ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

Update: 2023-09-20 05:03 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය භාවිතා කිරීමට පෙළඹුණා.

මෙම ලාංඡනය දක්වමින් ඉදිකර ඇති බස් නැවතුම්පළක ඡායාරූපයක් හේතුවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් නොමග යවන සුළු සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජනතා විමුක්ති පෙරමුණ විසින් බස් නැවතුම්පොළක් ඉදිකර ඇති අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙම බස් නැවතුම්පළ ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය විසින් ඉදි කර ඇති බව ට උපකල්පනය කර ඇති බවයි.

මාලිමාව ජයග්‍රහණය කළ පසු මාවතගම සමූපකාරය විසින් දියත් කළ CSR වැඩසටහන යටතේ මාවතගම කනිෂ්ඨ විදුහල ඉදිරිපිට ඉදිකළ බස් නැවතුම යනුවෙන් තව ත් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන X (Twitter) ඔස්සේ සංසරණය වී තිබුණු අවස්ථාවක් මෙතනින්.

https://twitter.com/jinath/status/1703980008598024654

Archived Link

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

තොරතුරු විමර්ශනය කිරීම :

ඉහත ඡායාරූපය අප ජවිපෙ ප්‍රධාන නිල ෆේස්බුක් පිටු ඔස්සේ පරීක්ෂාවක් සිදු කළද ඉහත ඉදි කිරීම සම්බන්ධයෙන් එම පිටු හරහා තොරතුරු නොලැබුණි. එමෙන් ම එම බස්නැවතුම් පොළේ දක්වා ඇති ලාංඡනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලාංඡනයට සමාන බැවින් අප එම පක්ෂයේ නිල ෆේස්බුක් පිටු හරහා ද එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඡායාරූපයක් දක්වා නොතිබුණි.

ඒ අනුව අප එම බස් නැවතුම්පොළේ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා, එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ගාල්ල, කනංකෙ නම් ගම්මානයේ ඇති ‘මනුජය මිතුරෝ’ නමින් පිහිටුවා ඇති සංගමයක් විසින් මෙම නිර්මාණය සහිත බස් නැවතුම්පළක් ඉදිකර බවට දක්වා තිබූ සටහනකි. එමෙන්ම බස් නැවතුම්පළ කනංකේ සිරිපැරකුම්භා පාසලේ විදුහල්පති තුමිය විසින් ප්‍රදේශවාසීන්ට විවෘත කළ බව ද, එහි වැඩි දුරටත් දක්වා තිබුණි.

Facebook | Archived Link

එමෙන්ම අපේ ගම කනංකේ / kananke sri lanka නම් එම ගම්මානය සම්බන්ධ තොරතුරු පළ කර ඇති ෆේස්බුක් සමූහයේ ද ඉහත බස්නැවතුම් පළ සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

තවද ඇතැම් ෆේස්බුක් සටහන් පෙන්වා දුන් පරිදි මෙය මාවතගම මාර්ගයක් නොවන බවත්, ගාල්ල ,අකුරැස්ස මාර්ගයේ කනංකේ පාසල ඉදිරිපිට ස්ථානය බව ත්, අප Google Maps හරහා ද, තහවුරු කර ගන්නා ලදී.

කනංකේ 'මනුජය මිතුරෝ' සංවිධානය

කෙසේ වෙතත් අප කනංකේ 'මනුජය මිතුරෝ' සංවිධානයේ දිනිල් නයනාත් නමැති සාමාජිකයෙකු දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, මේ ආකාරයෙන් බස් නැවතුම්පළ නිර්මාණය කිරීමේදී දෑකැත්ත සහ මිටිය ද යොදාගත්තේ කම්කරු ජනතාව සංකේතවත් කිරීම යන යන අර්ථය ඇතිව බවත්, කිසිදු පක්ෂයක දායකත්වයක් නොමැති බවයි. එමෙන් ම, දැනට වසර කිහිපයකට පෙර සිට ගම්මානයේ සිටින සාමාජිකයන් එකතුව මෙම සංගමය පිහිටුවා ඇති අතර නොයෙකුත් ප්‍රජා කටයුතු කිරීම මෙම සංවිධානය හරහා සිදු වන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ඒ මහතා හරහා අප කනංකේ 'මනුජය මිතුරෝ' සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන අජිත් ප්‍රියන්ත මහතා ව ද සම්බන්ධ කර ගත්තා. ඒ මහතා ද පැවසුවේ, මෙම නිර්මාණය අගය කිරීම වෙනුවට, තමාගේ දේශපාලනික පසුබිම යොදාගනිමින් මෙය ජාතික ජන බලවේගයට ලඝු කිරීමට ඇතැම් පාර්ශව බාල උත්සාහයක් දරන බවයි. තමා ජාතික ජන බලවේගයට හිතවත්ව ක්‍රියා කිරීම හේතුවෙන් පොදු කටයුත්තක දී වුවුද දේශපාලනය ඈඳා ගැනීමක් සිදුවන බවත්, මෙය තමාගේ හෝ ජාතික ජන බලවේගය විසින් සිදුකළ නිර්මාණයක් නොව, කනංකේ 'මනුජය මිතුරෝ' සංවිධානය විසින් සිදුකෙරෙන ස්වෙච්ඡා කටයුතු වලින් එකක් පමණක් බවයි සභාපතිවරයා පවසන්නේ.

කනංකේ සිරිපැරකුම්භා විදුහල ඉදිරිපිට බස් නැවතුමේ ගුරුවරු සහ සිසු දරුවන් සහ දෙමව්පියන් අව් වැසි මධ්‍යයේ පීඩා විඳින ආකාරය දැකීමෙන්, මිතුරු සංවිධානයේ සාමාජිකයන් විසින් ම යෝජනා වූ පරිදි මෙම නිර්මාණය සිදු කිරීමට මුල් පිරුවේ කොවිඩ් ව්‍යසනයටත් පෙර බවත් ඒ මහතා අවධාරණය කර සිටියා. Google Maps ඔස්සේ අවසන් වරට 2018 වසරේ ලබාගෙන තිබු සේයාරුවේ ද එම ස්ථානයේ බස් නැවතුම්පළක් දක්නට ලැබෙන්නේ නැහැ.

අවශ්‍ය අනුමැතිය මීට වසර කිහිපයකට පෙර ලබාගැනීමෙන් පසුව, විවිධ දුක්ෂරතා මධ්‍යයේ වුවද මෙම නිර්මාණය අවසන් කළ බවත්, විශේෂයෙන්ම කුමාර නම් සාමාජික මහතෙකුගේ නිර්මාණ දායකත්වය යටතේ ඔහුගේ ගෝලයෙකුගේ සහය මේ සඳහා ප්‍රධාන වශයෙන් ලැබුණු බවත්, අනෙකුත් සුළු වැඩ සඳහා මිතුරු සංගමයේ සාමාජිකයින් සියල්ලම දායක වූ බවත්, බාහිර පුද්ගලයන් කොන්ත්‍රාත් වැඩ සඳහා යොදාගත්තේ නැති බවත්, මේ පිලිබඳ දිවා රෑ නොබලා වෙහස වී වැඩ කළ ආකාරය පිලිබඳ ගම්වැසියන් දන්නා බවත්, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සාමාජිකයින් හරහා ම ලබාගත් බවත් සභාපතිවරයා පැවසුවා.

කනංකේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්

මේ පිළිබඳව අප කනංක ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ද සම්බන්ධ කරගත් අතර ඒ මහතා ද පැවසුවේ කනංකේ ගමේ තරුණ පිරිසක් එකතුව පිහිටුවාගෙන තිබු සංවිධානයක් මඟින් මෙම බස් නැවතුම්පළ ගොඩනගා ඇති බවත්, එම සංවිධාන විවිධ දේශපාලන පක්ෂවල හිතවාදී පිරිසගෙන් සැදුම්ලත් බවත්, මෙම නිර්මාණයේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ගමේ අසිරිය ද ඉස්මතු වෙමින් කලාත්මක නිර්මාණයක් ඔස්සේ ගමට ප්‍රසිද්ධියක් ලබාගැනීම උදෙසා බවයි. එසේම කවි, නිසඳැස් වැනි නිර්මාණය ඇතුළු දැන්වීම් ද පලකිරීම සඳහා මෙම බස් නැවතුම්පළේහි දැන්වීම් පුවරුවක් ද තනා තිබෙන බව ද පවසා සිටියා. එම පුවරුව මෙතනින්

මෙම කාර්යයට සම්බන්ධ වී තිබු පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමේ දී ජාතික ජන බලවේගයට සම්බන්ධ සටහන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂයන්ට සම්බන්ධ සටහන් ද එහි ඇතැම් පුද්ගලයින් විසින් හුවමාරු කරගෙන තිබු ආකාරයක් අපට අවස්ථා කිහිපයක දී දැක ගන්නට ලැබුණා.

ජාජබ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය

අප මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන් කළේ, මෙය සංවර්ධන ව්‍යාපෘතියක් හෝ පක්ෂයක වැඩක් නොවන බවත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නොමැති බවයි. එමෙන් ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මාධ්‍ය අංශය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ කිසිදු ඉදිකිරීමක් එම පක්ෂය විසින් සිදු කර නොමැති බවයි.

ඉන්දියාවේ කේරළයේ ද මීට සමාන බස් නැවතුම්පළ රැසක්

තව දුරටත් අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කළ පරික්ෂාවේ දී දැකගන්නට ලැබුණේ ලංකාවෙන් මීට පෙර මේ ආකාරයේ බස් නැවතුම්පළක නිර්මාණයක් පිලිබඳ වාර්තා නොවුව ද ඉන්දියාවේ, කේරළයේ මෙම ආකෘතියෙන්ම දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කර තිබූ බස් නැවතුම්පළ රැසක් දැකගනන්ට ලැබෙන බවයි. එවැනි කේරලයේ කොල්ලම් ප්‍රදේශයේ දී නිර්මාණය කර තිබු බස් නැවතුම්පළක ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

Alamy| Archived Link

එමෙන් ම එම අනුරුවට සමාන අයුරුන් ඉදිකර ඇති ඉන්දියාවේ කේරළයේ ඇති තවත් බස්නැවතුම් පළවල ඡායාරූපය පෙලක් X (Twitter) ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link. ඉන්දියාවේ සමාජවාදී පක්ෂය CPI(M) යොදාගන්නේ ද මෙම සලකුණයි.

Update : 23/09/23

එසේම මෙම "මතභේදයට තුඩුදුන් බස්නැවතුම්පොල ජවිපෙ අධ්‍යාපනය අඩු පහල මට්ටමේ සාමාජිකයන් පිරිසකගේ වැඩක්. ඔය දෑකැති මිටි සංකල්පවලින් ඈත්වෙන්න තමයි මාලිමාව නිර්මාණය කළේ" යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසූ බවට සටහනක් Whats App ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

බිමල් රත්නායක මහතා විසින් එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා ඔස්සේ අප පරීක්ෂා කළ අතර, බිමල් රත්නායක මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ද, ඒ මහතා විසින් තහවුරු කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

Written By: Fact Crescendo Team

Result: Insight

Tags:    

Similar News