මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

Update: 2024-09-18 13:32 GMT

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත.

තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල හා එදින දහවල් 12.00 ප්‍රවෘත්ති විකාශ වල පමණක් විකාශය කළ යුතු බවට මැතිවරණ කොමිෂම් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

ඉන් පසුව කිසිදු ප්‍රචාරක රැස්වීම් වල දර්ශන/ ඡායාරූප හා විස්තර සම්බන්ධයෙන් වාර්තා හෝ වෙනත් ප්‍රචාරක දැන්වීම් ආදී කිසිවක් විකාශය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වළකින ලෙසත් අදාළ නිවේදනයේ සඳහන්.මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබේ.

මේ වනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා
ලැබී නොමැති ඡන්දදායකයින් වෙත ද නිවේදනයක් නිකුත් කරමින් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කර සිටින්නේ, ප්‍රදේශයේ තැපැල් ස්ථානය වෙත ගොස්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි.

තැපැල් ස්ථානයේ ද ඔබගේ ඡන්ද පත්‍රිකාවක් ලැබී නැති වුනත් , ඡන්දය සළකුණු කිරීම සඳහා ඔබට ලබා දී ඇති ඡන්ද පොළ ඔබ දන්නේ නම්, ඔබේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තිබේනම්, ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුවපවතී නම්, ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පවතී. ඒ පිලිබඳ විස්තර මෙතනින්

Tags:    

Similar News