදීමට නොහැකිනම් සජබය රටේ වගකීම භාර ගැනීමට සූදානම් බවත් පාර්ලිමේන්තුවේදී පවසා තිබුණා.ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින්.(6 වන මිනිත්තුව බලන්න ).

Full View

රට ගොඩනගන පැහැදිලි වැඩපිලිවෙලක් සජබය සතුව පවතින බව සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා උත්සව අවස්ථාවකට සම්බන්ධවෙමින් පවසා සිටියේ මෙලෙසින්.

Full View

සමාජ ජාලා සටහන් මගින් පැවසෙන තවත් කරුණක් පිළිබදවද අප සොයා බැලුවා.විපක්ෂනායකවරයා විසින් ගාලු මුවදොර අරගලකරුවන් සමග  සත්‍යග්‍රහයකට එක්වන බවට පවසා තිබූ බවත් කිසිම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබුණේ නැහැ.එමෙන්ම ඔහු එසේ පවසා තිබූ බවත් අප විසින් සිදු කළ ගවේෂණයේදීද අනාවරණය වූවේ නැහැ.විපක්ෂනායක මාධ්‍ය ඒකකයද තහවුරු කර සිටියේ ඔහු  විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කළ ගවේෂණයේදී තහවුරු වූවේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් ජනතාව මේ දිනවල උද්ඝෝෂණයේ යෙදෙන්නේ තමන්ව රටේ මුල් පුටුවට හෙවත් ජනාධිපතිධූරයට පත් කිරීමට බව නොපැවසූ බවයි. ඔහු පැවසුවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවට බැරිනම් රටේ වගකීම බාරගැනීමට සජබය සූදානම් බවත් ඔහු පැවසුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News